england-tour-sri-lanka

එංගලන්තය ලංකාවට දුන් දිගම විස්සයි20 තරගාවලිය.. ranking වල දිග පිම්මක් පනින්න ලැබෙන හොඳම අවස්ථාව. ශ්‍රී ලංකා පිලේ එංගලන්ත සංචාරය සමගින්..
ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ ශ්‍රී ලංකාවට ඉතාමත්ම තීරණාත්මක තරගාවලියක් වෙනවා. මේ තරගාවලිය ආරම්භ වෙන්නේ බ්‍රිතාන්‍ය ගිම්හානෙ ආරම්භ වීමත් සමගින්.  බ්‍රිතාන්‍ය ගිම්හානයේ ජූනි මස 21 වැනිදා ආරම්භ වනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ තරඟාවලිය තුළ පුහුණු තරග දෙකක් 2020 තරග තුනක් සහ එක්දින තරග තුනක් පැවැත්වීමට නියමිතයි. වසන්තය අවසන් වෙමින් ගිහානය ආරම්භ වීමත් එක්කම බ්‍රිතාන්‍ය එතරම් උණුසුමක් පවතින්නේ නැහැ. කඩින් කඩ වර්ෂාවත් ඇතිවෙනවා .බොහෝ විට ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන්නට සිදුවන්නේ සෙල්සියස් අංශක 20කට අඩු උෂ්ණත්වයක් යටතේ .ලන්ඩනය පමණක් මේ උෂ්ණත්වය ටිකක් ඉහළ යන්න පුළුවන්. එය සෙල්සියස් අංශක විසි දෙකක් පමණ උෂ්ණත්වයක පවතීවි. සෙල්සියස් අංශක 16- 18 ත් අතර උෂ්ණත්ව වල තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට බොහෝදුරට ක්‍රීඩා කිරීමට සිදුවන්නේ. කෙසේවෙතත් අන්තර්ජාතික කාලගුණික වාර්තා සඳහන් කරන විදිහට වර්ෂාවෙන් මේ තරග වලට ලොකු බාධාවක් මතු වෙන්නේ නැති බව තමයි ඔවුන් සඳහන් කරන්නේ. නමුත් දෙවන එක්දින  තරගයට ඇතැම්විට වර්ෂාවෙන් බාධා මතු වෙන්නට පුළුවන් කියලත් කාලගුණ විද්‍යාඥයින් සඳහන් කරනවා. තරගාවලිය ආරම්භයට පෙර පුහුණු තරග දෙකක් පැවැත්වෙනවා .ජුනි මාසේ 18 වෙනිදා කෙන්ට් ප්‍රාන්ත  කණ්ඩායම සමග කැන්ටබරියේ දී පන්දුවාර පනහේ තරගයක් පැවැත්වීමට නියමිතයි. අනතුරුව ජුනි මස 20 වැනිදා සසෙක්ස් ප්‍රාන්ත පිල සමඟ හෝව්හිදී 2020 තරගයකට ශ්‍රී ලංකාව කණ්ඩායම සහභාගි වීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහභාගි වන පළමු විස්සයි20 තරඟාවලි දෙක පැවැත්වෙන්නේ sophia gardens ක්‍රීඩාංගනයෙ. බිතාන්‍ය ෙව්ලාවෙන් පස්වරු හයයි තිහට තමයි තරඟ අරම්භ වෙන්න නියමිතව තිබෙන්නේ .


ජූනි 23 සහ 24 පළමු විස්සයි20 තරග දෙක පැවැත්වෙනවා. මේ දිනවල බ්‍රිතාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන්නේ බ්‍රිතාන්‍ය ගිම්හාන වේලාව මාර්තු මස 28 වැනිදා ඉඳලා ඔක්තෝබර් මස 31 දක්වා ඔවුන් පැයක කාලයක් ඉදිරියට එනවා .ඉතින් මේ අනුව ශ්‍රී ලංකාව සහ බ්‍රිතන්‍ය අතර මේ දිනවල වේලාවේ වෙනස පවතින්නේ පැය හතර හමාරක කාලයක් .ඒ අනුව ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11 ට තමයි ජුනි 23 සහ 24 මේ තරඟ දෙක ආරම්භ වෙන්නේ. තුන්වන සහ අවසන් විස්සයි20 තරගය ජුනි 26 වැනි දා Rose bowl ක්‍රීඩාංගනය පැවැත්වීමටයි සැලසුම් කරල තියෙන්නෙ .

