ajith-rohana-speaks

ශ්‍රී ලංකාවේ කෝවිඩ් -19 වර්ධනය හේතුවෙන් බලාත්මක කළ යුතු සංචරණ සීමාවන් සම්බන්ධයෙන් ගෙන ඇති තීරණ වරින්වර වෙනස්වීමෙන් පසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒවා නැවත පැහැදිලි කර තිබේ. ඔහු පවසන පරිදි තීරණ 3 ක් ලබාගෙන ඇත. එම තීරණ තුන පහත දැක්වේ.


1)
    අද (12) රාත්‍රී 11 සිට හෙට (13) අලුයම 4 දක්වා:දිවයිනපුරා සංචරණ  තහනම ක්‍රියාත්මකය
(ඇඳිරි නීතිය හා සමානයි). අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අදාළ නොවේ

2)
   හෙට (13)  රාත්‍රී 11 සිට සිට සඳුදා (17) අලුයම 4 දක්වා (දිගටම): දිවයින පුරා සංචරණ සීමා පැනවේ.
අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අදාළ නොවේ

3)
හෙට (13) හා 17-31 දක්වා (14 සිට 16 දක්වා අතහැර) සීමිත පිරිසකට සංචරණයට අවසර ලැබේ
    දවසේ හැඳුනුම්පත් අංකවල අනුමත අවසන් ඉලක්කම් මත පදනම්ව  සංචරණයන් සඳහා අවසර දෙනු ලැබේ.
ඔත්තේ දිනවල ජාතික හැඳුනුම්පතේ අවසාන ඉලක්කම් ලෙස 1,3,5,7,9 ක් ඇති අයට
ඉරට්ටේ දිනවල හැඳුනුම්පතේ අවසාන ඉලක්කම් ලෙස 0,2,4,6,8 ක් ඇති අයට පිටව යා හැකිය.
අත්‍යවශ්‍ය සේවාවන් හා එදිනෙදා රාජකාරියට යන අය සඳහා අදාළ නොවේ