ලංකාවේ මිනිස්සුන්ගේ මතයක් තියනවා කාන්තාවක් දියුණු වෙන්න අමාරුයි, කාන්තාවකට තමන්ගේ ම කෙළ ව්‍යාපාරයක් පටන් ගන්න එක හරි අමාරු දෙයක් සහ එහෙම කරන එක හරි නෑ කියන මතයක්..  අන්න ඒ වගේ ප්‍රශ්නාර්ථයක් කාන්තාව ඉස්සරහ තියලා තියෙනවා. හැබැයි අන්න ඒ ප්‍රශ්නාර්ථට අභියෝගයක් කරගෙන ගිහිල්ලා තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් අරගෙන අද වෙනකොට තව කෙනෙක්ට ඈ දිහා දැකලා හැදෙන්න පුලුවන් මට්ටමේ ජීවිතයක් ගත කරන තරුණියක් තමයි අද අපිත් එක්ක එකතු වන්නේ .ඇගේ විශේෂත්වය තමයි ඇය මේ දේ කරන්නේ තමන්ගේ අවුරුදු විස්සක් වන පුංචි වයස ඇතුලේ..

නම මොකක්ද?
ලක්ෂිකා රිද්මි මෙඛළා මාරකන්ද.

රිද්මි කියන්නකො තමන්ගේ ආරම්භය, ඒ කියන්නේ බිස්නස් එක පටන් ගන්න කලින්  සාමාන්‍යයෙන් ගෙදර පසුබිම සහ ඔබේ අධ්‍යාපනය ගැන?

මගේ ඉස්කෝලය නුගේගොඩ අනුලා විද්‍යාලය .පොඩි කාලේ කොහුවල. දැන් ඉන්නේ කහතුඩුව. ඒ වෙනකොට අපේ පවුල් පසුබිමෙන් ලොකු වත්කමක් තිබ්බෙ නැහැ. ඊට පස්සේ 2017 වර්ෂයේ උසස් පෙළ ඉවර කරලා මම උසස් පෙළ අවසන් කළ සතියක් විතර ඇතුලත කොකාකෝලා ආයතනයට මගේ අයදුම්පතක් යවනවා රැකියාවක් සඳහා .කුමක් හෝ රැකියාවක් සඳහා තමයි මම අයදුම්පත යොමු කරන්නේ.


ඒ කියන්නේ ඔබගේ කුමක් හෝ ආසාවක් තියෙනවා කොකාකෝලා ආයතනයෙන් වැඩ කරන්න එහෙමද?

අනිවාර්යෙන් .කොකා කෝලා ආයතනය පළමුවරට දකින්නේ ඊට සති තුනකට විතර කලින් ඊට පස්සේ නින්දෙන් හැමවෙලේම පේන්න ගන්නේ කොකාකෝල ආයතනය රැකියාවක් කරන එක.. ඒක හීනයක් වෙනවා. ඊට පස්සේ මට ඕන වෙනව රැකියාවක් ඒ ආයතනය තුළ කොහොම හරි කරන්න. ඒ අවස්ථාවේ දි තමයි අයදුම්පත් යොමු කරන්නේ .ඒ අයදුම්පත යොමු කරාට පස්සේ මට ඉන්ටවිව් කෝල් කරනවා. ඊට පස්සේ මම ඉන්ටවිව් එකට යනවා. interview එකෙන් සති තුනක් විතර ඇතුළත දැනගන්න ලැබෙනවා මම සමත් වෙලා තියෙනවා කියලා. ඒ අවස්ථාවෙදි තමයි මට රැකියාව ලැබෙන්නේ 2017 ඔක්තෝබර් දෙවැනි දා.