මේ තරඟය බ්‍රිතාන්‍ය වේලාවෙන් පස්වරු දෙකයි තිහට ඒහෙමත් නැත්නම් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා .එක්දින තරඟාවලිය ආරම්භ වෙන්නේ ජුනි මාසේ 29 වැනිදා. පළමු තරඟය පැවැත්වෙන්නේ chester-le-street රිවර් සයිඩ් ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු තුනයි තිහට ආරම්භ වෙනවා .ඒ කියන්නේ බ්‍රිතාන්‍ය වේලාවෙන් උදෑසන 11 ට තමයි මේ තරගය ආරම්භ කරන්න සැලසුම් කරලා තියෙන්නෙ.



දෙවන එක්දින තරගය පැවැත්වෙන්නේ ජූලි පළවෙනිදා ලන්ඩනයේ KIA Oval පිටිය තමයි මේ තරගය පැවැත්වෙන්නේ. ලන්ඩනය උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 ඉක්මවා යනවා සෙල්සියස් අංශක 22 ක පමණ උෂ්ණත්වයක් මේ දිනවල පවතී කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් .ඒ වගේම අන්තර්ජාතික කාලගුණ වාර්තා සඳහන් කරන විදිහට මේ තරගයට වර්ෂාවෙන් බාධාවක් මතු වෙන්නට වැඩි ඉඩක් තිබෙනවා. ඇතැම්විට තරගය වර්ෂාව නිසා අතහැර දමන්නට වුණත් සිදුවෙන්නට පුළුවන්. මේ තරගයෙන් බ්‍රිතාන්‍ය වේලාවෙන් පස්වරු එකට ආරම්භ වුණත් දිවා රාත්‍රී තරගයක් විදියට සලකන්න හැකියාවක් නැහැ. මොකද ගිම්හාන කාලයේ දී බ්‍රිතාන්‍යට පැය දාහතකට ආසන්න කාලයක් හිරු එළිය ලැබෙනවා. ඒ අනුව මේ තරගය පැවැත්වෙන්නේ දිනයේ හිරු බැස යාම සටහන් වන්නේ රාත්‍රි 9.21ට. ඉතින් ශ්‍රී ලංකා වේලාවෙන් තරඟය ආරම්භ වෙන්නේ පස්වරු පහයි තිහට.


 අවසන් එක්දින තරගය පැවැත්වෙන්නේ ජූලි 4 වෙනිදා bristol හි ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගන තමයි තරගය පැවැත්වෙන්නේ. බ්‍රිතන්‍ය වේලාවෙන් උදෑසන 11 ට. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු තුනයි තිහට තමයි තරගය ආරම්භ වෙන්නේ. එක්දින තරඟාවලි අවම වශයෙන් දෙකට එකක් විදිහට ‍ජයග්‍රාහණය කෙලාත් ශ්‍රි ලංකා කණ්ඩායමට ICC ශ්‍රේණිගත කිරීම් වල 8 වෙනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමේ අවස්ථාව තිබෙනවා. ඒ වගේම තරගාවලියේ තුනට බිංඳුවක් විදිහට පරාජයට පත් වුනොත් ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි වෙන්නේ එක ප්‍රසාද ලකුණක් පමණයි. එංගලන්තය පැත්තෙන් ගත්තොත් ඔවුන්ට ශ්‍රේණි ගත කිරීම් වලින් මේ තරගාවලියේ කිසිදු වටිනාකමක් නැහැ .මොකද තරඟාවලියේ තුනට බිඳුවක් විදිහට ජයග්‍රහණය කළත් ඔවුන්ට ලැබෙන්නේ එක ප්‍රසාද ලකුණක් පමණයි .එංගලන්තයට මේ තරගය වැදගත් වෙන්නේ ලොකු කුසලානේට සුදුසුකම් ලබා ගැනීම සඳහා අයිසීසී සුපර් ලීග තරඟාවලියේ points ලබා ගැනීම සඳහා පමණයි. ඔවුන් මේ දක්වා මුහුණ දීලා තියෙන තරග නවයෙන් ජයග්‍රහණය කරන්න සමත් වුණේ තරග හතරක් විතරයි. අනෙක් අතට මේ තරගාවලිය තමයි ඔවුන්ගේ තුන්වන හෝම් සීරියස් එක. ඉතිං මේ දක්වා පැවැති හෝම් සීරියස් දෙකේදී එංගලන්තය ඕස්ට්‍රේලියාව හමුවේදි දෙකට ඒකක් විදියට පරාජයට පත්වුණා. ඒ වගේම අයලන්තය සමග ක්‍රීඩා කරපු තරඟයේ දී ඔවුන් දෙකට එකක් විදිහට තමයි තරඟවලිය ජයග්‍රහණය කළේ .ඒ අනුව මේ දක්වා ඔවුන්ගේ රටේ පැවති තරගාවලි දෙකේ දී තරඟ හයෙන් තරග තුනක් පමණයි ඔවුන්ට ජයග්‍රහණය කරන්නට අවස්ථාව හිමිවෙලා තියෙන්නෙ .ඒ අනුව මේ තරගාවලියේ ඔවුන්ට ඉතාමත් වැදගත් වෙනවා.





