ගීත රූප රචනා තුළින් විශාල ජනප්‍රියත්වයක් හිමි කරගත් ඕෂධී හිමාෂා ඉන් පසුව සිනමාව තුළින්ද ප්‍රේක්ෂකයන් අතරට පැමිණියේය. එමෙන්ම ඇය නිරූපණ ශිල්පිනියක් ලෙස තවමත් නිරූපණ ක්ෂේස්ත්‍රයේ වැඩ කටයුතු කරන්නීය. 




කෝවිඩ් - 19 තත්වයත් එක්ක ඔබේ වැඩ කටයුතු කොහොමද?

මේ පවතින තත්ත්වයත් එක්ක ලොකු ව්‍යාපෘති කිසිවක් ඇත්තටම බාරගෙන නැහැ. පහුගිය දවස්වල මම දායක වුණු මියුසික් වීඩියෝ දෙකක් ඉදිරියේදී නිකුත් වෙත්ත නියමිතයි. පවතින තත්වයන් සියයට සියයක්ම අපේ  ක්ෂේත්‍රයට ලොකු බාධාවක්. අපි වැඩ කරද්දී ලොකු කණ්ඩායමක් එක්ක වැඩ කරන්නේ. අවම වශයෙන් මිනිස්සු දහයකට වැඩි පිරිසක් වැඩකදී ඉවානේ. එතකොට අපි ගෙදර අය ගැන හිතත්න ඕනේ. පවුලේ අය ගැන හිතන්න ඕනේ. හැමෝම ගැන හිතලා හරි පරිස්සමින් වැඩ කරත්ත ඕනේ.


කෝවිඩ් -19 අපේ ක්ෂේත්‍රයට විතරක් නෙවෙයි හැම ක්ෂේත්‍රයකටම විශාල බාධාවක් වුණා.

ඒ වුණාට මේ වෙලාවේ පරිස්සමට තමයි මූලිකත්වය දෙන්න ඕනේ. අපේක්ෂේත්‍රයේ සැහෙන කොට්ඨාසයක් මේ වෙදිත් සෑහෙන අපහසුතාවට පත් වෙලා ඉන්නවා. අපේ ආර්ථික මට්ටම තියෙන්නේ අපි කරන වැඩත් එක්කනේ.


ඔබව සිනමාව තුළින් ඉදිරියේදීත් දකින්න ලැබෙනවාද?

අලුත් ස්ක්‍රිප්ට් දෙක තුනක් ආවා. නමුත් ඒවා කියවලා, මට ඒ චරිත ගැළපෙනේ නැහැ කියලා හිතුණු නිසා බාර ගත්තේ නැහැ. මම රංගනයෙන් දායකත්වය දුන් හැම චිත්‍රපටයක්ම මේ වෙද්දි තිරගත වෙලා අවසන්. මම දායකත්වය  දීපු අන්තිම චිත්‍රපටය මිස්  ජෙනිස් චිත්‍රපටය. ඒත් එය කෝවිඩ්-19 තත්වය නිසා සෑහෙන්න බිඳවැටීමකට ලක්වුණා. නමුත් මගේ චරිතයට පෞද්ගලිකවම මට හොඳ ප්‍රතිචාර ලැබුණා.


ඔබ එකම චරිතවලට කොටුවෙලා නේද?

පෙම්වතියගේ චරිතය තමයි වැඩියෙන්ම කරන්න ලැබිලා තියෙන්නේ. මියුසික් වීඩියෝ පැත්තෙන්දී නම් ප්‍රේමවන්තියන්ගේ චරිතය වගේම අම්මාගේ චරිතයක් කරන්න ලැබිලා තියෙනවා. මමත් ආසයි වෙනස් චරිතයක් කරන්න. අපි චරිතයක් බාරගත්තොත් ඊට උපරිම සාධාරණය ඉටුකරන්න ඕනි. අපේ ආසාවට චරිතයක් බාරගත්තට මදි. මට කරන්න පුළුවන් වෙනස් චරිතයක් ලැබුණොත් මම අනිවාර්යයෙන්ම බාර ගන්නවා.


ඔබව ටෙලි තිරයේ දක්නට නොලැබෙන්නේ ඇයි?

ඔය ප්‍රශ්න ගොඩාක් අය අහනවා. ඇත්තටම මම කාර්යබහුල වෙන්නෙ කැමති නැහැ. මම ඩ්‍රාමා එකකට කාලය ලබා දුන්නොත් ඒකෙන් මන්ගේ පවුල් ජීවිතයට ප්‍රමුඛත්වය දෙන්න බැරි වෙනවා.


පැමිණි ගමන දෙස බලද්දී ඔබ තෘප්තිමත්ද?

මම ඉතා සාර්ථක ගමනක් ආවා කියලා හිතනවා. මොකද අද ක්ෂේත්‍රයට එන අය අද එනවා හෙට යනවා. ගොඩාක් අයට එහෙම තත්ත්වයක් තමයි තිබෙන්නේ. එයින් අතලොස්සක් තමයි කලා ක්ෂේත්‍රෙයේ නම තියාගෙන රැදිලා ඉන්නේ. ඉතින් ඒ අතලොස්ස අතරේ මමත් ඉන්නවා කියලා මම හිතනවා. ඒ ගැන අවංකවම සතුටුයි.

(කැළුම් දේවින්ද)