kalutara-rathana-suththa

කොරෝනා උවදුර මෙරටින් මෙන්ම මුළු ලොවෙන්ම තුරන් වේවා යන ප්‍රාර්ථනයෙන් රතන සූත්‍රය දේශනා කරමින් කළුතර ප්‍රදේශය පුරා යන ධර්ම යාත්‍රාව ඊයේ (03) උදේ කළුතර ඓතිහාසික බෝධින් වහන්සේ අභියසින් ආරම්භ කෙරිණි.කළුතර බෝධීන් වහන්සේ අසල ආගමික වතාවන් හා මල්පහන් පුජා කිරිමෙන් අනතුරුව එම ධර්ම යාත්‍රාව ගමන් ආරම්භ කළේය. 

බෙන්තර විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය නෙළුවේ සුමනවංශ, කොළඹ නව කෝරළයේ හා කළුතර තොටමුණේ ප්‍රධාන සංඝනායක පරකඩුවේ සරණංකර, කළුතර දකුණු ශාසනාරක්ෂක බල මණ්ඩලයේ  ලේඛකාධිකාරි තිනියාවල ඥානින්ද, කළුතර දිසාවේ ප්‍රධාන සංඝනායක දුවේගොඩ ධම්මරතන යන හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිරියහ. කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපති සංජීව ආරියරත්න, කළුතර ප්‍රාදේශීය ලේකම් එස්. ත්‍රීමාවිතාන, කළුතර බෞද්ධ කටයුතු සමායෝජක සමන් අතුකෝරළ, කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ කළමනාකරු වසන්ත ජයවර්ධන හා භාණ්ඩාගාරික නිශාන්ත සිල්වා යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.