ශ්‍රී ලංකාවට මේ අංශ දෙකෙන්ම තරගාවලිය වැදගත් වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමක් තුනට බිංදුවක් විදිහට මේ තරඟාවලියේ ‍ජයග්‍රාහණය කළොත් අයිසීසී ශ්‍රේණිගත කිරීම් වල ප්‍රසාද ලකුණු නවයක් හිමිකර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට තියෙනවා .ඒ අනුව තවදුරටත් හත්වන ස්ථානය එක්ක ඉන්න පරතරය අඩු කරගෙන 8 වෙනි ස්ථානයට පැමිණීමේ හැකියාව ශ්‍රී ලංකා කණ්ඩායමට තියනවා. ඒ වගේම අයීසිසි සූපර් ලීග් තරගාවලිය තුළ ශ්‍රී ලංකාව තවමත් ජයග්‍රහණය කළේ එක තරගයක් පමණයි. ඉතින් මේක away සීරියස් එකක් විදිහට මේ තරඟාවලිය දෙකට ඒකක් විදිහට අවම වශයෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරගන්න පුළුවන් .


විස්සයි20 තරගාවලිය සම්බන්ධයෙනුත් පවතින්නේ මේ වගේම තත්ත්වයක්. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර රේටින් පරතරය 50ට වැඩි නිසා එංගලන්තය මේ තරඟ තුනම ජයග්‍රහණය කළත් ඔවුන්ට හිමි වෙන්නේ එකම එක ප්‍රසාද ලකුණක් පමණයි .ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ තුනම ජයග්‍රහණය කළොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු 18 ක් ලබාගෙන ශ්‍රේණිගත කිරීම් වල හත් වෙනි ස්ථානය දක්වා ඉදිරියට එන්න හැකියාව තියෙනවා .ඒ විතරක් නෙවෙයි ඒංගලන්තයට තමන්ගේ පළමු තැනක් අහිමි වෙනවා මේ තරගාවලියේ දෙකට එකක් විදියට පරාජයට පත් වුණොත්. මේ දක්වා එංගලන්තෙ මේ තරගාවලි සඳහා නියමිත සංචිතයේ තවමත් නම් කරලා නැහැ. කෙසේ වෙතත් එංගලන්තය පුහුණුකරු Chris silverwood. මේ තරඟාවලිය සඳහා සහභාගී නොවන බවට තමයි වාර්තා වෙන්නේ .ඒකට හේතුව බවට පත්වෙන්නේ එංගලන්තේ ක්‍රියාත්මක වන rest and rotation policy එක ක්‍රීඩකයන්ට පමණක් නෙමෙයි ,පුහුණුකරුවන් සඳහාත් ක්‍රියාත්මකවනවා. ඒ අනුව ඔහු මේ තරගාවලිය සහා පාකිස්ථානය සමඟ මීළඟට පැවැත්වෙන තරගාවලි දෙකේදී විවේක ගැන්වීමට තමයි ඒංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළ තියෙන්නෙ .මේ අනුව Paul Collingwood සහ Graham Thorpe කියන සහාය පුහුණුකරුවන් යටතේ තමයි එංගලන්ත කණ්ඩායම මේ තරගාවලියට අවතීර්ණ වෙන්නේ.



