chi-rata-menike-nande-mata-enapu-tokka

ප්‍රකට ගායක සුනිල් පෙරේරාගේ ‘තාත්ත මට ඇණපු ටොක්ක‘ ගීතයේ තනුව සොරාගෙන පදමාලාව විකෘති කර දේශපාලන භාවිතයේ යොදවමින් අන්තර්ජාලයේ ගීතයක් ප්‍රචාරය කර තිබීම සම්බන්ධයෙන් ගිතය අවභාවිත කළේය කියමින් ජිප්සීස් නායක සුනිල් පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඒ ගැන පැමිණිල්ලක් සිදු කර ඇතැයි වාර්තාවේ.


‘තාත්තා මට ඇණපු ටොක්ක‘ ගීතයේ පදමාලාව වෙනස් කර, ‘නන්දෙ මට ඇණපු ටොක්ක‘ යනුවෙන් කියැවෙන එම ගීතයේදී වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර මඩ ගැසීමක් සිදුව ඇති අතර 69 ලක්ෂයක් ජනතාව දේවත්වයෙන් සලකා බලයට පත් කළත් පසුව එම බලාපොරොත්තු සුන් කර ඇතැයි විවේචනාත්මක අදහස් ඉදිරිපත් කර තිබේ. මෙම ගීතය ගයන්නේ ජිප්සීස් නායක සුනිල්ගේ කටහඬ අනුකරණය කරමින් ඊට සමාන ස්වරයකින් යුතු වෙනත් පුද්ගලයෙකි.
මෙම ගීතය. ‘චී රට මැණිකේ‘ නමැති ෆේස්බුක් පිටුවක් ඔස්සේ ප්‍රචාරය කර තිබෙන අතර එහි පිටපත් මේ වනවිට යූටියුබ් ඇතුලු අනෙක් මාධ්‍ය තුළද විසුරුවා හැර ඇති බව හඳුනාගන්නට ලැබේ.
‘නන්දෙ මට ඇණපු ටොක්ක දවාලෙ තරු පෙනුණා
ඒ ඇරපු ඇරිලට හැටනම ලක්ෂෙට ඇඩුණා
එදා මට පෙනුනේ ඔබව දෙවියෙක් වාගේ නන්දේ
වැඳලා කියෙන්නම් ආයෙත් කතිරෙ ගහන්නෑ නන්දෙ

අවුරුදු දෙකකට පස්සේ බැලුවම අපි හැරිලා
අයියලා මල්ලිලා සේරම රට හොඳටම අනලා
කොරෝනා ගංවතුර එක්ක නැව් තෙල් ගොඩ ගහලා
දෙවියො කියන්නෙත් පලයං දෙන කෙනෙකුට දීලා‘



 ගීතය ප්‍රචාරය වන්නේ තමාගේ අනුදැනුමකින් තොරව බව පවසන නමුත් සුනිල් පෙරේරා  පවසන්නේ තමාට මේ ගීතය සොරා ගැනීම සම්බන්ධයෙන් බුද්ධිමය දේපළ පනත යටතේ නඩු දැමීමට අවශ්‍යතාවයක් නැති බවයි.
මෙය තම සංගීත භාවිතාව සම්බන්ධ සදාචාරාත්මක ප්‍රශ්නයක් බව ඔහු කියයි.
ඔහු පවසන්නේ තම ගීතවල දේශපාලන උපහාසය මිස මඩගැසීම් නැති බව වන නමුත් මෙම ගීතයේ තනුව සොරාගත් අය එය වැරදි භාවිතයේ යෙදවීම කණස්සල්ලට හේතුවී ඇති බවයි.