ඇමෙරිකා එක්සත් ජනපදය තුළ 2019 දෙසැම්බර් මාසයේදී පවා කොරෝනා  වසංගත තත්ත්වය පැවැති බවට සාක්ෂි හඳුනාගෙන ඇතැයි අලුත්ම අධ්‍යයනයක් මගින් පෙන්වා දෙයි. එරට ජාතික වෛද්‍ය අධ්‍යයන ආයතනය (National Institute of Health) මගින් ඉතාමත් මෑතකදී සිදුකරන ලද නවතම ප්‍රතිදේහ පරික්ෂාවකදී මේ පිළිබඳ කරුණු අනාවරණය වී තිබේ. මීට පෙර සටහන්ව ඇති වාර්තාවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපදය තුළ පළමුවරට නව කොරෝනා වෛරස රෝගියෙකු හමුවී ඇත්තේ 2020 වසරේ ජනවාරි 21 වැනිදාය. 

ඒ අනුව ඊටත් සති කිහිපයකට පෙර සිටම නව කොරෝනා වෛරස ආසාදිතයන් එරට සිටි බවට මෙම අධ්‍යයනය මගින් සාක්ෂි සපයන බව පැවසෙයි. මෙම අධ්‍යයනයේදී එම ආයතනය මගින් 2020 ජනවාරි 02දා සිට මාර්තු 18දා දක්වා රට පුරාම ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන්ගෙන් ලබාගෙන මේ දක්වා ගබඩා කර තබා ගෙන තිබූ රුධිර සාම්පල 24,000කට අධික ප්‍රමාණයක් පිළිබඳව විශ්ලේෂණය කර තිබේ. ඒ අනුව මෙම පරීක්ෂාවට බඳුන් කළ රුධිර සාම්පල හිමි පුද්ගලයන් 9 දෙනෙකු තුළ නව කොරෝනා හෙවත් coVID-19 වෛරසය ලෙස හැඳින්වෙන SARS-coV-2 වයිරසයට එරෙහි ප්‍රතිදේහ පවතින බව හඳුනාගෙන තිබේ. මෙහිදී අදාළ පිරිස් ඇමෙරිකාව තුළ පළමු cOVID-19 රැල්ල ව්‍යාප්ත වූ ප්‍රධානම ස්ථාන ලෙස සැලකෙන සියැටල් සහ නිව්යෝක් නුවරින් බාහිරව ජීවත් වූ පිරිස් ලෙසත් ස්ථිරවම සටහන්ව ඇත. ඇමෙරිකා එක්සත් ජනපදය තුළ දැනට පවතින දත්ත අනුව එරට පළමු COVID-19 ආසාදිතයන් පිළිබඳව තොරතුරු වාර්ත වන්නේ 2020 ජනවාරි 7දා සහ 8දාය. එහිදී එරට ඉනොයිස් සහ මැසචුසෙට්ස් යන ප්‍රාන්තවලින් ලබාගත් රුධිර සාම්පලවලින් මේ බව තහවුරු වී ඇත. ඒ අනුව මෙම අලුතින්ම අධ්‍යයනය. යටතේ ඊට පෙර  COVID-19 වෛරසය එක්සත් ජනපදය තුළ තිබූ බවට කරුණු ස්ථිර කරවන බව සඳහන්ව තිබේ.