ඒ ලැබෙන රැකියාව බේ සාමාන්‍ය ජීවිතයේ සහ ඔබේ ගෙදර සනසවන්න පුළුවන් විදියේ වැටුපක්ද ඔබට ලැබෙන්නේ?
නැහැ .මට ඒ වෙලාවේ ඕන වුණේ රැකියාවක් විතරයි. මට කුමක් හෝ රැකියාවක් වැටුප ගැන මම හිතුවේ නැහැ. මට පළවෙනි වැටුප ලැබෙන්නේ රුපියල් දහඅට දහස් පන්සියයක් .ඒ වැටුප තමයි මගේ පළවෙනි වැටුප වෙන්නේ ඒ රැකියාවෙදි.. ඒ වැටුපෙන් තමයි මගේ ගමන ආරම්භ වෙන්නේ..

ඒ අරඹපු ඒ රුපියල් 18500 පළමු වැටුපෙන් මේ ගමන පටන් ගත්ත රිද්මි අවුරුදු එකහමාරක් වගේ ඇතුලේ මේ තරම් දියුණු වුණේ කොහොමද?

ඒකට ප්‍රධානම හේතුව තමයි මම අයියෝ මට 18 500 ක ට හැරෙන්නවත් මදි කියන තැන මම කවදාවත් හිටියේ නැහැ .මම හැම වෙලේම ඒ 18 500 ලොකු දෙයක් කළා .මං මගේ වියදම් හැමදේම කරගත්තා .මම රැකියාවට යන්න ඇඳුම් පැළඳුම් ගත්තේ ඒ සල්ලි වලින් .ඊට අමතරව මම එකෙන් මුදලක් එකතු කළා. මහා ලොකු මුදලක් 18 500 එකතු කරන්න බැහැ. හැබැයි රුපියල් පන්දාහක්, හයදහක් වගේ ඉදන් පටන් ගත්තා ඉතුරු කරන්න .හැබැයි මුලින්ම කළෙත් ඉතුරු කරන එක. ඊට පස්සේ තමයි ඉතුරු වෙන මුදලින් තමයි අනිත් වියදම් මගේ කරගත්තේ..




ඔබ මේ 18500 පස්සේ පටන් ගන්න ව්‍යාපාර මොකක්ද ?එකෙන් මේ තරම් මුදලක් හොයන්න පුලුවන්ද?

ඒ ව්‍යාපාරයෙන් ඇත්තටම හොඳ ලාභයක් ලබන්න පුළුවන් .හැබැයි ඒක රජයේ ලියාපදිංචි ආයතනයක්  සමාගමක් නෙමෙයි මේ වෙද්දි .නමුත් හොද ලාභයක් ලබන්න පුළුවන් .අවධානමක් තියෙන ව්‍යාපාරයක්.


ඒ ඔබටද? ඔබෙන් සේවය ලබාගන්නා අයට ද?
මට. මොකද මට එකේ ගෙවීමක් නොකරන කෙනෙක් වෙනුවෙන් මට නීතියෙන් පිළිසරණක් නැහැ ඒ ව්‍යාපාරයේදී.


රුපියල් 18 500 වගේ වැටුපක් අරගෙන ඒක ගැන ලොකු කුතුහලයක් තියෙනවා කොහොමද මේ දියුණු උනේ මොකද්ද මේ රැකියාව?

ඒ රැකියාව තමයි දැන් මගේ  18 500 තමයි මගේ මුල්ම වැටුප වෙන්නේ .ඒ කාලය ඇතුළත අවුරුද්දක් විතර යනකොට මගේ උපන්දින වලට ලැබෙන මුදල් පොඩි පොඩි ගණන් තියෙනවා පොඩි කාලේ ඉදන්  අම්මලා තාත්තලා අපි වෙනුවෙන් එකතු කරපු මුදල් තියෙනවා. ඒ ඔක්කොම මුදල් එක්ක මට සාමාන්‍ය ගානක් එකතු කරගන්න ලැබෙනවා. ඒ ලැබෙන ගාන තමයි මං මුලින්ම මගේ ව්‍යාපාරයට යොදවන්නේ .මගේ ව්‍යාපාරය තමයි අපේ සුළු ව්‍යාපාර කරන අය ගොඩක් ඉන්නවා. එයාලට සල්ලි නැහැ. ගොඩක් වෙලාවට ඔවුන්ට උනන්දුව තියෙනවා ,උත්සාහය තියෙනවා ඔවුන්ට මුදල් අවශ්‍යයි. ඒ මුදල් ලැබුණොත් ඔවුන්ට එතනින් එහාට තමන්ගේ ගමන යන්න පුළුවන්. මම කළේ මාත් ඒ වෙලාවේ හිටියේ දියුණුවෙන්න උවමනා තැනක .තවත් මිනිස්සු මගේ වටේ හිටියා දියුණු වෙන්න අවශ්‍යතාවය තියෙන. ඒ අය වෙනුවෙන් මම ගාව තියන මුදල් දිනපතා ගෙවීමේ ණය ක්‍රමයක් විදිහට මම ඒ අයට මගේ මුදල් දුන්නා පොලියක් මට එකෙන් ලැබුණා. ඒක තමයි මගේ ව්‍යාපාරය වෙන්නේ .කඩවල් පහකට හයකට තමයි මුලින්ම පටන් ගත්තෙ. රුපියල් දහදාහ ,පහළොස් දාහ වගේ මුදල් වලින් තමයි මුලින්ම පටන් ගත්තෙ.


