
දකුණු පළාත තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිය සංගමයේ සාමාජිකයින්ගේ ඥාතීන්ට කොවිඩ් එන්නත ලබාදීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව මෙලෙස ලබාදීම බරපතළ ගැටලුවක් බවය.
“ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගන්න ලංකාවේ තවදුරටත් 580,000කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා.
මේ තත්ත්වය යටතේ වෛද්‍යවරුන්ගේ නිවෙස්වල ඉන්න ඔවුන්ගේ පවුල්වල අයට එන්නත් ලබාදීම නිසා යම් අර්බුධකාරී තත්ත්වයක් පසුගිය දින කිහිපයේ නිර්මාණය වුණා.
ඊයේ ජනමාධ්‍ය වාර්තා කරලා තිබුණා ගාල්ල උණවටුන රෝහල ආශ්‍රිතව ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදෙනවා කියලා.
කොළඹ සිට පැමිණි පෞද්ගලික ආයතනවල අයට, වෛද්‍යවරුන්ගේ පවුල්වල අය, වැනි පිරිස් සඳහා එම එන්නත් ලබාදුන් බවට තමයි වාර්තා වුණේ.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලංකාවේ නෑ කියලා යළි යළිත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් කියද්දි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අනුබද්ධ ගාල්ලේ නියෝජිතයින් සතුව මේ එන්නත් තිබුණේ කොහොමද?
ඒ එන්නත් පෞද්ගලික අංශයේ අයට ලබා දුන්නා නම් ඒ කොහොමද ලබාදුන්නේ.
ඔවුන් නොයෙකුත් ප්‍රදේශවල ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිදැල්ලේ තබා ගනිමින් ඔවුන්ට අවශ්‍ය අයට එන්නත් කරන ආකාරය අපිට පේන්න තියෙනවා.
මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් අවශ්‍යයි.”
Comments
Post a Comment
Your comment will be visible after approval