
කොරෝනා එන්නත් විදේශ රටවලින් මෙරටට ගෙන්වීමට අතරමැදියන්සේ ඉදිරිපත් වූ ඇතැම් පෞද්ගලික අංශයේ සමාගම් ෆයිල්වුඩ් තුනී ලෑලි ගෙන්වන, කන්ටෙනර් බිස්නස් කරන සහ නැව් භාණ්ඩ ප්‍රවාහන කරන ඒවා බවට තොරතුරු හෙළි වී ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපැයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
කොරෝනා එන්නත් සඳහා ලෝකය පුරා කළු කඩ වෙළෙඳපොළක් නිර්මාණය වී ඇති හෙයින් ඉන් පරිස්සම් විය යුතු බව ද මහාචාර්යවරයා ප්‍රකාශ කළේය. ඇස්ට්‍රොසෙනිකා එන්නත් ඩුබායි, අබුඩාබි, සාජා, කැනඩාව, ප්‍රංශය හා ඕස්ට්‍රේලියාව යනාදී රටවල පෞද්ගලික සමාගම් සතුව පවතින බවත්, එම සමාගම්වලින් එන්නත් ගෙවීමට මෙරට පෞද්ගලික සමාගම් ගණනාවක් අතරමැදියන් ලෙස සම්බන්ධ වීමට කැමැත්ත පළ කළ බවත් ඔහු කීය.
ගෙන්වන එන්නත් මවු සමාගමේ ඒවා දැයි තහවුරු කරගැනීමට අදාළ ලියකියවිලි ඉදිරිපත් කරන්නැයි දැනුම් දුන් අවස්ථාවේ දී ඇතැම් සමාගම් ඉන් එහාට කටයුතු නොකළ බව ද චන්න ජයසුමන මහතා සඳහන් කළේය. එන්නත් ගෙන්වීමේදී ඒවා නිවැරැදි ඒවා දැයි තහවුරු කරගැනීම රජයක වගකීම බව ඔහු කීය.
(සුජීත් හේවාජුලිගේ)
Comments
Post a Comment
Your comment will be visible after approval