කාන්තාවක් විදියට මේ තරම් කොහොමද සමාන්‍යයෙන් අවුරුදු විස්සක් වෙනකොට කොහොමද තරුණියක් විදියට මේ සමාජ මට්ටමට ගිහිල්ලා මේ දේ කරන්නේ?

මට මුලින්ම මේ පිළිබදව දැනගන්න ලැබුණා මෙහෙම කට්ටිය කරන අය ඉන්නවා. හැබැයි මගේ වයසත් එක්ක මටත් පොඩි ගැටළුවක් තිබ්බා මොකද මේක අවදානමක් .නොගෙව්වොත් මට කරන්න පුළුවන් දෙයක් නැහැ .අනික කාන්තාවක් විදියට ඒ සීමාව ටිකක් අඩුයි. ඉතින් මම ඒ වෙලාවේ අනිත් අය නොකරන මම වෙනම විශේෂ දෙයක් කළා . මේ ගැන ගොඩක් හෙවුවා .මොකද ව්‍යාපාරයක් පටන් ගන්න කලින් අපේ පසුබිම පරික්ෂා කරන එක හරිම වැදගත් .ඉතින් ඒ විදිහට මම හැමෝම දෙන ගානට වඩා පොඩි සහනයක් අපෙ ණය ගන්න අයටත් පොඩි සහනයක් තියෙන්න ඕනේ. මගේ ව්‍යාපාරය දියුණු කරගන්න පුළුවන් විදිහක් ගැන මම හිතුවා. ඒ වෙලාවේ මට දැනගන්න ලැබුනෙ අනිත් අය සාමාන්‍යයෙන් ණය දෙන අය අතරේ අනිත් අය දෙන පොලී අනුපාතයට වඩා ටිකක් අඩු පොලී අනුපාතය මුලින්ම ව්‍යාපාරය ආරම්භ කරන්න ඕන කියලා මම ඒ අවස්ථාවෙදි හිතුවා.  අපි කියනවානේ අඩු ලාභයක් බිස්නස් එක ටිකක් වැඩිපුර හදාගන්නකම් බිස්නස් එක develop කර ගන්නකං චුට්ටක් අපේ ලාභ අඩු කරලා අපේ බිස්නස් එක පවත්වාගන්න තමයි මට මුල්ම අවධියේ දී අවශ්‍ය වුණේ.

