
වෛද්‍යවරයෙකු බව අඟවා මෝටර් රථයකින් ගංජා ප්‍රවාහනය කළ පුද්ගලකෙු මරදාන ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි. ඔහු සන්තකයේ තිබී ගංජා ග්‍රෑම් 38 ක් සොයා ගෙන ඇති අතර,
වැඩිදුර පරීක්ෂා කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඔහු වෛද්‍යවරයෙකු නොවන බවයි. මේ අතර, මරදාන ප්‍රදේශයේදීම නාවික හමුදා සාමාජිකයන් භාවිත කරන ආකාරයේ කමිසයකින් සැරසුණු පුද්ගලයෙකු ළඟ තිබී අයිස් සහ ගංජා තොගයක් පොලීසිය සොයා ගෙන තිබෙයි.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 ක් සහ ගංජා මිලිග්‍රෑම් 610 ක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේය.
Comments
Post a Comment
Your comment will be visible after approval