ඇමෙරිකා එක්සත් ජනපදයේ විසූ වයස්ගතම විම්පන්සියා ලෙස සැලකෙන එරට සැන්ෆ්‍රැන්සිස්කෝ සත්වෝද්‍යානයේ ජීවත් වූ කොබී නම් චිම්පන්සියා මරණයට පත්ව ඇතැයි වාර්තා වෙයි. 

මිය යනවිට කොබී 63 හැවිරිදි වියේ පසු වී තිබේ. 1960 දශකයේදී කොබී මෙම සත්වෝද්‍යානය වෙත රැගෙන විත් තිබේ. මෙම චිම්පන්සියාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය කර නැත. ආසන්න කාලසීමාවේදී සත්වයා අසනීපව සිටි බවත්,

වයසත් සමගම ඌ මරණයට පත්වන්නට ඇති බවත් විශ්වාස කෙරේ.  ස්වභාව සංරක්ෂණය  පිළිබඳ ජාත්‍යන්තූර එකමුතුවට (IUCN) අනුව චිම්පන්සියන් යනු අද ලොව තර්ජනයට ලක්ව ඇති සත්ව. විශේෂයකි. වනයේ වෙසෙන විර්යෙන් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 2ක් පමණ වන  බවට හඳුනාගෙන ඇති අතර, ඔවුන්ගේ ආයු කාලය වසර 33ක් පමණ වෙයි. එහෙත් මිනිසුන් ආශ්‍රිතව දිවි ගෙවන චිම්පන්සීන්ගේ ආයු කාලය වසර 50ත් 60ත් අතර වන බවද පැවසෙයි.