sudewa-hettiarachchi-speaks

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සුදේව හෙට්ටිආරච්චි එම තනතුර ලැබීමෙන් පසු
 නෙත් එෆ් එම් ගුවන් විදුලි නාලිකාවට පැමිණ ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් මේ සමග පළවේ.




●ඔබේ සරලබව තවමත් වියැකිලා නෑ...අප කැමති හැමදාමත් ඔබතුලින් විද්‍යාමාන වෙනවට...
         ''මම නම් කවදාවත් තරුවක් කියලා හිතන්නේ නෑ කවදාවත්...මම අදත් හෙටත් මතුවටත් හැමදාම පොළොවේ පය ගහලා ඉන්න සාමාන්‍ය කෙනෙක්...''
●අද ඔබේ තනතුර ඔබේ නමට ඉහළින් කියවෙන තනතුරු නාමය...ඔබේ ඇරඹුමේදී ඔබට දැනුන තැන කොතනද?
           ''මම හිතන්නේ මම ළමා ශිල්පියෙක් කියලා හඳුනගත්ත තැන ගුවන් විදුලියේ ළමා පිටියට ළමා ශිල්පියෙක විදිහට එකතු වෙන තැන තමයි මගේ ජීවිතේ ඇරඹුම වෙන්නේ...''
●ඒ විදිහට ගලාගෙන ආව ඔබේ ජීවිත කතාවේ ඔබ වැටුනු තැන කොතනද?
        ''හරියට බැලුවොත් එහෙම වැටුනු තැනක් නෑ....වැටුනු තැනක් ගැන මම හිතලත් නෑ,මට හිතන්න ඕනත් නෑ....ජීවිතේ ගලාගෙන යනකොට අපිට විවිධ හැලහැප්පීම් එනවා...හැබැයි මම ඒ වගේ තැන් වල හිතාගෙන නෑ මෙන්න මෙතන මම වැටුනා කියලා...''
●අද මම ඔබව මේ විදිහට ප්‍රශණ කරනුලබනවා...කී දෙනෙක් ඔබ විසින් ප්‍රශණකර තිබෙනවාද..?
        ''ගණන්කරලා නෑ..බොහෝ දෙනෙක් ඉන්නවා....විවිධ ක්ෂේත්‍ර වල  පුද්ගලයින් මා විසින් ප්‍රශණ කර තිබෙනවා....ප්‍රශ්ණ කිරීමේ කලාව ආරම්භ වන්නේ ළමා පිටියෙන්ම තමයි..ළමා පිටිය මගේ Turning point එකක් කියන්නේ මේ හැම අංශයකටම මාව යොමුවෙන්නේ මේ තුලින්....ගායකයාගේ භූමිකාව,නිවේදකයාගේ භූමිකාව,සංගීත අධ්‍යක්ෂක වරයෙකුගේ භූමිකාව,පිටපත් රචකයකුගේ භූමිකාව,මේ ආදී වශයෙන් විවිධ දේ වලට යොමුවෙන්න මේ දේවල් හොයන්න යොමු කරන්න පුරුදු කරපු තැනක් තමයි මේ ළමා පිටිය...පුදුම ශක්තියක් දැනුන තැනක් තමයි මේ ළමා පිටිය...ඒ කාලේ අපිට මේක දැනුනේ නෑ..මම  මේ තනතුර භාරගත්ත දවසේ සුමන ජයතිලක නැන්දා කතා කරලා කිව්වා මතකද එදා පළවෙන් දවස කියලා එතකොට තමයි මම අතීතයට ගියේ...මගේ අම්ම තමයි හඳුනගත්තේ මට මේ හැකියාවක් තියෙනවා කියලා ඊට පස්සේ මට මතක විදිහට හඳ මාමා 25 වන සංවත්සරයද වෙන්න ඕන මට හරියට මතක නෑ...මේකෙද ළමා ශිල්පීන් බඳවාගන්නවා කියලා තරුණි පත්තරේ දාලා තිබුනා....ඕකට මගේ අම්මා APPLICATION එකක් දැම්මා...

