education-change

කැමති ඕනෑම දරුවකුට රජයේ පාසල්වල ප්‍රාථමික අංශයේ සිට අ.පො.ස. උසස් පෙළ දක්වා ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරීම සඳහා අවස්ථාව ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමට අවධානය යොමු වී ඇතැයි අධ්‍යපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසා තිබේ.
මේ කතාව සම්බන්ධයෙන් දැන් සංවාදයක් හටගෙන තිබේ.
 මේ වැඩපිළිවෙළ පළමුවෙන්ම නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා නුගේගොඩ ගංගොඩවිල විජයරාම විද්‍යාලය ඒ වෙනුවෙන් විශේෂයෙන් සංවර්ධනය කිරිමට පියවර ගෙන ඇතැයි ද ලේකම්වරයා ප්‍රකාශ කර ඇති අතර කරුණු සොයා බැලීමටත් අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කිරීම සඳහාත් අධ්‍යාපන විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇතැයි ඔහු කියා තිබේ.

මෙරට පාසැල් වල පාසල් වල ප්‍රාථමික පංතිවල ඉංග්‍රීසියෙන් ඉගැන්වීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් කපිල පෙරේරා මහතා විසින් කළ ප්‍රකාශයකට ජාතික සංවිධාන එකමුතුව විරෝධය පළ කර තිබේ. සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ හීනමානයෙන් පෙලෙන කළු සුද්දන් මේ ආකාරයෙන් කටයුතු කරන බවයි.




‘දැනට ලෝකයේ පිළිගත් මතය වන්නේ තමන්ගේ මව් භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීම මගින් දරුවන්ගේ මානසික සංවර්ධනයට ප්‍රභල ධනාත්මක බලපෑමක් සිදුවන බවයි.හීනමානයෙන් පෙළෙන කළු සුද්දන්ට ඒවා අදාල වන්නේ නැහැ.

ඉංග්‍රීසි භාෂාවක් ලෙස අපේ රටේ දරුවන්ට ඵල්දායි ලෙස ඉගැන්වීමට අසමත්ව තිබෙන අපේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෝරා ගත් ළමුන් පිරිසකට ඉංග්‍රීසියෙන් ඉගැන්වීම මගින් ප්‍රාථමික අධ්‍යාපනය දීමට සැරසෙන්නේ සද්භාවයෙන් නම් නොවෙයි. මේ අය නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් පුද්ගලයන් නොවෙයිද?

සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතා මොවුන්ට තම සොහොනේ සිට ශාප කරනවා නොඅනුමානයි. මේවා කරන්නේ දරුවන්ට ආදරයෙන් නම් නොවෙයි. නිදහස් අධ්‍යාපනයේ පදනමම විනාශ කිරීමයි මෙවැනි අමනෝඥ ක්‍රියා කිරීමට පෙළඹෙන අයගේ බලාපොරොත්තුව..”ඔහු ප්‍රකාශ කර තිබේ.