එතනින් පස්සෙ අප කොහොමද ස්ටෙප් එකෙන් ස්ටෙප් එකට අද මේ ඉන්න තැනට එන්න සහ ඔබට හමුවුන අභියෝග මොනවද?
අභියෝග ගොඩක් තිබ්බා .විශේෂයෙන්ම කාන්තාවක් නිසා මෑතකාලීන උදාහරණයකට ගියොත්  නුගේගොඩ .කොහුවල ඒ අවට ප්‍රදේශයේ මේ විදියට කඩවල් වලට ණය දීලා තියෙනවා .එතකොට මට ගොඩක් අවස්ථාවලදී තියෙන ප්‍රශ්නයක් තමයි අපි කෙනෙක්ට ණය දුන්නට පස්සේ එයා ගෙවනවා. මිනිස්සු අපිට ගොඩක් වෙලාට අසාධාරණයක් කරන්න උත්සහ කරනවා අඩුයි .මොකද ඒ ව්‍යාපාරය ගොඩක් උදව්වක් නිසා. නමුත් නොගෙවන අවස්ථා ඔවුන්ටත් බැරි වෙන අවස්ථා තියෙනවා. එවැනි අවස්ථා ඉතින් ඇත්තටම ලොකු අවදානමක්. ඒත් මම ඒ අවදානම ඉවසගෙන මේ ව්‍යාපාරය වෙනුවෙන් කටයුතු කරනවා.



සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ට දියුණු වෙන්න මොකක් හරි පොයින්ට් එකක් ඕනේ ඔබට එහෙම පොයින්ට් එකක් තිබ්බද?

ඒකට මගේ ප්‍රධානම කඩාවැටීමක් වෙන්නේ මම දියුණු වෙන්න පටන් ගන්නෙ මගෙ කඩා වැටීමකින්. ඒක තමයි මම රැකියාවට ගිහිල්ලා මාස තුනක් විතර යද්දි  උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙනවා. ඒ ප්‍රතිඵල වලින් මම මම මගේ උසස් පෙළ විභාගය අසමත්. මම පුළුවන් උපරිමයෙන් විභාගය කළා. නමුත් මම අසමත් .ඒ අසමත් වීමත් එක්ක ඒ අසමත් වීම මට ලොකුවට දැනුනේ නැහැ. මොකද මම රැකියාවක් කරපු නිසා. නමුත් ඒ අසමත් වීම නිසා අපි හැමෝම ආදරේ කරනවනෙ.. ඒ ආදරේ කරන මුළු ලෝකෙම කියලා හිතාගෙන ආදරෙ කරන කෙනා එයා මාව දාලා යනවා.. ඒකට දාල යන්න හේතුවක් උනේ මොකද ඒයා විශ්වවිද්‍යාල වරම් ලබනවා. මට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වෙනස එයා පෙන්නල දීල එයා හොඳින් ආදරෙන් පෙන්නලා දුන්නේ නැහැ .එයා එක පෙන්නලා දුන්නේ මගෙත් එක්ක ජීවත් වීම තවත් වැඩක් නැහැ. එකෙන් එයාට ලැබෙන දෙයක් නැහැ. මාත් එක්ක ඉන්න ඒකෙන් කිසිම ලැබෙන හොඳක් නැහැ කියලා තමයි එයා මම දාලා යන්නෙ. එයා මාව දාලා යන එකත් එක්ක මම ගොඩක් වැටුනා.  ජීවිතය ඊට වඩා කඩාවැටීම් මිනිසුන්ට වෙනම ඇති.. ඒත් ප්‍රශ්නෙ තමන්ගේ නොවෙන කල් උත්තර ඕන තරම් දාර්ශනික විදිහට මිනිස්සුන්ට දෙන්න පුළුවන් . ඇත්තටම මැරෙන්න තරම් හිතුණා. කඩාවැටීමේ උපරිම තැනට ආවා කිව්වොත් හරි. එහෙම තමයි උනේ .ඒ වෙලාවෙදි මම හැබැයි හිතුවා මම නැගිටින්න ඕනි කියලා. ඇඬුවා, දුක් වුණා ජීවිතේ එපා කියලා හිතුනා. ඒත් ඒ වෙලාවේ මම හිතුවා නැහැ ජීවිතේ නැති කරගෙන බැහැ .මොකද මගේ අම්මා තාත්තා ඉන්නවා ඒ අය වෙනුවෙන් මම කොහොම හරි නැගිටින්න ඕනේ කියලා මම ඒ වෙලාවේ හිතුවා.




ඒ අම්මා තාත්තා වෙනුවෙන් නැගිටින්න පටන් ගන්නවා?

