“සම්භාව්‍ය”කෝවිඩ් රෝග ලක්ෂණ ලැයිස්තුව යාවත්කාලීන වියයුතු බවත් හිසරදය  දැන් වඩාත් සුලභම ලක්ෂණය බවත් දෙවැන්න නාසය කැසීම - කිවිසුම් යාම කැස්ස ආදිය බවත් පසුගිය කාලයේ වඩාත් ප්‍රකට ලෙස කොරෝනා රෝගයට සම්බන්ධ අදහස් දැක්වූ එංගලන්ත වෛද්‍ය පර්යේෂක මහාචාර්ය ටිම් ස්පෙක්ටර් Sky News වෙත පවසා තිබේ.


 මහාචාර්යවරයා පැවසුවේ මෑත දත්ත මගින් වෛරසය ඇතිවීමේ “සම්භාව්‍ය” සලකුණු  උගුරේ අමාරුව වෙනුවට දැන් හිසරදය, නාසයේ කැසීම හා කැස්ස ලෙස වෙනස් වී ඇති බවයි.
ලොව පුරා මිලියන හතරකට අධික ජනතාවකගේ රෝග ලක්ෂණ, පරීක්ෂණ සහ එන්නත් පිළිබඳ තොරතුරු ගොනු කරමින් සිදු කළ අධ්‍යයන හරහා තහුවුරුවී ඇතැයි ඔහු කියයි.
මහාචාර්ය ස්පෙක්ටර් පැවසුවේ හිසරදයක් දැන් වඩාත් පොදු රෝග ලක්ෂණ ලැයිස්තුවේ ඉහළින්ම සිටින බවත්, එපරීක්ෂණයකට මුහුණ දුන් පුද්ගලයින්ගෙන් 60% ක් හිසරදය සමග වෛරසය සඳහා ධනාත්මකවූ බවත්ය.
නාසයේ කැසීම සහ උගුරේ අමාරුව ද පළමු තිදෙනා අතර සිටි අතර කිවිසුම් යාම සිව්වන ස්ථානයේ ලැයිස්තුගත කර ඇතත් එය නිරෝගී අය වරදවා තේරුම් ගැනීමෙන් ව්‍යාකූල විය හැකි බවද කීය.


උණ සහ සුවඳ හා රසය නැතිවීම වැනි ලක්ෂණ මේ වනවිට පිළිවෙලින් අංක හත්වැන්නට සහ නවයට පැමිණ ඇත.
නව දත්ත මගින් පෙන්නුම් කරන්නේ වර්තමාන "සම්භාව්‍ය" ලැයිස්තුවෙන් හඳුනා නොගත් පුද්ගලයින් හරහා නොදැනුවත්වම වෛරසය පැතිර යා හැකි බව යයිද ඔහු කියා තිබේ.

වැඩිවිස්තර ඇතුළත් ස්කයි නිවුස් වාර්තා මෙතැනින්
https://news.sky.com/story/covid-19-classic-coronavirus-symptoms-changing-as-expert-urges-government-to-update-list-12334746