dudly-sirisena-speaks

හිටපු ජනපති සොයුරු  සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා හෙලිකොප්ටරයක් මිලට ගත් බවට සමාජ මාධ්‍ය තුළ ඡායාරූප සංසරණයවෙමින් පවතින අතර ඔහු ඒ සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කර තිබේ.


තම පෞද්ගලික පරිහරණය වෙනුවෙන් හෙලිකොප්ටරයක් මිලදී ගත් බවට සමාජ මාධ්‍ය තුළ පැතිරයන වාර්තා අසත්‍ය බව අරලිය සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
රටේ පවතින කොවිඩ් වසංගතය හමුවේ තම ව්‍යාපාර මෙහෙයුම් කටයුතුවලින් පරිබාහිරව පවතින බවත් තමාට ඇත්තේ රුපියල් ලක්ෂ 80ක් ස්ථාවාර තැන්පතුවක් පමණක් බවත් ඔහු පවසයි.
තමා ඉදිකර ඇති හෝටල් වෙනුවෙන් ලබාගෙන ඇති ණය මුදල රුපියල් කෝටි 850ක් බවත් ඔහු පවසයි.
තමා ගත කරන්නේ ඉතා සරල, එමෙන්ම සැහැල්ලු ජීවිතයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
මේ පිළිබඳව ඒ මහතා තම ෆේස් බුක් ගිණුමේ තබා තිබෙන සටහන පහතින්