
වසා දමා ඇති ගම්පහ වැරැල්ලවත්ත පොලිටෙක්සි ගාමන්ට්ස් කමාන්ත ශාලාව රුපියල් ලක්ෂ 100ක මුදලක් වැය කරමින් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කිරීම ඊයේ (3) ආරම්භ කෙරිණි. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙහි ඉදිකිරීම් සඳහා රුපියල් ලක්ෂ 100ක මුදලක් ලබාදීමට බස්නාහිර පළාත් සභාව එකඟ වී ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.
නව ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරිම් නිරික්ෂණය කිරීම සඳහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක යන මහත්වරු සහභාගී වූහ.
නාවික හමුදාවේ සහයෙන් මෙම කර්මාන්ත ශාලාව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කිරීමේ කටයුතු කඩිනම් කර ඇති අතර, නාවික හමුදා නිලධාරින් 70 දෙනකුගෙන් යුක්ත කණ්ඩායමක් මේ වනවිටත් ඒ සඳහා සිය සේවය ලබා දෙති.එකවර රෝගීන් විශාල පිරිසකට ප්‍රතිකාර කිරිමේ හැකියාව සහිතව ගොඩනංවන මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කටයුතු තව තවත් කඩිනම් කිරීම සඳහා තරුණ සංවිධාන නියෝජිතයින්ගේ ශ්‍රම දායකත්වය ලබාදීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද එකග වී තිබේ.ඇඳන් 2000ක් සහිත ඔක්සිජන් සැපයීම ඇතුළු හදිසි ප්‍රතිකාර, කැසිකිළි වැසිකිළි ආදී සියලු පහසුකම් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට මෙම කර්මාන්ත ශාලාව පත්කිරීමෙන් පසුව වෛද්‍යවරුන් 40ක්, හෙදියන් 50ක් හා සුළු සේවකයින් 55ක පමණ කාර්ය මණ්ඩලයක් ඊට අනුයුක්ත කර ඉතා ඉක්මනින් ප්‍රතිකාර කටයුතු ඇරඹීමට අපේක්ෂිතය. පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත්, ගහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හා ගම්පහ ප්‍රාදේශීය ඉංජිනේරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
Comments
Post a Comment
Your comment will be visible after approval