chandimal-party

චන්දිමාල් ජයසිංහගේ උපන්දිනයට සහභාගී වූ බව කියන තවත් හය දෙනකු අත් අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම දූෂණ විමර්ශන ඒකකය කියයි.
එම පිරිස අතර චන්දිමාල් ජයසිංහගේ මව, නැගණිය සහ ඔවුන්ගේ රියැදුරු ද සිටින බව පොලිසිය පවසයි.

එම පිරිස අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කොළඹ තරු හෝටලයකදී චන්දිමාල් ජයසිංහ විසින් පැවැත්වූ උපන්දිය සාදයට සහභාගී වූ බවට සැකපිට මේ වනවිට 21 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ තවත් එක් සැකකරුවෙකු ගැන තොරතුරු සොයමින් සිටින බවයි.
 අද දිනයේ හසුවූ 6 දෙනා කාන්තාවන් 3ක් පිරිමි පුද්ගලයන් 3ක් බව කී අතර චන්දිමාල්ගේ මව නැගණිය හා මාධවී ඇන්තනි සහ ඇගේ ස්වාමිපුරුෂයා ඒ අතර සිටින බව පොලිසිය තහවුරු කළේය.