[Trending][btop]
[News][stack]

තෑගි සංතෝෂම් ගත්තා යැයි චමුදිත විසින්ම​ පිළිගැනීම​ හා මුදලට සම්මුඛ සාකච්ඡා පැවැත්වීම ගැටලුවක්

chamuditha-uvindu

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු හා ජනමාධ්‍ය උගැන්වුම් කරන දේශකයෙකු වන උවිඳු කුරුකුලසූරිය​ විසින් නිවේදක චමුදිත සමරවික්‍රම මෑතක සිදු කළ අදහස් දැක්වීමක් සම්බන්ධ විමතිය පළ කර තිබේ. එහිදී ඔහු කථාකරන්නේ පියුමි හංසමාලි සිද්ධිය ගැන නොවේ. ජනමාධ්‍ය වේදියෙකු ලෙස චමුදිත එම සාකච්ඡාවේදී සිදු කළ විමතිදායි සාධාරණය කිරීම් කිහිපයක් ගැනයි.
පසුගියදා පියුමිට උත්තර ලබාදෙන්නට හරින්ද්‍රගේ යූටියුබ් සාකච්ඡාවකට එක්වූ චමුදිත සමරවික්‍රම තමා ටීඑන්එල් නාලිකාවෙන් ඉවත්වීම ගැන එම ආයතනයේ වැඩසටහන් කිරීමේදී මුදලට තෑගිවලට වැඩ කිරීම ගැන කතා කළ අතර වර්තමානයේ තම යූටියුබ් නාලිකාවේ සල්ලි වලට තමා සාකච්ඡා ලබාදීමට නොපැකිළෙන බවද දන්වා සිටියේය. මාධ්‍ය වේදියා ජනතාවගේ සන්නිවේදකයෙකුවීමක් මෙතැනදී සිදුවන්නේද යන්න ගැටලුකාරී බව උවිඳු පැහැදිලි කරයි.
ඔහු පළ කළ අදහස් කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ උපුටනය පහතින්
"කෙනෙක් මගේ වෝල් එකේ කොමෙන්ට් එකක් දාල තිබ්බ චමුදිත සමරවික්‍රම සල්ලිවලට වැඩ කරන කෙනෙක් කියල හරේන්ද්‍ර ජයලාල් එක්ක කරපු වැඩ සටහනේදි ඔප්පු උනා කියල. ඒ ජයලාල් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණත් එක්ක කරපු ඉන්ටවීව් එක ගැන මම ලියපු ෆේස්බුක් ලියපු සටහන යට.



ඒ නිසා මම අද ඒ වැඩ සටහන බැලුව​. මම මේක කියන්නෙ චමුදිත සමරවික්‍රම ගැන නෙමෙයි. නමුත් එයා කියපු දේ ගැන. [දැන් එයා හිරු එකේ]. එයා අවකාශය දෙන අයගෙන් වරප්‍රසාද ගත්ත කියල පිලිගැනීම​​ ගැන​, නැතුව ඒ මුලු සාකච්ඡාව ගැනම නෙමෙයි. [ඒකත් විග්‍රහ කරන්න වටිනව​]. එයා කියනව එක එක්කෙනාට කඩේ ගියා. එයාව ජනමාධ්‍යවේදියෙකු කරපු ටි.එන්.එල්. ආයතනයෙදිත් එයා කරපු වැඩ සටහන්වලට ගෙනාපු අයගෙන් තෑගි බෝග, උදවු පදවු, පෞද්ගලික වාසි අරන් තියෙනව කියල. මහින්ද ජනාධිපති කාලෙත් චමුදිත රූපවාහිනියෙ ප්‍රධානියෙක් නෙ. ඔය එයා මෛත්‍රිපාලගෙ ඇමති කාලෙ මාධ්‍ය ලේකම් ඉඳන් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ වගේ තනතුරු දක්වා ගිහින් ගත්ත ඒව ගැන කියනව. දැන් එයා හිරු එකේ ප්‍රධානියෙක්. එයාගෙ අද පුද්ගලික YouTube ​චැනල්වලට එන අයගෙනුත් සල්ලි ගන්නව කියලත් කියනව​. මේවාට කියන්නෙ අල්ලස් කියාය​!