ඔව් ඒකෙනුත් මගේ අම්මා වෙනුවෙන්.. අම්මා කියන්නේ කාන්තාවක්. මට හිතෙනවා අපෙ අම්මා ඇතුලෙ ලොකු ශක්තියක් තියෙනවා ඒක මම දැකලා තියෙනවා.. මම තාත්තා පහත් කියලා කියනවා නෙමෙයි .තාත්තට අපේ අම්මත් ගරු කරනවා. මාත් කරු කරනවා. නමුත් කාන්තාවක් ඇතුලේ මහා විශාල ශක්තියක් තියෙනවා .ඒක් අපිට මෙහෙමයි කියලා කියන්න බෑ. මම දැකලා තියනවා සමහර වෙලාවල් වලදී අපෙ අම්මා අපිව ජිවත් කරවන්න ,අපේ ප්‍රශ්න විසඳන්න කොච්චර කට්ටක් කනවද කියලා .තාත්තා සල්ලි හම්බ කරනවා.. හැබැයි අපේ ගේ ඇතුලෙ වෙන හැම දෙයක්ම පිරීමියෙක්ටත් එහා ගිහින් හරි අපූරුවට ගෙයක් තුළ දී ඒ දේවල් නොපිරිහෙලා කරන්නේ අම්මා කෙනෙක් මාර දුකක්, මාර කට්ටක් කනවා.. ඉතින් මම හිතුවා මගේ අම්මා ඇතුළෙ තියන ශක්තිය අනිවාර්යෙන්ම මං ගාවත් ඇති කියලා. ඉතින් මම පටන් ගත්තා මගේ අම්මා වගෙ වෙන්න ඕනේ කියලා.. ඉතින් මම ඒ ශක්තිය හොයාගෙන යන්න තමයි පටන් ගන්නේ.


ඒ පටන් ගන්න යන ගමනේ අද ඔබ ඉන්න තැන කියන්න ඕනෙ නැහැ ..දියුණුවෙන් දියුණුවට පත් වෙලා තිබෙන්නේ .අර එදා ඔබට ගැළපෙන්නෙ නැහැ ,තමන්ට සෙට් වෙන්නේ නැහැ කියපු ඔබේ පෙම්වතා අද ඔබ ගැන මොනවා හිතෙනවා ඇත්ද? සමහරවිට හිතනවා ඇති අපරාදේ මම ඒ වගේ මෝඩකමක් කළේ කියලා මට නැවත එන්න තිබ්බනම් කියලා?

සමහර විට දුක් වෙනවා ඇති .තවත් සමහර විට ඉරිසියා කරනවා ඇති. ඒ මොන දේ කළත් මාව මට කවුරුත් නැති වෙලාවෙ මම අසරණ වුන වෙලාවේ මාව බිංදුවකට දාලා ගියපු තැනකට මම ආයිමත් යන්න කවදාවත් සූදානම් නැහැ. මම දුක් වුණා. තවමත් මතක් වෙද්දි අතීතේ මට රිදෙනවා. ඒත් ඒ තැනට ආයිත් ඇරෙන්න මම ලෑස්ති නැහැ.


අධ්‍යාපනය ඔබ උසස් පෙළ අසමත් වෙනවා. මේ දියුණුවෙන ව්‍යවසායකයෝ, ව්‍යාපාරිකයෝ ඔන්ලයින් වලින් සල්ලි හොයන මේ හැමෝම කියන කථාවක් තමයි අධ්‍යාපනය කියන්නේ බොරු දෙයක් මම කැම්පස් ගියපු කාලේ කැම්පස් යන්නෙ නැතිව මම මේ දේ කළ මං මෙහෙම කෝටිපතියෙක් වුණා, සල්ලිකාරයෙක් වුණා, මෙන්න මේ අධ්‍යාපනය නැතිව දියුණුවෙන කෙනෙක් ගැන ඔබ දකින්නේ කොහොමද?