ඉතිං Chris silverwood සඳහන් කරන්නේ ‍ක්‍රීඩකයන්ට වගේම පුහුණුකරුවන්ට fresh වෙන්න මේ වගේ කෙටි විවේකයක් අවශ්‍යයි .එතකොට තමයි අන්තර්ජාතික පිඨය තුල ඉතා හොඳින් තමන්ගේ දස්කම් දක්වන්නට හැකියාව ලැබෙන්නේ කියලා. එංගලන්ත තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව 24 දෙනෙක්ගෙන් සමන්විත මූලික සංචිතයක් නම් කරල තියෙන බව තමයි වාර්තා වෙන්නේ .පසුගියදා මේ තරගාවලිය ඉලක්ක කරගෙන ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලට සහභාගි වෙලා සමත් වුණා. මේ අනුව ඔවුන් මේ තරග සංචාරයට  එක් වෙන්නට නියමිත බව තමයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. පසුගිය තරගාවලියට covid තත්ත්වය නිසා එක් වෙන්නට නොහැකි වෙච්ච ධනංජය ලක්ෂාන් මේ තරගාවලියේදී අවස්ථාව ලැබෙනවා .ඒ වගේම කාලයක් තිස්සෙ බලාගෙන හිටපු චරිත් අසලංකට මේ තරඟාවලිය තුළදී අවස්ථාවක් ලැබෙන බව තමයි වාර්තා වෙන්නේ.ඒ වගේම ආබාධයකට ලක් වෙලා දැන් සුවය ලබා ඉන්න කසුන් රාජිත මේ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීම එංගලන්ත තණතීරු වලදී ශ්‍රි ලංකාවට ඉතාමත්ම වැදගත් වේවි. ඒ වගේම අවිශ්ක ප්‍රනාන්දු පසුගියදා පැවැත්වුන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ ඔහු සමත් වුණා. ඒ අනුව ඔහු ආරම්භක පිතිකරු ලෙස කණ්ඩායමට එක් වේවි කියලා අපිට බලාපොරොත්තු තියා ගන්නට පුළුවන්.


ඒ වගේම දේශීය පිටිය තුළ දස්කම් දක්වපු ඉෂානි ජයරත්නත් මේ සංචිතයට ඇතුළත් වෙලා ඉන්නවා. ඉතින් අපි බලමු නිල සංචිත ඉදිරියේදී නම් කරපුහාම අපිට මේ පිළිබඳව වැඩිදුර තොරතුරු කතා කරන්නට හැකියාවක් තිබෙනවා. ශ්‍රි ලංකාව එංගලන්තයේදී එක්දින තරගාවලි 5 කට ක්‍රීඩා කරල තියෙනවා. මේ තරඟාවලි 5න් දෙකක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරලා තියෙනවා. තරඟාවලි තුනක් එංගලන්තය ජයග්‍රහණය කළ තියෙනවා. තරඟ තුනකින් යුක්ත විස්සයි20 තරගාවලිය එංගලන්තයේ දී ශ්‍රී ලංකාවට ලබා දුන්නේ පලවෙනි වතාවට. මීට කලින් තිබිච්ච එංගලන්ත සංචාර 4දීම ඒක විස්සයි20 තරගය බැගින් තමයි ශ්‍රී ලංකාවට ලබා දුන්නේ. කෙසේ වෙතත් ඒ පැවැත් වෙච්ච තරඟ අතරෙන් තරග තුනක් ජයග්‍රහණය  කරලා තියෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. මේ තරගාවලියේ දී කුමක් සිදුවේද . මොනවගේ සංයුතිය ක්‍රියාත්මක වෙයිද කියන එක අපි ඉදිරියේදී කතා කරමු මේ නිල සංචිත නම් කරාට පස්සේ. ඒ වගේම මේ තරගාවලියේ ඉඳලා 2020 නායකත්වය කුසල් ජනිත් හිමිවෙන බව තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේ පිළිබඳවත් අපි ඉදිරි ඉදිරියේදි කතා කරමු.

 - ක්‍රික් විදු