ඒකෙදි පරීක්ෂණ ගණනාවකට ගිහින් මම තේරුනා...පසුව එතන සමකාලින පිරිසක් එකතු උනා...පස්සේ අපි කණ්ඩායමක් හැදුනා..අරවින්ද ලොකුගේ,මෝක්ෂා විජේසූරිය,ලක්මාලි ප්‍රදීපිකා වෙල ගෙදර,සම්පත් තුශාර දයාවංශ,මේ ආදී වශයෙන් වූ කණ්ඩායමක් හිටියා...තව අපේ සමකාලීන පසුකාලීන කණ්ඩායම් ආවා සාරංග දිසාසේකර,හිමාලි සයුරංගි මේ වගේ අය ආවා....මේ අපි ඔක්කොම එක කණ්ඩායමකට වැටුනා...මම කලින් කිව්ව අපි පස්දෙනා එකම එකතුවක් උනා....ළමා පිටියේ ස්වදේශීය සේවයේ සජීවි වැඩසටහන කරන්න ලැබුනා...ඉරංග සමින්ද වීරක්කොඩි මමයි තමයි මේ සජීවී වැඩසටහනට පළමුවෙන්ම ඉදිරිපත් කලේ....මාසකෙට සැරයක් අවසන් බදාදා වගේ කොළඹින් පිටට ගිහින සජීවි වැඩසටහන කරන්න ලැබුනා....ඒ ගියහම මහින්ද අල්ගම මාමා සිංදුවක් ලියනවා...ඒ යන ප්‍රදේශයේ පරිසරට ගැන තමයි ඔහු ලියන්නේ..ඒක ලිව්වට පස්සේ මට හරි අරවින්දට හරි තමයි දෙන්නේ music කරන්න....ඒ විදිහට melody එකක් දාලා හවස යන live එකේද අපි ඒක ඉදිරිපත් කරනවා....අපි එක පාරක් live එකක් කලා ඡේතවනාරාමේ හතරැස් කොටුවේ ඉදලා...ඒකෙද මේ ප්‍රශණකිරීම් මේ සියලුම දේ කලා.....

අතීත කතාව ගත්තොත් එහෙම ඒක ගොඩාක් දිගයි...මම ශිෂ්‍යත්වය පාස් වෙලා තමයි කොළඹ ආනන්දෙට එන්නේ...මම පාඩම් කරන්නේ ලාම්පුවෙන්...මමයි අක්කයි දෙන්නම ලාම්පුවෙන් තමයි පාඩම් කලේ...අපේ නංගිට ඒ තත්වෙ තිබුනේ නෑ....මේ විදිහට අමාරුවෙන් තමයි අපි මේ තත්වෙට ආවේ...මේ ළමා පිටියට තේරුණාට පස්සේ මම කවදාවත් ගෙදරින් කිසිම මුදලක් ගත්තේ නෑ මගේ වැඩ වලට...ඒක අපි මේ ඔක්කොම එහෙමයි මමයි මෝක්ෂයි අරවින්දයි මේ අපි ඔක්කොම....එතකොට අපි ළමා පිටියේ අධ්‍යාපන සේවයේ දෙකේම අපි කරනවා...ළමා පිටියේ විනාඩි 15 program එකක් කලාම රුපියල් 75 ක් හම්බුවෙනවා..අපි ඉස්කෝලේ ඇරිලා කෙලින්ම යන්නේ SLBC...ගිහිල්ලා අධ්‍යාපන සේවයේ  program 4 ක් විතර කරනවා...ඊට පස්සේ ගිහිල්ලා ළමා නාට්‍යක් හරි මොකක් හරි කරනවා ඒකෙනුත් හම්බුවෙනවා රුපියල් 125 ක් විතර...


සතියට දවසක් ළමා පිටිය කරනවා එතනින් රුපියල් 150 ක් විතර හම්බුවෙනවා...මේ ටික ඔක්කොම එකතු උනහම මාසේ වියදමට ඇති ඒ අතරේ රූපවාහිනියේ dubbing වලටත් යනවා..එතනත් යම් මුදලක් ලැබෙනවා මට මතයි ඔෂින් එකේ මෝක්ෂා තමයි අපිව එක්කන් යන්නේ..ඔෂින්ගේ පුතාලා දෙන්නගේ මැදි වයස voice කලේ මමයි අරවින්දයි..ඒවයිනුත් සල්ලි හම්බුනා...ඒ විදිහට තමයි අපි Class fees එහෙමත් දුන්නේ..හැමොටමත් එක්කම...''


●වගකීම් සහගතබව පවුල ඇතුලේ ඔබ එකම පුතානේ...එක පැත්තකින් අක්කගේ ආදරය අනිත් පැත්තෙන් නංගිගේ ආදරය ලැබෙනකොට හරිම සුන්දරයි...නමුත් ඒ මැද ඉන්න සහෝදරයාට කොච්චර වගකීම් සහගතබවක් තියෙනවද?
            ''ඕකට හොදම උත්තරේ මගේ නංගි face book එකේ දාලා තිබ්බා මේ තනතුර ලැබුනම මට අම්මගේ තිත්තගේ ගෞරවය අක්කගෙයි මගෙයි ආඩම්බරය සහ ආදරය කියලා...ඒක හදවතටම දැනෙන්න දාලා තිබ්බා....''
●ඔබ වැඩේදි වැඩේ නේද ?
         '' සැබවින්ම....පාසලේන් වෙන්න ඕන මම ඒ දේ පුරුදු උනේ...ආනන්දයෙන් අපව පුදුම තැනකට අරංගියා...අපිව මෙහෙයවපු ආකාරය,පොළොවේ පය ගහලා ඉන්න කියල දුන්න හැටි,සමහර තැන් වලදි ඉදිරියට එන්නත්,සමහර තැන් වලදි අවශ්‍ය තැනදි පාදයක් පසුපසට ගන්නත් මේ හැමදේම අපට ආනන්දයෙන් කියලා දුන්නා...හැම ආනන්දියෙකුටම ඒක තියෙනවා ඉස්කෝලෙන් පිටට ගියා කියලා ඒක නැතිවෙලා නෑ...''
●ප්‍රාථමික අධ්‍යාපනය ?
      '' මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කොට්ටාව ධර්මපාල කනිෂ්ඨ විද්‍යාලයෙන්...සුන්දර තැනක් ඒක මිශ්‍ර පාසලක්...මගේ පංතියේ ළමයි 40ක හිටියා එතකොට මගේ පංතිභාර ගුරුතුමිය කමලා මැඩම් එතුමිය කොච්චර දක්ෂද කියනවානම් ළමයි 40න් 39 ක්ම කොළඹ පාසල් වලට ගියා...අපි ශිෂ්‍යත්වය කරපු අවුරුද්දේ තමයි අපේ පාසලේ වැඩිම පිරිසක් ශිෂ්‍යත්වය සමත් උනේ...''
●කොට්ටාව ධර්මපාල කනිෂ්ඨ විද්‍යාලයෙන් ඈත් වෙලා ඔබට ආනන්දයට යන්න වෙනවා...එතකොට ඔබ පුංචි සුදේව.....
         ''ඔව් එතකොට මම ගියේ තාත්තත් එක්ක...ආනන්දෙට ආවට පස්සේ වෙනම පරිසරයක්...කරකවලා අතහැරියා වගේ නමුත් පංතියට ගියාට පස්සේ ඒක වෙනස් උනා...ධර්මපාල  විද්‍යාලය දාලා යන්න වෙන එකට දුකක් දැනුනේ නෑ...නමුත් ආනන්දෙට ගියහම අමුත්තක් දැනුනා...මාරයි කියලා හැඟෙන්නේ අන්න එහෙම දෙයක් තමයි දැනුනේ...''
●මේ භවය ඇතුලේ සුදේව හෙට්ටිආරච්චි මහත්මයට විටින් විට යමක් අතහරිමින් යමක් අල්ලගන්න වෙනවා ඔබේ වෘත්තීය ජීවිතය ඇතුලේ...?
             '' බොහොම අමාරුවෙන් කරපු දෙයක් තමයි හිරු නාලිකාව...බිංදුවෙ ඉදලා හදන තැන ඉදලා අවුරුදු 22 ඉදලා එතනින එළියට එන්න ගත්ත තීරණය බොහොම අමාරු දැඩි තීරණයක්...හැබැයි මම කොහොමත් ඒ වගේ තීරණ ගන්නවා...මට ඒ තීරණේ ගන්න අනිත පැත්තෙන් අවුරුදු දෙකක් විතර ආරාධනය ලැබුනා....සැරෙන් සැරේ මේ විදිහට ආරාධනා ලැබෙනකොට මම හිතනවා නෑ මම මේ දේ භාරගන්නවා කියලා...තීන්දුව වැරදුනෙත් නෑ.....''
●පුංචි කාලේ විවිධ දේ වලින් මුදල් ලැබුනත් වේතනයක් විදිහට වැටුප් ලබන්න ඔබ කෙහෙටද එන්නේ...?
             ''1996 අගබාගයේ සවණ ගුවන් විදුලියට....මට එතනටත් එන්න පාර කියන්නේ මෝක්ෂා විජේසූරිය මගේ මිතුරිය...එතකොට ඒ අය ලක්හඬට ගිහිල්ලා හිටියේ...මම ඒකට interview එකට ගියහම මාව ගත්තේ නෑ...මාවයි සම්පත්වයි ගත්තේ නෑ...එක අතකට එහෙම උන එකත් හොදයි...මම සවණ එකට ආවා පොඩි පොඩි වැඩ ටිකක් කලා...වැටුපක් ගත්තා...රුපියල් 4000 පඩියකින් පටන් ගත්තා...අන්න ඒක තමයි මගේ පළවෙනි වැටුප...අමාරු ගමනක් මේක...සවනට ආවට පස්සේ මම දවස් හතම over night කරලා තියෙනවා...පටන්ගත්තේ මම...ඊට පස්සේ මම දවල් වරුවේ dubbing ගියා...ඊට පස්සෙ 9-12 beem එක ගහපු අභීතව අසනීප වෙනවා...පස්සේ මට භාර උනා ඒක කරන්න...මම ඒක වෙනස් විදිහකට කලා..ඊට පස්සේ over night එකෙන් ගැලවුනා...

මේක කරගෙන ඉන්න අතරේ අවුරුද්දක් විතර...තමාලි පීරිස් මට කතා කලා අලුතින් නාලිකාවක් පටන්ගන්නවා මගේ කටහඩත් ඔවුන්ට දැනෙනවා ඔයා කැමතිද එන්න කියලා....ඒ දවස් වල ගලදාරී එකට බෝම්බ ගහපු කාලේ wtc එකට තමයි මට එන්න කිව්වේ එතකොට ඒකේ ඉස්සරහ පැත්ත කැඩිලා...service entrance එකෙන් තමයි මම ඇතුලට ගියේ37 වෙනි මහලට...යනකොට ඒ නාලිකාවේ studio එක හදනවා..ඒකක් ඇතුලේ මාව තමාලි  Interview කලා...අපි ඔයාට 10000ක් දෙන්නම් එන්න කිව්වා...මම හා කිව්වා.. ඒ දවස් වල සවණට කළමණාකරන කණ්ඩායම් මාරුවෙන කාලේ...ජැක්සාන් ඇන්තනී මහතා සවණ භාරගත්තා...මම එයාට කිව්වා මම යනවා කියලා...පස්සේ එයා කිව්වා නෑ මම මේ ආවා විතරයි ඔයාට යන්න බෑ කියලා...එතනදිත් මම තද තීන්දුවක් ගන්නවා නෑ මම යනවා කියලා...


පස්සේ මම ඒ නාලිකාවට යනවා නාලිකාවේ නමත් වැටෙනවා...එතනින් අපි හරි අපූරු කණ්ඩායමක් හැදෙනවා..නුවන් ලියනගේ ඇතුළු අතිශය සුන්දර පිරිසක් එකතු වෙනවා එතනදි...එතෙක් ගුවන් විදුලියෙන් නොකරපු දේවල් අපි කලා...උදේ පාන්දර 5 ට beem එක පටන් ගන්න එනවා..beem එක 10 ට ඉවර කරනවා..ඊට පස්සේ මුළු කණ්ඩායමම බහිනවා එළියට...pramotion යනවා,bus පිහිද පිහිද stickers ගහනවා...ඒවගේ පුදුම දුකක් විදලා ඒ channel එක හැදුවා...''
●සුදේව හෙට්ටිආරච්චි ... මේ තරම් විශ්වාසවන්ත පෞරුෂයක් ගොඩනැගෙන්නේ කොහොමද ?
             ''පොඩිකාලේ ඉදලා....ගෙදර එක්ක,පාසල එක්ක,දහම් පාසල එක්ක,මුතු හර එක්ක,ළමා පිටිය එක්ක මේ හැමදේත් එක්කම....''
●ඔබ කුකුල් කේන්තිකාරයෙක්ද...?
       ''ගොඩාක්....හැබැයි මෙහෙමයි...මම වැඩ කරනකොට ඒ වැඩේ හරියට නොකෙරෙනකොට මට තරහා යනවා...ඒ  තරහව මම පිට කරනවා...හැබැයි මාත් එක්ක මෙතෙක් වැඩ කරපු සියලුම දෙනා ඒක හොදින් තේරුම් අරන් තියෙනවා....ඒක මම හොදටම දන්නේ මම ඒ ආයතනය හැරයනකොට හොද දෙයක් ඕක ගිය එක හොදයි කියනවට වැඩිය අපරාදේ ඔයා යන එක,අපට හරි පාඩුයි දුකයි කියන පිරිස වැඩි...''
●යම් අවදියකදි මේ තියෙන උමතුව මේ පිස්සුව සනීප උනතැන මේ වෘත්තිමය ජීවිතයේ හෝ අන්කවරක් හෝ අවසන් වෙනවද?
          ''තාම සනීප වෙලා නෑ සනීප වෙයි කියලා හිතෙන්නෙත් නෑ...මම හිතන්නේ මේ වර්තමානයේ ඉන්න අයත් මේ පිස්සුව හදාගන්න ඕන...මේ පිස්සුව හදාගත්තොත් හිතිගන්න බැරි දේවල් කරන්න පුළුවන්...''
●ගුවන් විදුලියෙන් රූප මාධ්‍යට යනකොට පසුතැවීමක් තිබුනේ නැද්ද?
        ''නැහැ...ඒකත් ජීවිතේ තවත් කඩඉමක් පසු කරලානේ ඉස්සරහට යන්නේ...මම හිතනවා මම ඒකත් ජයගත්තා කියලා...''
●ඔබට දීර්ගකාලීන මිතුරන් ඉන්නවා...කොහොමද මේ මිතුරන් රැකගන්නේ...?
       ''අපිට අනිත්කෙනාව හදුනාගන්න පුළුවන්නම් අපිට ඕන කෙනෙක් එක්ක ජීවත්වෙන්න පුළුවන්...බොහොම සරලයි...''
●කෙනෙක්ට මුල අමතක උනොත් මොකද වෙන්නේ...?