මම චමුදිතව හමුවෙලත් නැහැ, දන්නෙත් නැහැ පුද්ගලිකව​.

[සම්පූර්ණ සකාච්ඡාව බලන්න​]

මම ආචාරධාර්මික මාධ්‍යයක් වෙනුවෙන් වැඩ කරල තියෙනව හැමදාම. ඒ කියන්නෙ මගේ කොල්ල කාලෙ ඉඳන්. මම කිසිම වරප්‍රසාදයක් අරන් නැහැ මගේ මේ වයසට එනකන් වත් කොච්චර ඔෆර්ස් තිබ්බත්.

ඉතිං මේකයි කතාව මෙහෙම වරප්‍රසාද​ තෑගි ගන්නව නම්, ඒක එලිදරවු කරන්න ඕනෙ තමන්ගෙ ආසන්නතම​ ප්‍රධානියට. එතකොට එයා අනිත් අයත් එක්ක තීරණය කරයි ඒක දානවද නැද්ද කියල. ඒක තමා ලැදියාවාන්ගේ ගැටුම එලිදරව් කරනව කියන එකේ මූලික අදියර​.

සල්ලි ගන්න වැඩ සටහන් කරනව නම් ඒක ඇඩ්වටෝරියල්ස්/බිස්නස් වගේ වචනයකින් කිව්වම ඒව පරිශීලනය කරන අය​ ප්‍රේක්‍ෂකයො කිරල මැනල තේරුම් ගනියි.

බොටම් ලයින් එක තමා, ජනමාධ්‍ය කරන/ඉන්ටර්විවි කරන අය ඒවට ගෙන්නන අයගෙන් සල්ලි ගන්නව නම් ඒක ප්‍රේක්‍ෂකයින්ට​/පාඨකයින්ට​/ ග්‍රාහකයින්ට කියන්න ඕනෙ.

මම දහස් ගානකට උඟන්වල/දැනුම බෙදා හාදගෙන තියෙනව. මම ඒ හැමෝටම කියන්නෙ තමන් සුලු හරි තෑග්ගක් ගත්ත නම් ඒක තමන්ගෙ ප්‍රධානියාට එලිදරව් කරන්න කියල. එතකොට ඒ අය තීරණය කරයි ඔබ ලියපු දේ දානවද නැද්ද කියල.

ලොකුවට මම ලියල තියෙනව මේ ගැන. මේක කෙටි සටහනක්. අපි ලංකාවෙදි මේව ගැන කතා කරා ලොකු මට්ටමේ. සමහර අය පාපෝච්චාරණත් කරා. ඒව තමා වැදගත්. සමහර අය ඒ තෑගි සුභ සාධක​ සංගමයට ගිහින් දුන්න කිව්ව .



ජනමාධ්‍යකරන කෙනෙකුට​ ගන්න පුලුවන් තෑග්ගෙ ප්‍රමාණය ගැන තීරණයක් ගන්න ඕනෙ කියල මම අධ්‍යක්‍ෂවරයෙක් වෙලා හිටපු, පුවත්පත් ආයතනයෙදිත්, ප්‍රෙස් කොම්පේලෙන් කොමිසමේදිත් [නොමිලේ වැඩ හරිද?] කිව්ව​. දැන් මොනව වෙලාද දන්නෙ නැහැ.

කෙටියෙන් කතාව මේකයි, ජනමාධ්‍යවේදීන් එහෙම කිසිම වරප්‍රසාදයක් ගන්න එක වැරදියි. ජනමාධ්‍යවේදීන් කියන අයත් මහජනය තමා නියෝජන කරන්නෙ.

ඒත් එතකොට අපි තෑගි ප්‍රතික්‍ෂේප කරන්නම ඕනෙද ?

නැහැ.

