බ්‍රිතාන්‍ය තුළ වාර්තා වන COVID-19  මරණ සංඛ්‍යාව ඉදිරි දින කිහිපයේදී ශුන්‍ය  බවට පත්වනු ඇතැයි එරට සෞඛ්‍ය බලධාරින් අපේක්ෂා කර සිටියි. ආසාදිතයින්ට සාපේක්ෂව මේ වනවිට ලෝකයේ වඩාත් අඩු මට්ටමේ COVID-19  මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට බවටද  බ්‍රිතාන්‍ය පත්ව තිබේ. ඒ අනුව මේ වනවිට රට තුළ ක්‍රියාත්මක ලොක්ඩවුන් සීමාද ක්‍රමයෙන් ලිහිල් කිරීමට බලධාරින් පියවර ගෙන ඇත. පසුගිය සඳුදා දිනයේදී එරටින් එක් COVID-19 මරණයක් පමණක් වාර්තා විය. 



එහෙත් අගහරුවාදා දිනයේදී එය මරණ හතරක් බවට පත්විය. කෙසේ වෙතත් මෙම තත්ත්ව ය ඉදිරියේදී යහපත් වනු ඇති බවත්, ඉදිරි දින කිහිපය තුළදී එරට වාර්තා වන COVID-19 මරණ  ශුන්‍ය බවට පත් වනු ඇති බවත් සෞඛ්‍ය අංශ විශේෂඥයන්ගේ අදහස වී තිබේ.  මේ වසර ආරම්භයේ සිටම බ්‍රිතාන්‍ය තුළ ක්‍රියාත්මක වුණු දැඩි  ලොක්ඩවුන් සීමා කිරීම් හා එන්නත්කරණය මෙම තත්වය ළඟාකර ගැනීමට හේතු වූ බව අදහස වී තිබේ.