
මියගිය කැස්බෑවෙකුගේ මළ සිරුරක් අද(17) උදෑසන ඉඳුරුව, යාලේගම වෙරළ තීරයට ගොඩ ගසා තිබේ.
හික්කඩුව වනජීවි උද්‍යානයේ නිලධාරියෙකු සඳහන් කළේ, එම කෑස්බෑවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පශු වෛද්‍ය කාර්යාලයට යොමු කරන බවය.
ඉන් අනතුරුව එම සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බව එම නිලධාරියා සඳහන් කළේ ය.
මේ වනවිට දකුණු මුහුදු තීරයෙන් මියගිය කැස්බෑවන් 16 ක් පමණ හමු විය.
මේ අතර නවතම වාර්තා අනුව මෙරට වෙරළ තීරණයට ගොඩ ගැසූ කැස්බෑ මළ සිරුරු සංඛ්‍යාව 40කට අධිකය.
Comments
Post a Comment
Your comment will be visible after approval