අධ්‍යාපනය නැතුව දියුණු වෙන්න පුළුවන්. දියුණු වෙනවා කියන්න සල්ලි හම්බ කරන එකට. මිනිස්සු කියන්නේ සල්ලි හම්බ කරන එක තමයි දියුණු වෙනවා කියන්නේ. සල්ලි ගොඩක් හම්බ කරන්න හොඳ ක්‍රම තියෙනවා හොඳ නැති ක්‍රම තියෙනවා. ඕනි විදිහකට සල්ලි හම්බ කරන්න පුළුවන් .හැබැයි අපි දියුණු වෙනම කියලා අද 0 ඉඳලා හෙට 100ට ගිහිල්ලා හෙට ආයිත් බිංදුවට වැටෙන්න බැහැ.ඩහෙටත් අපි පවත්වා ගන්න ඕනේ. අපි 100 අවා නම් නම් අපි අඩුම තරමේ පනහකින් හරි අපේ ගමන පවත්වාගෙන යන්න ඕනි ඉස්සරහට. ඒ ගමන පවත්වාගන්න අනිවාර්යෙන්ම අධ්‍යාපනය අත්‍යවශ්‍යයි. මොකද තමන්ගේ මුදල් කොහොමද හරි ආකාරයෙන් කළමනාකරණය කරගන්නේ  මුදල් කළමනාකරණය කරගෙන හරිම  තැන් වලට අපි ආයෝජනය කරන්නෙ කොහොමද කියන එක ව්‍යාපාරයක් කරගෙන යද්දි හරිම වැදගත් .ඒකට අධ්‍යාපනය අනිවාර්යෙන්ම ඕන. මමත් අධ්‍යාපනය ලබනවා .දැනට මං පෞද්ගලික විශ්ව විද්‍යාලයක මාත් අධ්‍යාපනය ලබනවා .මොකද මගේ ව්‍යාපාර කරගෙන යන්න මටත් ඒ දැනුම අත්‍යවශ්‍යයි.

අනිත් දේ තමයි මතක් කරන්න ඕනේ අපි දියුණු වෙනවා, සල්ලි හම්බ කරනවා කියන්නේ මම රැකියාව කරලා මම එතනින් නැවතුනේ නැහැ. ඒතනින් ව්‍යාපාරයක් පටන් ගත්තා .දැන් මේ ව්‍යාපාරය පටන් ගන්නවා කියලා මේ ව්‍යාපාරයෙන් හම්බවෙන සම්පූර්ණ ලාභය මම ගෙදර අරගෙන ගිහිල්ලා අල්මාරිය දාගෙන ඉඳලා වැඩක් නැහැ .ව්‍යාපාරයක් කියන්නේ එතනින් එහාට ගියපු කෙනෙක් ව්‍යාපාරිකයෙක් වුනාම එතනින් එහාට හිතන්න ඕනේ .මොකද අපේ රැකියාව මට හෙට නැති වෙන්න පුළුවන් දැන් කරන ව්‍යාපාරය නැති වෙන්න පුළුවන් .එතනින් එහාට  ජීවිතේ කඩා වැටිලා බින්දුවෙන් පටන්ගන්න වෙනවා නම් මම සාර්ථක ව්‍යාපාරිකයෙක් නෙමෙයි .මට පුළුවන් වෙන්න ඕන මේ දෙකම නැති වුණත් මට backup plan එකක් තියෙන්න ඕන ජීවිතේ ඉස්සරහට හෙට ඉඳන් මේ දෙකම නැති වුණත් ජීවත් වෙන්න. ඒ විදිහෙ ප්ලෑන් එකක් අපි ව්‍යාපාරයක් කරනවා නම් හැම තුළම තියෙන්නට ඕනේ.


ඔබ තුළත් backup plan තියනවද?

අනිවාර්යෙන්ම. මම මං උපයන මුදල් තරමක් ඉතුරු කරගන්නවා. මගේ පරිභෝජනයට ගන්නවා ඉතුරු ටිකත් මම ලාබ ලබන හොඳයි කියලා හිතන වයාපාර වල ආයෝජනය කරනවා.


ඔබ වර්තමානයේ මම හිතන්නේ ජීවිතේ උපරිමෙන්ම විදිනවා?

