
COVID-19 වෛරසයට. එරෙහිව පූර්ණ එත්නත්කරණය ලබාගත් සංචාරකයන් සඳහා කැනඩාවේ දේශසීමා ලිහිල් කිරීමට එරට අගමැති ජස්ටින් ටෘඩෝ සූදානමින් සිටින බව පවසයි. ඒ අනුව මෙහිදී එන්නත් ලබාගෙන ඇති සංචාරකයන් සදහා මෙතෙක් ක්‍රියාත්මක වූ දින 14ක හුදෙකලා කාලසීමාව ලිහිල් කිරීමට අගමැතිවරයා අදහස් කරගෙන සිටියි.
කෙසේ වෙතත් මෙලෙස කැනඩාවට පැමිණෙන සෑම සංචාරකයෙකුම COVID-19 වෛරසය සම්බන්ධයෙන් පරික්ෂවකට ලක් කෙරෙන අතර, ඔහු හෝ ඇය කෙටි කාලයකට හෝ නිරෝධායනය වීම අනිවාර්ය වී ඇත. කැනඩා රජයේ ආරංචි මාර්ග අනුව මෙම නව සැලසුම දින කිහිපයක් ඇතුළතදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. මේ අතර කැනඩාව ලබන ජූනි 22දා සිට එක්සත් ජනපදය සමගිවන දේශසීමා තහනම් ලිහිල් කිරීමට සූදානමින් සිටින බවත් වාර්තා වෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval