new-corona-effects

කෝවිඩ්-19 හේතුවෙන් මියගිය වැඩි පිරිසකට උණ හෝ කැස්ස යන රෝග ලක්‍ෂණ මතුව නැතැයි එම මරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන ලද සමාලෝචනයේදී අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩුව මහතා ප්‍රකාශ කළේය. 

හෙතෙම පෙන්වා දුන්නේ කෑම අරුචිය, හිසරදය, නින්ද යාමේ මඳිකම යනාදී තැකීමක් නොකරන ලක්‍ෂණ පමණක් ඉන් බහුතරයකට මූලික අවධියේදී තිබී ඇති බවයි.ඒ අනුව ගැහැනු, පිරිමි,ළමා යන ඕනෑම අයෙකුට වෙනදා නැති යම් රෝගී ලක්‍ෂණ පෙන්නුම් කරයි නම්, වහාම පවුලේ වෛද්‍යවරයාගෙන් හෝ ළඟම පිහිටි රෝහලෙන් අවශ්‍ය උපදෙස් ලබාගන්නා ලෙස අධ්‍යක්‍ෂවරයා ඉල්ලා සිටියේය.සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (09දා) පැවැති කෝවිඩ්-19 තත්වය. පිළිබඳ මාධ්‍ය හමුවේදී මේ බව පැවසූ අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, කඩිනමින් රෝහල්ගත වීම මගින් සුව අතට පත්වීමේ ප්‍රවණතාව ඉහළ මට්ටමක පවතින බවයි.

නිදර්ශනී වික්‍රමසිංහ