dehiwala-covid19

රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවන් 366 දෙනෙකුට පසුගිය (15දා) රත්මලාන දුම්රිය ක්‍රීඩාංගණයේදී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් හා පී.සී. ආර් පරික්ෂණවලදී 73 දෙනෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සනාථ වී ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් ඊයේ (17දා) පැවසීය. 

නිරෝධායනය වෙමින් සිටි හා ඔවුන්ගේ පවුල්වල ආශ්‍රිතයන්, පොලීසි මගින් නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සැකකරුවන්ද මොවුන් අතර සිටින බවත් ඔවුන්ගේ නිරෝධායන කාලය අවසන් වීමට දින 10කට පසු සිදු කරන පී.සී.ආර්. පරික්ෂණ වලට අනුව මේ පිරිස හඳුනා ගනු ලැබ ඇත.


අදාළ ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු සූදානම් කරමින් පවතින බවත්, ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනාගත් සියලු දෙනා නැවතත් නිවාස නිරෝධායනයට යොමු කිරීමට කොට්ඨාස මට්ටමින් මන සෞඛ්‍ය පරීක්ෂකවරු හරහා සිදුකර ගන්න යනු ලබන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා සිටියේය.


  -එච්.එම්. ධර්මපාල-