
රට තුළ පවතින කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් එල්.පී. එ තරගාවලිය තාවකාලිකව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ.
ක්‍රිකට් බලධාරීන් අතර පැවැති සාකච්ඡාවකින් පසුව තරගාවලිය අගෝස්තු අග දක්වා කල්දැමීමට තීරණය කර ඇති බව දැනගන්නට ලැබේ. මෙම තරගාවලිය ජූලි මස 30 වැනිදා සිට අගෝස්තු 22 වැනිදා දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මින් පෙර සැලසුම් කර තිබුණි.
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සහ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී පැවැත්වීමට නියමිතව ඇති හෙයින්, ඊට පෙර හෝ ඉත්පසුව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට සිදුවනු ඇත. නැතහොත් එම තරගාවලි සඳහා සහභාගිවන නම් දැරූ විදෙස් ක්‍රීඩකයන් ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට එක් නොවනු ඇත. පළමු වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගිය වසරේ නොවැම්බර් 26 සිට දෙසැම්බර් 16 දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සාර්ථකව පැවැත්විණි. යාපනය ස්ටැලියන්ස් , ගාල්ල ග්ලැඩියේටර්ස්, මහනුවර ටස්කර්ස්, දඹුල්ල වයිකින් සහ කොළඹ කිංස් යන කණ්ඩායම් 5 ක සහභාගීත්වයෙන් පැවැති තරගාවලියේ ශූරතාවය ජැෆ්නා ස්ටැලියන්ස් පිල විසින් දිනාගන්නා ලදී.
Comments
Post a Comment
Your comment will be visible after approval