covid19-dodabgoda

කිරිඅම්මාවරුන්ගේ දානයක් ආශ්‍රයෙන් කොරෝනා ආසාදිතය 23 දෙනකු හමුවීමත් සමග දොඩංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පුහාඹුගොඩ ග්‍රාම නිලධාරී වසමේ ඇටෝරවිල ප්‍රදේශයේ පසුගිය 04 වැනිදා උදෑසන සිට සංචරණ සීමා පනවා වසා දැමීමට කටයුතු කළ බව දොඩංගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංග බලපිටිය මහතා පවසයි.  දොඩන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පුහාඹුගොඩ ග්‍රාම නිලධාරි වසමේ ඇටෝරවිල ප්‍රදේශයේ කිරිඅම්මාවරුන්ගේ දානයකට සහභාගී වූ මවකට කොරෝනා ආසාදනය වී ඇති බව හෙළිවීමත් සමග එම කිරි දානයට සම්බන්ධ පිරිස් ආශ්‍රයෙන් සිදුකළ පී.සී.ආර්. පරික්ෂණ වලින් 

මෙම ආසාදිතයන් පිරිස හඳුනාගෙන ඇත.  


සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව මේ වනවිට කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් 1387 ක් හඳුනාගෙන ඇති අතර එම බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 19 ක් හුදෙකලා කර ඇති බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් ගීගනගේ මහතා පැවසූ අතර කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයට අයත් බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් 682 ක් හඳුනාගෙන ඇති බවත් එම බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 02ක් හුදකලා කර ඇති බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ජේ. සිංහබාහු මහතා පැවසීය. ඩමේ අනුව 04 දා උදෑසන වනවිට කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් 2069 දෙනකු හඳුනාගෙන ඇති  අතර ග්‍රාම සේවා වසම් 21 ක් හුදෙකලා කර ඇත.


 - සුනිල් බද්දෙවිතාන-