video-incident

සමාජ මාධ්‍යවල මේ දිනවල සැරිසරන වීඩියෝ පටයක දැක්වෙන ඊශ්‍රායල ජාතික කාන්තාවක තවත් කාන්තාවකට මහ මග පෙරළාගෙන පහර දෙන වීඩියෝ පටයේ දැවෙන කාන්තාව ශ්‍රී ලාංකික කාන්තාවක යැයි මේ වනවිට හෙළිවී ඇත. මෙම ඇයට පහර දෙද්දී තවත් කාන්තාවක් එය වීඩියෝ ගත කර මුහුණු පොතට එක්කර ඇති අතර, පසුව ඇයට කාන්තාවන්ගෙන් තොරතුරු විමසා තවත් වීඩියෝවක් මුහුණු පොතට එක්කර ඇත.  මෙසේ පහර කෑ කාන්තාව ශ්‍රී ලාංකික කාන්තාවක වන අතර ඇය ගම්පොළ පදිංචිකාරියක බවත් අවිවාහක තැනැත්තියක බවත් පැවැසේ.

වසර 14ක් තිස්සේ ඊශ්‍රායලයේ සේවය කරන ඇය, වසර හතකට ආසන්න කාලයක් වීසා රහිතව සේවයේ යෙදෙන බව පවසා ඇත.ඇය එරට නිවෙස්වල තාවකාලිකව සේවය කරන තැනැත්තියකි. එසේ සේවය කළ නිවෙසක 86 හැවිරිදි කාන්තාවකට සාත්තු කර ඇති අතර මාසික වැටුප ඉල්ලන්නට ගිය අවස්ථාවේ මෙසේ පාරට ඇදගෙන විත් පහර දී ඇතැයි මේ සිද්ධිය සම්බන්ධව සොයා බලා ඒ පිළිබඳ  තොරතුරු ලබාදුන් ඊශ්‍රායලයේ සේවය කරන තවත් ශ්‍රී ලාංකික කාන්තාවක වන නාලිකා බේරුවලගේ මහත්මිය පැවැසුවාය. මේ සම්බන්ධව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සහ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ ඒ පිළිබඳ කිසිවක් මෙතෙක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට වාරතා වී නැති බවය. කෙසේ වෙතත් මේ සම්බන්ධව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් වාර්තාවක් ගෙන්වා ගෙන අවශ්‍ය පියවර ගන්නා බව ද ඔහු කියා සිටියේය.
 (විනීතා එම්. ගමගේ)