           ''එතන තමයි ජීවිතයේ හර පද්ධතින් විනාශ වෙන තැන...කෙනෙක් මුල අමතක කලොත් ඒ කෙනාට අනාගතයක් හරියට ලැබෙන්නේ නෑ...හදාගත්ත දෙයක් තියෙන්න පුළුවන්...ඒක ඇත්ත නෙවෙයි...මේ දේ අතිශය තාවකාලිකයි කවදා හරි තැනක ඇත්ත පේනවා...මට හැරෙනකොට පුළුවන් එහෙම අය හඳුනාගන්න...මගේ කළමණාකාරීත්වය තුල දක්ෂතා දක්වන්න ඒකතමයි මට පුළුවන් උනේ...මට කෙනෙක් ඇවිත් කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියලා මට හොයාගන්න පුළුවන්... ''

●මිනිස්සු ඔබව අන්දන්න හදලා තියෙනවද...ඔබ එහෙම කරලා නැද්ද?
           ''ගොඩාක්...ඒ අය එහෙම කරන්නේ ඒ අයට වාසියක් තියෙන නිසා වෙන්නැති...මම කවදාවත් එහෙම කරලා නෑ...මට එහෙම කරන්න උවමනාවක් ඇවිත් නෑ...මොකද මම බොහෝවිට හදවතින් මිනිස්සු ආශ්‍රය කරන්නේ...මම හිතනවා අපි කෙනෙක්ව විශ්වාස කිරීම මත කෙනෙක්ගේ තියෙන අඩුපාඩුව අපට හදාගන්න පුළුවන් කියලා...වැරදෙන තැන් තියෙනවා...''
●වැරදෙන තැන් තිබුනේ කේන්තිය නිසාද දුක වැඩි නිසාද නැත්නම් වෙන හේතුවක්ද?
            ''විටින් විට මේ එක එක තැන් වෙන්න පුළුවන්...''
●එක මොහොතකින් එක රාත්‍රියක ඔබේ නම විශාල වශයෙන් සමාජ මාධ්‍යයේ ජනප්‍රියත්වයට පත්වෙනවා වතුර කතාවක් එක්ක....ඔබ එක්ක සාකච්ඡාවට ආපු අයට වතුර ඕන වෙන්න ඇති නමුත් ඔබට එහෙම ඕන කලාද?
       ''නැහැ....ඒකට හේතුව මේක මම හිතන්නේ සියලුම නිවේදක නිවේදිකාවන් කල යුතු දෙයක්...මම මගේ home work එක කරනවා...මම වැඩේට බහින්න කලින් මම ප්‍රශ්ණ කරන  කෙනා ගැන හොද HOME WORK එකක් කරලා තමයි මම ප්‍රශ්ණ කරන්නේ...මම මෙයාගෙන් අහන්න ඕන මොනවද,ඒ කෙනා මේ දේ නෑ කිව්වොත් ඒ දේ එහෙමයි කියන්න අපි ගාව සාක්ෂි තියෙන්න ඕන...එහෙම උනාම මේ වැඩ හරිම ලේසි....''
●අලුත් රාජකාරියෙදි වතුර ඕන වෙන එකක් නැද්ද?
          ''කියන්න බෑ...බලමු...සමහර විට ඕන වෙයි...''
●ආනන්ද විද්‍යාල මාතාව ඇතුලේ ඔබට දැනුනු  ගුරු පෞරුෂයන් මොනවාද ?
              ''ප්‍රථමයෙන්ම  ලයනල් රන්වල ශූරීන්....මගේ තාත්තා සංගීතය කරපු කෙනෙක් ඒ නිසා මට සංගීතය මගේ ඇඟේම තිබුනා...සිංදු කියන්න, intrument ටිකක් පුළුවන්...මම  ආනන්දෙට ගියහමත් සංගීතය විශයක් විදිහට තෝරගන්නවා...මගේ හැකියාව එතුමා හඳුනාගන්නවා....එතනින් මාව එතුමාගේ පළවෙනි ජනගී කණ්ඩායමට ඇතුලත් වෙනවා..මම,සහන් රණ්වල,ගිමින්ද පියවිරාජ්,ජීවන් හඳුන්නෙත්ති  මේ ආදී කණ්ඩායමක්...තවමත් ලයනල් රන්වලයන්ගේ පැරණි ගීත තියෙන්නේ අපි පටිගත කරපුවා..දැන් සහන් ඒක ඉතාමත්ම හොදින් ඉදිරියට අරන් යනවා....ඒ කාලේ මම පාසලේ හැමදේම කලා...මම පාසලේ western band එකෙත් හිටියා...මම භාතිය,කසුන් කල්හාර,ජනනාත් වරකාගොඩ ඒ කාලේ ජනා තමයි තබ්ලා ගැහුවේ...අපි හැමෝම බොහොම සුන්දර කාලයක් පාසලේ ගත කලා.....''
●පාසල සමුදීම ඔබට දැනෙන්නේ කොහොමද?
         ''95 මම A/L කලේ...96 නැවත් A/L කලා...COMMERCE SUBJECT කලේ මම B2 C1ගත්තා....මට කෙලින්ම 96 රස්සාවට යන්න හම්බුනා.....තාමත් ඉස්කොලේ ඉන්නවා වගේ තමයි දැනෙන්නේ...''



●දැන් ඔබට ඉන්නේ දියණියන් දෙදෙනෙක් ?
         ''   දියණියන් දෙදෙනෙක් සහ පුංචි පුතෙක් ඉන්නවා....''
● දියණියන් දෙදෙනා පාසලට ඇරලවනකොට තාත්තා හැටියට මොනවාද හිතෙන්නේ....?
              ''එයාලා යන ඉස්කොලෙට මම ගිහින් නාට්‍ය කරලා තියෙනවා...සිංදු කියලා තියෙනවා..මගේ දියණියන් දෙන්නා යන්නේ විශාකා විද්‍යාලයට...මම ඉස්කෝලේ යනකොට මම හිතාගත්තා කවදාහරි මට දුවෙක් හම්බුනොත් විශාකා විද්‍යාලයට දානවා කියලා....''
●අප අතරේ තියෙන හීනම නෙවෙයිද පසුකාලීනව ඵලදරන්නේ...?
                ''ඇත්තටම....අපි හීන දකින්න ඕන...ඒ හීන දැක්කොත් තමයි අපට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ...මම පොඩිකාලේ හරියට හීන දැක්කා...හැබැයි මට ඒ දේවල් සාර්ථක කරගන්න පුළුවන් උනා...''
●ඔබ අඬලා තියෙනවාද ?
       ''අපෝ ඕන තරම්...අඬන්න හරි දක්ෂයි මම...ලස්සන සිංදුවක් අහනකොට ඒක දැනෙනකොට මට ඇඬනවා...මට FILM එකක් බැලුවොත් ඇඬනවනම් තමයි ඒක දැනෙන්නේ...එහෙම තැන් තියෙනවා ඕන තරම්...''
●වැඩියෙන්ම ඇඬන්නේ මොන සිංදුව ඇහුවාමද ?
             ''මම හරි ආසයි ආරාධනා සිංදුවට...හරිම සුන්දර සිංදුවක්...තාත්තා උනත් මා බත සරි කරන සිංදුව මේ දෙකම පණ්ඩිත් අමරදේව ශූරීන්ගේ...ඊට පස්සේ රෝහණ වීරසිංහයන් ගායනා කරන මුතු කුඩ ඉහලන මල් වරුසාවේ ගීතය...නන්දා මාලනිකගේ සුළං කපොල්ලේ කියන ගීතයට...''
●ඔබේ මේ මාධ්‍ය ජීවිතය තුල සංවේදී මතක ඇති....?
          ''ඔව්....ඒ ඇති....''
●ඔබ ගුවන් විදුලියෙන් රෑපවාහිනියට ඇවිල්ලා රෑපවාහිනියෙන් ඔබ වෙනස්ම මාවතට ගිහින්...ඒක විශාල ජයග්‍රාහනයක්...නමුත් තව කෙනෙක් කියයි ඔබට වැරදුනාවත්ද කියලා.....?
           ''අපි එළියේ ඉදලා බලනකොට එක එක විදිහටනේ පේන්නේ...හැබැයි මම මේක දකින්නේ තවත් අභියෝගයක් විදිහට සහ කල යුතු දෙයක් හැටියට...මම මෙතන දේශපාලනය කතා කරන්න කැමති නෑ...නමුත් අවසානෙදි අපට රටක් තිබිය යුතුයි...''
●ඔබේ ගම කොහෙද ?
           '' මම ඉපදුනේ කොළඹ කළුබෝවිල රෝහලේ...ඊට පස්සේ අපි ටික කාලයක් හිටියා කුලියට මහල්වරාවේ...ඊට පස්සේ තමයි හෝමාගම ගලවිලවත්තේ අපේ නිවස හදාගෙන ගියේ.. ඇත්තටම ගම හෝමාගම ගලවිලවත්ත....''
●ඔබතුල තියෙන අව්‍යාජ,කෙළිලොල්,ආදරණීය සහ විටෙක සටන්කාමී මේ හැකියාව මේ සිද්ධිදාමය එක්ක හැංඟිලා යාවිද?
             ''නැහැ...ඒක එහෙම වෙන්නේ නෑ...තමන්ට තමන් වෙන්න පුළුවන් වෙන්න ඕන...තමන්ට ලැබෙන අභියෝගය හිරියට හඳුනාගත්තොත් එහෙම ඒ ඕනම තැනක තමන්ට තමන් වෙන්න පුළුවන්...''
●ඔබ හිතන්නේ දුවලා ඉන්න තාත්තලාට වාසනාවන්ත පුතාලා ඉන්න තාත්තලාද?
          ''දෙගොල්ලෝම....ඇයි අපි දූලා පුතාලා කියලා වෙන් කරන්නේ...දරුවෝ දරුවොමයි...අද අපේ අම්මවයි තාත්තවයි පුතයි දුවලා දෙන්නයි තුන්දෙනාම බලාගන්නවා...මට මගේ දරුවෝ තුනම එකයි...''
●ආදරණීය බිරිඳ...?
        ''ඒක දිග කතාවක්....17 දෙනෙක් බලන්න ගිහින් ඒ තමයි 17 වෙනියා...16 දෙනා මට කැමති උනා එයා මට කැමති උනේ නෑ ඒකයි එයා අවසානයා උනේ...මම එදා හිතාගත්තා මම එයාව කසාද බඳිනවා කියලා...පළවෙනි දවසේ එයාගේ ගෙදර ගියහම ගණන් ගත්තේම නෑ මාව...බැලුවෙවත් නෑ...ඒ නැවතුමේ නැවතිලා අවුරුදු 13ක්...''
●මේ මහපොළවට කෙනෙක්ව උපමාකරන්න කිව්වොත් කාවද ඔබ උපමා කරන්නේ...?
          ''මහපොළව විදිහට දරාගන්න මහපොළව විදිහට වේදනා විදින මහපොළව හැටියට විටින් විට වෙනස් වෙන කෙනෙක්ව උපමා කරන්න අමාරුයි....''
●ඔබේ හිත මේ මොහොතේ වැඩිපුරම තේරුම් ගත්තේ කවුද?
           '' වැඩිපුරම තේරුම් ගත්ත කෙනා තමයි මම...''
●මේ අසන්නන්ට මොනවාද ඔබට කියන්න තියෙන්නේ...?
      ''එක දෙයයි කියන්න තියෙන්නේ...ඇත්තට ජීවත්වෙන්න..ඇත්තත් එක්ක ජීවත් වෙන්න...ඇත්තත් එක්ක ගණුදෙනු කරන්න...කවදාවත් ඔබට වරදින්නේ නෑ.....''