ඔව් අනිවාර්යෙන්. මට සල්ලි තියෙනවා. සල්ලි තියෙනවා කියන්නේ මහා ලොකු දෙයක් නෙමෙයි .මම මගේ වයස හැටියට මගේ ජීවිතේ විඳින්න, මට ආස තැන්වල ඇවිදින්න යන්න, ආස දේවල් අරගෙන කන්න බොන්න හොඳට අඳින්න පළඳින්න යන්න එන්න වාහන හැම දෙයක්ම තියෙනවා.


ඒ තැන් වලට යන්නේ තවත් තනියමද? එහෙම නැත්නම් ගියා වගේම කෙනෙක් හෝ මීට වඩා ඔබට ආදරය කරන කෙනෙක් ඉන්නවද?

මම කලින් කිව්වා වගේ මම කලින් ආදරය කරපූ කෙනෙක්. ඒක කියන්න බය වෙන්න ඕනේ නෑ .මම එක පිළිගන්නවා. හැබැයි නමුත් අද මේ මොහොත වෙනකොට මට එහෙම කිසිම කෙනෙක් නැහැ. මොකද හේතුව මගේ පළවෙනි ප්‍රශ්නෙදි මම නොගැලපෙනවා, මම වටින්නේ නැහැ කියන කියලා තමයි ඒ කෙනා දාලා යන්නේ. එහෙම දාලා යන වෙලාවේ මම ගොඩක් මානසිකව වැටුණා .ඒ මානසික වැටීමත් එක්ක මම තේරුම් ගත්ත දෙයක් තියෙනවා වටිනාකමක් නැති දේකට, වටිනාකමක් එකතු වෙනකොට අර දාලා යන අමතක කරන අය නිකම්ම අපි ළඟට ඇදිලා ඒනවා. ඇදිලා යනකොට අපේ ගම බාර ගන්නවද නැද්ද කියන එක අපේ තීරණයක්. නමුත් ඒ ඇදිලා ඒනකොට අපි අපේ හරිම තැනට යන්න ඕනේ. එතකොට තමයි අපිට හරිම කෙනා හරිම වෙලාවෙදි අපිට ලැබෙන්නෙ.





ඔන්න ඔය විදියට තමයි රිද්මි බාධක මැදින් එයාගේ ජීවිතේ ජය ගන්න යන්නේ. මේ ජය ගන්නකොට අභියෝග තිබ්බා .ඒ අභියෝග වලදී වැටුණා. සමහර තැන් අභියෝගවලට අභියෝගයක් කරලා ජයගත්තා. ජය ගන්න කොට පිටිපස්සෙන් හිටියේ කවුද?

ජීවිතය පිටිපස්සේ මුල් කාලේ යාළුවො, නෑදෑයො හරියට හිටියා. ඒත් ඒ හැමෝම මම ඔය වැටුනා කියලා කියපු තැන්වල මාත් එක්ක හිටියේ නැහැ. යාළුවෙක්වත්, නෑදෑයෙක්වත් ඒ හැමෝම මාව දලා ගියා. ඒකට හේතුව හැමෝම කියනවා වගේ අැති  කාලෙදි ඉන්න අය නැති කාලෙදි නැහැ. වැටන හැම වෙලාවකම ශක්තියක් වෙන්න හිටියේ අම්මයි තාත්තායි මල්ලිලා දෙන්නයි විතරයි. පවුලේ අය ම විතරයි මාත් එක්ක හිටියේ. මොකද අනිත් අයට මං ගැන විශ්වාසයක් තිබ්බෙ නැහැ. ආ මේයා උසස් පෙළ අසමත් කෙනෙක් .මෙයා දැන් රස්සාවක් කරනවා, මෙයා කොහොම තැනකට ඒයිද. මෙයා අපේ පවුලට අගෞරවයක් වගේ තැනක තමයි මගේ නෑදෑයෝ යාළුවෝ හැමෝම හිටියේ. ඔක්කොම කැම්පස් යනකොට මම රස්සාවක් කරනවා. ඒ හැමෝම බැලුවේ අමුතු මිම්මකින්.  හැබැයි මම කවදාවත් ඒ මිම්මෙන් මං දිහා බැලුවෙ නෑ.