තෑග්ගෙ වටිනාකම අනුවයි ඒක තීරණය වෙන්නෙ. ඔය ප්‍රෙස් කොන්ෆරන්ස් එකකට යනකොට දෙන ස්වනියර්ස් අඩංගු පොඩි මලු ගැනීම එකක්, ඊට එහා දේ ගැනීම තව එකක්. චූටි තෑග්ගක් පෑනක් වගේ ඒව ප්‍රතික්ශේප කිරීම හිතරිදෙවන්නත්, රැපෝව නැතිකරගැනීමකට මුල පෑදීමක් වෙන්නත් පුලුවන්. [ඒවත් නොගන්න අය ඉන්නව​].

ලොකු තෑග්ගක් දුන්නොත් ඒක ලැබුන බව දන්වා නමුත් ප්‍රතික්‍ෂේප කරන ගමන්, රැපෝවත් තියාගනිමින් ස්තූතිකරන ලියුමක් එක්ක හරවා යවන්න ඕනෙ කියන සම්ප්‍රදාය ලෝකෙ ආචාරධර්ම ගරුකරන මාධ්‍ය කරනව. මේව ගැන මම​ කියල තියෙනව අවුරුදු 25ක ඉඳන්, අඩු ගානෙ මම 2001දි එංගලන්තෙ ඉඳන් ලංකාවට ආව කාලෙ ඉඳන්. අපි මේව මොඩියුල් වලටත් දැම්ම​.

මේ The New York Times පුවත්පතේ [අභ්‍යන්තර ආචාරධර්ම කෝඩ්] එහෙම තෑගි හරවා යවන ලියුමෙ ආකෘතිය. මේ ගැන මම කොච්චර ලියල තියනවද ???? ඒත් තාම මොකුත් වෙන්නෙ නැහැ ලංකවෙ මේ ගැන​!!!

Dear XXXXXXXXX,

Your recent gift came as a pleasant surprise. I appreciate your thinking of me.

But the gift puts me in an awkward position. The New York Times bars its reporters and editors from accepting anything of value from the people or groups they cover. The paper does not want to risk the perception that it will cover a subject more thoroughly or skew its coverage of controversial subjects because interested parties have expressed appreciation for its efforts.

So I must return your gift with thanks. I hope you understand our position, and I thank you for your thoughtfulness.

Sincerely,

[නම​ xxx]

තව එහාට ගිය එවත් තියෙනව​
Sample letter declining an unsolicited award

Dear XXXXXXXXX,

Your recent letter informing me that I’d been selected to receive an award from XXXXXXXX came as a pleasant surprise. I appreciate the sentiment behind the award.

But your decision puts me in an awkward position. The New York Times bars its reporters and editors from accepting awards conferred by groups that have an interest in the subjects covered by the award recipients. The paper does not want to risk the perception that it will cover a subject more thoroughly or skew its coverage of controversial subjects because interested parties have applauded its efforts.

So I must decline your award with thanks. I hope you and your colleagues understand our position.

Thank you again for your kind words.

Sincerely,

[නම​ xxx]

තමන් ලොක්ක​, මේක​ මගේ ආයතනය කියලවත් එහෙම සල්ලි ගන්න බැහැ, ඇඩ්වටීස්ට්ස්මන්ට්ස් වෙනයි, ඇඩ්වටෝරියල්ස් කියන ඒවයි වෙනයි. සමහර වෙලාවට ඕව පැටලෙන්නත් පුලුවන් හැමෝටම​ දැන් මේ ගූගල් සීන් හින්ද​, ඔන්ලයින් යනකොට ඇඩ් දානව මාධ්‍ය කරන අයත් නොදන්න​.

ඒත් බොටම් ලයින් එක තමා, ජනමාධ්‍ය කරන ඉන්ටර්විවි කරන අය ගෙස්ට්ගෙන් [තමන් ඉන්ටර්විව් කරන කෙනාගෙන්] සල්ලි ගන්නව නම් ඒක ප්‍රේක්‍ෂකයින්ට​/පාඨකයින්ට​/ ග්‍රාහකයින්ට කියන්න ඕනෙ. ඒ ඒ සමාජය අනුව තමන්ට පුද්ගලිකව දෙන​ – ​ස්මරණයක්/ස්වනියර් එකක් විදියට තියාගන්න පුලුවන් තෑගි වල වටිනාකමේ ප්‍රමාණය ගැන තීරණයක් ඔනේ.

