john-amaratunga-speaks

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ගැන සිදු කළ විමසීමකදී මෙසේ පවසා තිබේ.
 

අපිට චුට්ටක් කියන්නකො මේක ඔබතුමාට දෙනවයි කියල දීපු පොරොන්දුවක් නේද?

ඒක කියලා තමයි මාව දැම්මේ ජාතික ලැයිස්තුවේ ඡන්දෙට ඉස්සෙල්ලා.. දෙනවා කියලා ඉඳලා අන්තිමේදී..

නැත්නම් ඔබතුමා තරග කරන්න ද හිටියේ ඒ වෙලාවේ?

ඔව් එහෙම කියපු හින්දා මම එකපාර අරගත්තා. අනිත් එක ප්‍රතිපත්ති තීරණයක් අරගෙන තිබුනනෙ පැරදිච්ච මිනිස්සුන්ට ජාතික ලැයිස්තු දෙන්නෙ නෑ කියලා. ඒක කියලා මේක අනිත් පැත්තට ගියේ.



ජාතික ලැයිස්තු මන්ත්‍රීකම ගැන කතා කරාද  පක්ෂයේ කවුරුවත්?

ඔව් ඔව් කතා කරනවා හැමදාම කියනවා මං දෙනවා මං දෙනවා කියනවා අකිල අත්සන් කරන්නේ නෑ.. කරපු හැටිය දෙන්නම් කියලා. අන්තිමේදී හම්බ වුණ දෙයක් නැහැ. මම පක්ෂ වෙනුවෙන් කෙලින් හිටියා මට සජිත් මහත්තයා එන්න කිව්වා පලවෙනි තැන දෙන්නම් කියලා එයාගෙ ලැයිස්තුවේ.

ජ්‍යෙෂ්ඨ අයට සලකන්නෙ නෑ කියලා හිතනවද?

ඔව් ඉතින්.. ඒ වෙලාවෙම කිව්ව නම් මට දෙන්නෑ කියලා ඉවරයි. පස්සෙනේ මේ කතාව ගියේ.

ඔබතුමාත් එක්ක  මේ කාලේ රනිල් වික්‍රමසිංහලා පොඩි කට්ටියනේ ඇමතිතුමන්ලා හැත්තෑ ගණන් වල දේශපාලනය කරනකොට..

 ඔව් ඔව් දේශපාලනය මට තිත්ත වෙලා තියෙන්නෙ.

දැන් මේ පැත්තට සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක එහෙම සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවද?
 
ඉදිරියේදී බලමු ඉදිරියේදී.. ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන්.