
ශ්‍රී ලංකාවේ සිට රටවල් 5 කට ගුවන් මගීන් රැගෙන යාම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවා තිබෙනවා. ගුවන් තොටුපොල කාර්යය භාර නිලධාරීවරයා පැවසුවේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි සහ සාජා ගුවන් තොටුපොල, සිංගප්පූරුව, ඉතාලිය, පිලිපීනය සහ ඔස්ටේ්‍රලියාව වෙත ගුවන් මගීන් රැගෙන යාම මෙලෙස අත්හිටුවා ඇති බවයි. කෙසේ වෙතත් එම රටවල සිට තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ගුවන් මගීන්ට පැමිණීමට අවසර හිමි වී තිබෙනවා.
මේ අතර මැයි මස 31 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි කොරෝනා ව්‍යාප්තිය හමුවේ විදේශ රටවල සිට දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීමට අදාළ නව රෙගුලාසි මාලාවක් නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කර ඇති එම මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ කොරෝනා එන්නත් ලබාගෙන හෝ නොගෙන විදේශ රටක සිට දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්, ද්විත්ව පුරවැසියන්, සංචාරකයින්, අනෙකුත් විදේශිකයින් සහ රාජ්‍යතාන්ත්‍රික කාර්යය මණ්ඩල ඇතුළු සියලුදෙනා නැවතත් දින 14 ක අනිවාර්යය නිරෝධායන කාලසීමාවකට යටත් වන බවයි.
මෙලෙස දිවයිනට පැමිණෙන ගුවන් මගීන් ගුවන් තොටුපොල තුළදී කොරෝනා පරීක්ෂණයක් සිදු කළ යුතු අතර නිරෝධායන කාලසීමාව අවසානයේ නැවතත් කොරෝනා පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
Comments
Post a Comment
Your comment will be visible after approval