food-delivery-sri-lanka

එළවළු, පලතුරු සහ සිල්ලර ද්‍රව්‍ය අලෙවිකරන ජංගම වෙළද රථ ප්‍රධාන මාර්ගවල ගමන් කළද අතුරු මාර්ගවල ගමන් නොකිරීම නිසා අතුරු පාරවල්වල පදිංචිකරුවෝ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය මිලදී ගැනීමට නොහැකිවීමෙන් අපහසුතාවට පත්ව සිටිති ප්‍රධාන මාර්ගයක අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගත් වෙළෙඳ රථයක් ගමන් කරනවිට එයින් යමක් මිලදී ගැනීමට ප්‍රධාන මාර්ගයට යනවිට එම ජංගම රථ එම ස්ථානය පසුකර ගොස් තිබීම නිසා ප්‍රධාන මාර්ගයේ ගමන් කරන ජංගම වෙළඳ රථයකින් පවා ද්‍රව්‍ය මිලදී ගැනීමට නොහැකි වන බව කියති.

ජංගම වෙළෙඳ රථවලින් ගෙනෙන පාරිභෝගික ද්‍රව්‍ය වල මිල අධිකවීම සහ නිසි ප්‍රමිතියෙන් තොරවීම නිසා ජංගම වෙළඳ රථ පැමිණියද ප්‍රධාන මාර්ගවල පදිංචි ජනතාව පවා දැඩි අපහසුතාවට පත්ව සිටිති. ගොවීන් නිෂ්පාදනය කරන එළවළු පලතුරු අතරමැදියන් අතට නොයවා ගොවීන්ගෙන් කෙළිම පාරිභෝගිකයන්ට ලබාගත හැකි වැඩ පිළිවෙළක් ග්‍රාම නිලධාරින්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් වැනි රජයේ නිලධාරින් හරහා ක්‍රියාත්මක කරන්නේ නම් අළුත් එළවළු පළතුරු සාධාරණ මිලට ලබාදිය හැකි බව ජනතාව කියති.
(කඹුරුපිටිය - ප්‍රීති වර්ධන)