chamuditha-chandimal

පසුගියදා ආන්දෝලනයට ලක්වූ ෂැංග්‍රිලා සාදයක් පැවැත්වූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මේ වනවිට නිරෝධායනය වෙමින් සිටින අතර ඔහුගේ නීතීඥයින් මගින් මාධ්‍යවේදී චමුදීත සමරවික්‍රමට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සහ නිරෝධායන රීති උල්ලංඝණය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පොලිසියට සහ නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පියුමි හංසමාලි වෙනුවෙන් රාජ්‍ය ඇමති සරත් වීරසේකරටද ඇමතුමක් ලබාගත්  මංජු ශ්‍රී චන්ද්‍රසේන නීතීඥවරයා
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ වෙනුවෙන් ඉදිරිපත් කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ
උපන්දින උත්සවයට සහභාගී වූ ආරාධිතයින්ට සහ තමන්ට අධිකරණයෙන් ඇප ලබා දීම සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම හිරු ටීවී සලකුණ ප්‍රශ්න කිරීමක් හරහා අධිකරණයට අපහාස  කර ඇති බවයි.


එසේම චමුදිත හරින්ද්‍ර ජයලාල්ගේ  යූටියුබ් වැඩසටහනකදී මුව ආවරණ නොමැතිව සහ සමාජ දුරස්ථභාවය තබා නොගනිමින් සම්මුඛ සාකච්ජාවකට එක්වීම සම්බන්ධයෙන්ද තවත් පැමිණිල්ලක් ගොනු කර ඇත.
තවම ලොක් ඩවුන් තත්වයේ පවතින නිසා අධිකරණ කටයුතු ඇණහිට ඇති බවත් දැනට
පොලිසියට සහ නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර ඇති බවත් පවසා ඇති නීතීඥවරයා අධිකරණ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව මේ සම්බන්ධයන් අධිකරණය හමුවේ නඩු පවරන බවද දන්වා ඇත.

මේ අතර පොළොන්නරුවේ සිට ඇමතුමක් දුන් පුද්ගලයෙකුගෙන් තමන්ට ජීවිත තර්ජන ඇති බවට චමුදිත සමරවික්‍රම මීට දින කිහිපයකට පෙර පොලිස්පති වරයාට යොමු කරන ලද ලිපියකට අදාළව ප්‍රකාශයක් ලබාගැනී හෙට පස්වරු 3 ට කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට පැමිණෙන ලෙසද දැනුම්දී තිබේ.