lockdown-release-date

සංචරණ සීමා ලබන 21 වැනිදා ඉවත් කරන්නට නියමිතව තිබුණත් එය තවදුරටත් දීර්ඝ කරන්නට නියමිත බවට විවිධ කතා පවතී. විශේෂයෙන්ම පවතින කොරෝනා වසංගත තත්වය දිනපතා පසුබැසීමකින් තොරව පැවතීමත් සංඛ්‍යාත්මක ප්‍රතිශත අගයන් නොවෙනස්ව පැවතීමත් නිසා යළි රට පෙර පරිදි විවෘත කිරීම අවදානම තවත් ඉහළ දමන්නක් විය හැකි බවට මත පළව තිබේ.




පවතින තත්වය විශ්ලේෂනය කර සරචරණ සීමා ඉවත් කරන්නේද නැද්ද යන තීරණය ගන්නට තවත් ටික දිනක් අවශ්‍ය බව  කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද පැවසීය.
ඒ අනුව සංචරණ සීමා මේ ලෙසම තවත් සතියකට ලබන 27 හෝ මෙම මාසය අවසන් වනතුරු 30 දක්වා පවත්වාගෙන යාමට අදහස් පළව තිබේ.
කොරෝනා වසංගත තත්වය සම්බන්ධයෙන් ඉදිරි දිනවල සාධනීය තත්වයක් ඇතිවුවහොත් සාධනීය තීන්දුවක් ගන්නා බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු කීය.
මෙම තීරණය ගනු ලබන්නේ ලබන සති අන්තයේ එනම් ලබන 19 වැනිදා හෝ 20 වැනිදා බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.