dinuja-rupasinghe-speaks

වෛද්‍ය දිනුජා රූපසිංහ ගෙන එන පණිවිඩයකි

කොවිඩ් 19 වසංතය නවතම මුහුණුවරකින් ලාංකිය සමාජය තුල කරලිය ඇවිත්....මේ අවස්තාවේදී කොවිඩ් 19 රෝග ලක්ෂනත් යම්තාක් දුරට වෙනස් වෙලා තියෙනවා...

වැඩිපුර ස්වසන අපහසුතා එන්නට පුළුවන්,කොවිඩ් නිව්මෝනියා තත්වය ඇතිවන්නට පුළුවන්,තරුණ පිරිසට මේ තත්වෙන් වැඩි බලපෑමක් වෙන්න පුළුවන්...මේ හේතු නිසා මේ තත්වය අපි වඩාත් බයානක තත්ව ලෙසට හදුනාගන්නවා...

 වෛද්‍යවරුන් දැන් පවසලා තියෙනවා මේ වෛරදසය වාතයේ තියෙන්නට පුළුවන් කියලා ඒ නිසා අප මේ ගැන වඩාත් සැලකිලිමත් වෙන්න ඕන...කොවිඩ් වලින් ආරාක්ෂාවීමට අපට ඕන මූලිකම දේ තමයි මුඛ ආවරණය..මේ මුඛ ආවරණය භාවිත කිරීම අපි නිවැරදිව කරන්න ඕන...මේ ගැන කොයි තරම් දැනුවත් කලත් තවමත් බොහෝ දෙනෙක් මේ මුඛ ආවරණය නිකටට දාගෙන බෙල්ලට දාගෙන පාරේ ගමන් කරනවා...සෙනඟ ගොඩාක් ඉන්න තැන්වල පවා මුඛ ආවරණය නොමැතිව ඉන්න පිරිස් අපි දැකලා තියෙනවා...අපි දැකලා තියෙනවා බොහෝ දෙනා විවිධ මුඛ ආවරණය භාවිතා කරනවා...රෙදි මුඛ ආවරණය,surgical masK,KN 95 MASK වැනි  මුඛ ආවරණ පළදිනවා...සෙනඟ ගැවසෙන තැන් වලට පොදු ස්ථාන වල කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමේ අවදානම වැඩී...ඒ වගේ තැනකට යනවනම් ඔබ රෙදි  මුඛ ආවරණයක් පළදින්නේ නැතිව surgical masK හෝ KN 95 MASK එකක් පැළදීම ඉතාම සුදුසුයි...



 surgical masK එක අපි පාවිච්චි කලාට පස්සේ පුච්චලා දාන්න ඕන අපි දැකලා තියෙනවා සමහර දෙනෙක් මේ masK එක කීපවතිවක් දානවා එහෙම කිරීමෙන් වෙන්නේ මේ වයිරසය වැලඳීමේ අවදානම තවත් වැඩි වෙනවා...තව සමහරක් අය මේ  masK එක සෝද සෝද පාවිච්චි කරනවා...surgical masK කියන්නේ අපිට පාවිච්චි කරන්න පුළුවන් පැය කීපයක් පමණයි...ඒ නිසා මේ දේ කරන්න එපා කිසිම විටකත්...surgical masK එක පළදිනවිට නිල්පාට කොටස එලියට හිටින්නත් සුදු පාට කොටස ඇතුලට සිටින්නත් තමයි පළඳින්න ඕන...ඉන්පසු නාසය ලඟ ඇති කම්බිය  වගේ කොටස හොදින් නාසය හා මුඛය ආවරණය වෙන්න තද කරගත යුතුයි...මාස්ක් එක දාන්න කලින් ඔබ අනිවාර්යෙන්ම ඔබේ අත්දෙක පිරිසිදු කරගන්න ඕන මොකද නැතිනම් ඔබේ අත්වල තියෙන විෂබීජ මේ මාස්ක් එකේ තැවරෙන්න පුළුවන්...හුඟාක් අය කරන වැරැද්දක් තමයි මේ මාස්ක් එක හැමවෙලේම අතින් අල්ලනවා...ඒ දේ කරන්න එපා...

 නැවත ඔබ මාස්ක් එක අල්ලන්නට ඕන ඔබ මාස්ක් එක ගලවන අවස්ථාවේදි පමණයි...මේ මාස්ක් එක ගලවනවිට දෙපැත්තෙන් අල්ලා ඉවත් කර වහන කසල භාජනයකට හෝ පුච්චා දමන්න...KN 95 MASK එක මගින් ඉතාම හොදින් ආවරණය වෙනවා...ඒ වගේම මෙහි ස්තර 5ක් තියෙනවා...ඉතාමත් හොද ආරක්ෂාවක් මෙයින් සැලසෙනවා...ඔබ දැක ඇති මේ KN 95 MASK වර්ගයේම තවත් වර්ගයක් තියෙනවා FILTER එක තියෙන...ඒක සුදුසු වන්නේ නෑ...මොකද තමන් ගන්න හුස්ම පිටතට යනවා ඒකෙන් වෙන්නේ තමන්ට වයිරසය වැලදීතිබුනොත් තව කෙනෙක්ට මේක බෝවෙන්න පුළුවන්...වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්,අධි රුධිර පීඩනය සහ වෙනත් රෝගාබාද තියෙන පුද්ගලයන් රෙදි මුඛය ආවරණ පළඳිනවාට වඩා surgical masK එකක් පලදින එක සුදුසුයි....නිතරම මුහුණ අල්ලන එක මේ දවස් වල නොකර යුතුයි මොකද අතේ තැවරී ඇති වයිරස නාසයට යාමට ඉඩකඩ තියෙනවා එතකොට...අපේ දෑත් සබන් යෙදූ ජලයෙන් නිතරම පිරිසිදු කරගන්නට ඕන...මේ දවස් වල අපේ බෑග් එකේ තියෙන්නම ඕන දෙයක් තමයි sanitizer කියන්නේ...ඔබ මුදල් ඇල්ලුවත්,කිසියම් දෙයක් ඇල්ලුවත් ඊට පස්සේ මේ sanitizer යොදා දෑත් පිරිසිදු කරගන්න...මේ දේවල් අපි පුරුදු උනහම මේ දේවල් අපේ ජීවිතේ කොටසක් බවට පත්වෙනවා...



දුරස්ථබාවය ආරක්ෂා කරන එක ඉතාම වැදගත්...අපි නාදුනන පුද්ගලයින් ලග දුරස්ථබාවය ආරක්ෂා කලත් අපේ යාළුවෙක් හමුඋනොත්,කාර්යාලයේදි මේ දුරස්ථබාවය ආරක්ෂා කරන්නේ නෑ..ඔබ මතක තියාගන්න ඕන ඔබගේ කොයි තරම් හිතවතෙක් උනත් මේ වයිරසයට ඒක අදාල නෑ....එසේ නොමැතිවීමෙන් ඔබේ හිතවතෙක්ට මේ වයිරසය වැලදීතිබුනොත් ඔබටත් ආසාදනය වීමේ ඉඩකඩ වැඩි....තවත් දෙයක් තමයි මේ හිතවතෙක් හමුඋනාම MASK එක අයින් කරලා තමයි කතා කරන්නේ...

එහෙම කරන්න එපා කොයිම වෙලාවකවත්...මේ දවස්වල කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂා වීමට අපි අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසි ආකාරව පවත්වා ගන්න ඕන...ඉතිං ඒ සදහා හොද සමබර ආහාර වේලක් ලබාගන්න ඕන...මානසික ආතතිය අඩුකරගන්න ඕන...ඒ වගේම හොද නින්දක් ලබාගන්න ඕන...විටමින් E,විටමින් C.සින්ක් අඩංගු ආහාර වල හොද ප්‍රතිශක්තිකරණයක් තියෙනවා...විටමින් D අඩංගු ආහාර වර්ග තමයි මේ තෙල් සහිත මාලු වර්ග,සැමන් සාඩින් වගේ දේවල් ඒ වගේම බිත්තර කහ මදය....දෙහි දොඩම් නාරං වගේ දේවල් වල විටමින් C වැඩිවශයෙන් අඩංගු වෙනවා...මේ දේවල් ඔබේ කෑම වේලට අනිවාර්යෙන් එකතුකරගන්න...ඒ වගේම සින්ක් අඩංගු වෙනවා මුහුදු ආහාර වල,විවිධ මස් වර්ග වල,විවිධ ඇට වර්ග වල....අප දැක තිබෙනවා ඉන්දියාවේ මේ වනවිට තත්වය...අමාරුවෙන් හුස්ම ගන්නා රෝගීන් අප දැක තිබෙනවා...ඒ නිසා ඔබ ඒ තත්වෙට පත්වෙන්න එපා...තව කෙනෙක් ඒ තත්වෙට පත්කරන්න එපා...අපි හැමෝම ගොඩාක් පරිස්සම් වෙමු....