china-vaccine

චීනය මේ දක්වා ලොව පුරා රටවල් 40ක් වෙත තම රටෙහි නිපදවූ COVID-19 මර්දන එන්නත් මිලියන ගණනින් අපනයනය කර ඇතැයි චීනයේ  වාණිජ අමාත්‍යාංශයෙහි විදේශ වෙළෙද දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා පවසයි. එසේම රටවල් 21ක් තුළදී සිය එන්නත් සායනික පරීක්ෂා කිරීම්වලටද ලක්කර ඇතැයි ඔහු සඳහන් කර සිටියි.

මීට අමතරව ලොව තවත් රටවල් 66ක් වෙත සහ ජාත්‍යන්තූර සංවිධානයක් වෙතද COVID-19 වසංගතයට එරෙහි සටන සදහා තවත් එන්නත් මාත්‍රා සහ එන්නත්  ඇතුළු භාණ්ඩ තොගයක්ද ප්‍රදාන ලෙස ලබාදී ඇතැයිද එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා අනාවරණය කරයි.ඒ අනුව අදවනවිට චීනය සිය එන්නත් බෙදාහැරීම ආසියාවේ සිට අප්‍රිකාව වෙත පුළුල් කරමින් පිලිපීනය, කාම්බෝජය, ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ උගන්ඩාව මෙන්ම සිම්බාබ්වේ වෙතත් සිදුකරමින් තිබෙන බව සදභන් කරයි.



මේ අතරම චීනයේ වාණිජ අමාත්‍යාංශය ලොව තවත් රටවල් කිහිපයක් සහ එන්නත් නිෂ්පාදකයන් කිහිප දෙනෙකුද සමගින් ඒකාබද්ධව වෙනත් රටවලට COVID-19 එන්නත් නිපදවීම සහ  සැපයීම සිදුකරන බවත් පවසා සිටියි. ඉදිරියේදී ලොව රටවල් 88කට සහ ජාත්‍යන්තර සංවිධාන හතරක් වෙතද මෙම එන්නත් ආධාර ලබාදීමට පියවර ගන්නා බවද චීනයේ වාණිජ අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කර සිටියි.

මීට අමතරව චීනයද සම්බන්ධව සිටින BRICS සංවිධානයේ රාජ්‍යයන් හා එක්ව එත්නත් පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවමින් එහි සාමාජික රාජ්‍යයන් වන බ්‍රසිලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව තුළ එන්නත් පිළිබද පර්යේෂණ සහ සංවර්ධනය කිරීම් වේගවත් කිරීමට පියවර ගැනීමේ සැලසුමක්ද දැනටමත් ඉදිරිපත් කර තිබේ.