
මීගහවත්ත දෙල්ගොඩ ප්‍රදේශයේ අතුරුපාරක සිදුවූ අනතුරකින් කාන්තාවක හා පුරුෂයෙකු ඊයේ මියගොස් තිබේ. කාර් රථයක් යතුරු පැදියක මුහුණට මුහුණ ගැටී යතුරු පැදියේ සිටි දෙන්නා මෙහිදී මියගොස් ඇත.
ඊයේ (10) පස්වරුවේ සිදුවූ මෙම අනතුර නිසා වයස 30 පිරිමි පුද්ගලයකු හා වයස 42 කාන්තාවක මියගොස් ඇත.
ඔවුන් දඹුල්ල හා මොරගල පදිංචි අය බව හඳුනාගෙන ඇත.
අනතුර නිසා මෝටර් රථයට හානි වුවත් ඇතුළත සිටි රියදුරුට හානියක් නැත. ඔහු පොලිස් අත්අඩංගුවට පත්විය.
Comments
Post a Comment
Your comment will be visible after approval