අන්න එතනයි මගේ ජීවිතේ වෙනසක් ඇති වෙන්නේ. මේක ගැන අහන කට්ටියට හිතෙන්න පුළුවන් තරුණියන්ට හිතෙන්න පුළුවන් රිදීමි රුපියල් 18 500 ජීවිතේ ජයගන්න පටන් ගත්තා නම් අද ඇය මේ වගේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා නම් ඇයි මට බැරි කියලා. ඒ ජීවිතේ ජය ගන්න අයට ඔබට මොනවද කියන්න තියෙන්නේ?


ජීවිතය ජයගන්න කාන්තාවක්විම, පිරිමියෙක් වීම කියන එක වැදගත් වෙන්නේ නැහැ. අපි හැමෝම මිනිස්සු. අපි හැමෝටම සමාන ශක්තීන් තියෙනවා. පුරුෂ පාර්ශවයට අපි ගරු කරනවා .නමුත් මේ සමාජය ඇතුලේ අපි අලුත් විදිහකට හිතනවනම් අපි මේ සීමා මායිම් ඇතුළු නැතිව ඉන් එහාට ගිහිල්ලා හිතනවනම් දියුණු වෙනවා කියන ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හොඳම උදාහරණය රැකියාවක් කරනවා නම් ඔබ, ඒ රැකියාව මත්තෙම ජීවත් වෙන්න එපා .ඔබ රැකියාව හරියට කරන්න. නමුත් රැකියාව රැකියාව කියලා ඒ රැකියාවට විතරක් සීමා වෙලා ඒ වැටුප අරගෙන කාලා බීලා ජීවත් වෙන එක නෙමෙයි ජීවත් වෙනවා කියන්නේ.  රැකියාවක වැටුප් ප්‍රමාණවත් වෙන්නේ එදිනෙදා කාල බීල ඇඳ පැලඳල ඒ ජීවිතේ ගත කරන්න විතරයි .නමුත් ව්‍යාපාරයකට අත ගහන්න. පුළුවන් තරම් තමන්ගේ මුදල් ඉතිරි කරගෙන තවත් backup plan එකට යන්න කියලා තමයි මට කියන්න තියෙන්නෙ. අලුත් දෙයක් ගැන අලුත් විදියට හිතනවා නම් මේ ලෝකෙ අයට දියුණු වෙන්නට බැරි නැහැ .අනික තමයි ලංකාවෙ තියෙන ප්‍රධානම දේ තමයි පිරිමි කෙනා සල්ලි හම්බ කරනවා ගැහැණු කෙනා ගෙදර ඉන්නවා. අපි කියන්නේ නැහැ පිරිමි කෙනාට වඩා ගැහැණු කෙනා සල්ලි හම්බ කරන්න ඕනේ කියන තැන මම නැහැ. නමුත් කාන්තාව තමන්ට වටිනාකමක් හදාගන්න ඕනේ අනිවාර්යෙන්. මොකද තමන්ට ජීවිතේ කරන්න පුළුවන් දේ බොහෝමයයි. අවුරුදු දහතුනක් ඉස්කෝලේ යනවා. එතකොට පිරිමි කෙනෙක් හා සමානව අධ්‍යාපනය ලබනවා.ඒ  අධ්‍යාපනය ලබලා විවාහයකින් ගෙදරට වෙනවනම් කුස්සියෙ බිත්ති හතරට කොටු වෙනවා නම් ඒ ජීවිතේ වැඩක් නැහැ. තමන් තමන්ට වටිනාකමක් දීලා නැහැ .තමන්ට බත් උයනවට අමතරව කරන්න පුළුවන් බොහොමයක් දේවල් තියෙනවා.. ඉතිං හැමෝටම පුළුවන් අලුත් විදිහට හිතන්න විතරයි ඕනේ..


ඉතිං අලුත් විදියට හිතන්න ඔබටත් ආරාධනා කරනවා ඔබේ මේ යන ව්‍යාපාර තව තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

 - කෝනාර ව්ලොග්