
ඒ අනුව දකුණ , බස්නාහිර , සබරගමුව , වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට අද රාත්‍රියේ මිලිමීටර් 200 ඉක්ම වූ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිණිකොන දිග අරාබි මුහුද ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව නිවේදනයේ වැඩිදුර සඳහන්ය,
මේ අතර , පවතින වැසි සමඟ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් බුලත්සිංහල,පාලින්දනුවර, මිල්ලනිය සහ හොරණ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
කළු ගඟ ද්‍රෝණියේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලමින් පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් කුකුලේ ගඟ සහ කුඩා ගඟ ජල මට්ටම ඉහළ යමින් පවතින බව ද වාරි මාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුර සඳහන් කර සිටියි.
එම නිවේදනය,


Comments
Post a Comment
Your comment will be visible after approval