ඇස්ට්‍රා සෙනෙකා 2 වන මාත්‍රාව සඳහා වන එන්නත් ලක්ෂ 6 ක අවශ්‍යතාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉටු කරනු ඇති බව ජනපති Twitter සටහනක් තබමින් පවසා තිබේ.


ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ සමඟ වීඩියෝ සම්මන්ත්‍රණයක් අද පවත්වා ඇති ජනපතිවරයාට ඒ ගැන යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව සඳහන්ය.
මේ අතර
ෆයිසර් එන්නත රටතුළ භාවිත කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ උපදේශක මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඒ බව පවසා සිටියාය.
ඒ අනුව එන්නත් මාත්‍රා මිලියන 5ක් ආනයනය කිරීමට මේ වනවිට කටයුතු කරමින් පවතින බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.