දැන් මම ඒව ගැන නෙමෙයි උඟන්වන්නෙ හෝ ට්‍රේන්කරන්නෙ, නමුත් මම ට්‍රේන්කරන කාලෙ The New York Times පුවත්පතේ අයට ගන්න පුලුවන් ඩොලර් 20කට නොඅඩු තෑග්ගක් විතරයි. ඊට වැඩි දේවල් වලට කරන්න ඕන දේ උඩ තියෙනව​. [තව ඕන තරම් උදාහරන දෙන්න පුලුවන් ලෝකෙ මාධ්‍ය ආයතන වැඩ කරන විදිය මේ තෑගි ගැන​]

පලවෙනියටම මට එහෙම දෙයක් දුන්නෙ මාව හරි හැටි නොදත් රවී කරුනානයක. රාවය ලොකු පත්තරයක් කරන්න ගියාම 1996දි මම රවීව ඉන්ටර්වීව් කරා. ඔය වරාය ගාව එයාගෙ ඔෆිස් එකේදි. ඉවර උනාම එයා මට කැශ් චෙක් එකක් දුන්න රුපියල් 6,000ක හෝ 9,000ක​. මම ඇහැව්ව ඇයි කියල​. එයා කිව්ව මගේ මහන්සියටද​ මොකටද කම්ප්ලිමන්ට් එකක්ද කොහෙද කියල​. [හරියට කිව්ව වචනෙ ඇති මගෙ පොතේ] මම ඒක ගිහින් අයින්වන්ට කියල අපි අපේ පත්තරේ “සුභ පතන්නෙක් ගෙන්” කියල පොඩි තීරූවක් දැම්ම​. උන් දන්නෙ නැහැ මං ගැන​.

ඊ ලඟට​ එකම කෙනයි එහෙම තෑග්ගක් එව්වෙ, ඒ විස්කි බෝතලයක්. ඒ මහින්ද සමරසිංහ​, විපක්‍ෂයේ මන්ත්‍රී කෙනෙක් ඒකාලෙ. මේ කියන්නෙ 1996දි. මම පොඩි කොල්ලෙක් හොඳට කන බොන​. මම ඒකත් ආපහු යැව්ව​. ඒ කාලෙ ඔය ජනමාධ්‍ය ආචාරධර්ම ගැන ලංකාවෙ කතාවකුත් නැහැ. ලැදියාවන් අතර ගැටුම තේරෙන්න ඕනෙ. මේව ඉන්ස්ටින්ක්ට්. මගේ කාලෙ ජනමාධ්‍ය ආචාරධර්ම ගැන කතාව ආවෙ වික්ටර් අයිවන්ටයි, සිංහ රත්නතුංගටයි, බන්දුල පද්ම කුමාරටයි චන්ද්‍රිකා ආණ්ඩුව යටතෙ සාපරාධී අපහාස නීතිය යටතෙ නඩු දැම්මට පස්සෙ. තාම වෘත්තිය මාධ්‍යකරන අයත් එහෙම නම්, ඔය දැන් සමාජ මාධ්‍ය කියල තියෙන කාලෙ කොච්චර සල්ලි වරප්‍රසාද ගන්නව ඇද්ද?

චමුදිතට ස්තූතියි අවංක වීම ගැන​.

දෙනකොට හිතන්නෙ ඇයි දෙන්නෙ කියල​, ගන්න කොටත් හිතන්න ඇයි ගන්නෙ කියල​! "
-------------------------


චමුදිතගේ සාකච්ඡාවට අදාළ පෙර ලිපිය මෙතැනින්
මට මරණ තර්ජනයක් ඇවිත් තියනවා