
කෝවිඩ්-19ට අදාළව රාජ්‍ය සේවකයන් සේවයට යොදවා ගැනීමේ ක්‍රමවේදයට අනුව ගැබිනි තත්ත්වයේ පසුවන රාජ්‍ය සේවිකාවන් සේවයේ යොදවා ගැනීම පිළිබඳ මෙවර කිසිදු ක්‍රමවේදයක් සකස් කර නොමැති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය සඳහන් කරයි. ක
ෝවිඩ්-19ට අදාළව රාජ්‍ය සේවකයන් සේවයට යොදාගැනීම පිළිබඳ මීට පෙර හඳුන්වා දුන් ක්‍රමවේදයන්ට අනුව ගැබිනි කාන්තාවන් කෝවිඩ්-19 ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයක් යටතේ රාජකාට යොදාගත් බවද එම සංගමයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.
සේවකයන්ගෙන් 50%ක් එක්වරකට සේවයේ යොදාගත යුතු බවට සඳහන් කර තිබෙන බවත්, එම ක්‍රමයත් ආයතනික ප්‍රධානියාගේ අභිමතය අනුව සිදුවන බවත් ඒ මහතා පවසා සිටියේය. දැනට රැකියා පුහුණුවට බඳවාගෙන සිටින උපාධිධාරීන් පනස්දෙදහසකට අධික ප්‍රමාණයෙන් තිස්අටදහසක් කාන්තාවන් බවත්, මීට අමතරව දැනට රාජ්‍ය සේවයේ නියුතුම පිරිසෙන් සැලකිය යුතු ප්‍රමාණයක් කාන්තාවන් බවත් හෙතෙම සඳහන් කළේය. මේ නිසා ගැබිනි තත්වයේ පසුවන පිරිස් සේවයේ යොදවා ගැනීම පිළිබඳ විශේෂ ක්‍රමවේදයක් හඳුන්වාදිය යුතු බවද ලේකම්වරයා ප්‍රකාශ කළේය.
එව්.අයි. තුෂාර