
නිරෝධායන නීති කඩකරමින් පවත්වන ලද විවාහ මංගල උත්සවයකට සහභාගී වූ 47 දෙනෙකු නිරෝධායනයට ලක් කොට පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කරන ලෙස මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා ඊයේ (10)දින නියෝග කොට තිබෙයි.
යාපනයේ සන්දිලිපායී ප්‍රදේශයේ පැවති බව කියන මෙම විවාහ මංගල උත්සවයට සෞඛ්‍ය නිලධාරීන් අවසර ලබා දී නොතිබියදී 68 දෙනෙකුගේ සහභාගිත්වයෙන් යාපනයේ විවාහ මංගල උත්සව පවත්වන ශාලාවකදී එය පවත්වා ඇත.
ඊට සහභාගී වූ 68 දෙනාගෙන් හදුනාගත් 47 දෙනාට එරෙහිව මෙම නඩුව ගොණු කොට තිබූ අතර සන්දිලිපායී සෞඛ්‍ය නිලධාරීන් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඉතිරි පිරිසද අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත.
මේ අනුව මෙම විවාහ මංගල උත්සවයට සහභාගී වු අනෙක් 21 දෙනා අත් අඩංගුවට ගැනීම සඳහා පේදුරුතුඩුව පොලීසියේද සහය ඇතිව සෞඛ්‍ය නිලධාරීන් විවාහ මංගල උත්සවය පැවැත්වූ ශාලාවේ සවිකොට ඇති සී.සී.ටි.වී.කැමරා පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කොට තිබෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval