කිසියම් අවශ්‍යතාවක් සඳහා නගරයට ගොස් ආපසු නිවෙස වෙත පාගමින් එමින් සිටි 55 හැවිරිදි කාත්තාවක නිවෙස ආසන්නයේදී බිමට ඇදවැටී පෙරේදා (02) වැනිදා ජීවිතක්ෂයට පත්වී ඇතැයි රක්වාන පොලිසිය පවසයි.  

ෙසේ මියගොස් ඇත්තේ රක්වාන කන්දේගම ඈන්  ටෙක්ලා චාමිනි නමැති කාන්තාවක බව පොලිසිය සඳහන් කරයි. රක්වාන කොට්ඨාස හදිසි මරණ පරික්ෂක ධර්මදාස මොරපිටිය මහතා හමුවේ මෙහි මරණ පරික්ෂණය රක්වාන රෝහලේදී පෙරේදා පැවැත්විණි. එහිදී වෛද්‍ය නිගමනයක් සහ මරණකාරියගේ  ඥාතීන්ගෙන් ලද සාක්ෂි අනුව එහිදී මරණයට නිශ්චිත හේතුවක් ප්‍රකාශ නොවීය.

එම නිසා මෙම මරණය සිදුවී ඇත්තේ කොරෝනා 19  රෝගය ආසාදනය වීමෙන්ද එසේ නොමැතිව හෘදයාබාධයකින්ද නැතහොත් වෙනත් හේතුවකින්ද තීරණය කර ගැනීම සඳහා මෘත ශරිරය රත්නපුර මහ රෝහල වෙත යොමුකර පරික්ෂණ වාර්තාවක් ලබාගැනීමට එහිදී බලධාරින්ගේ තීරණය විය.


  -ඩබ්ලිව්.ඒ. සිරිසේන-