
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය අද සන්ධ්‍යා කාලයේ සිදු කළ නිවේදනය ප්‍රකාරව සියලු පළාත් අතර හෙට (11) සිට 30 දක්වා සංචරණ සීමා පැනවේ.
නිවේදනය පහතින්
කොවිඩ් 19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශ්වයන් සමග ජනාධිපතිතුමා පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මැයි මස 30 වැනිදා දක්වා,
Ø සියලු පළාත් අතර සංචාරණ සීමා පැනවීමටත්,
Ø පිරිස් එක් රැස්වී කරන සියලු සම්භාෂණ අවස්ථා අවලංගු කිරීමටත්,
Ø වෙළෙඳ ආයතන තුළට පිවිසීමේ හා රැදී සිටිය හැකි පුද්ගල සංඛ්‍යාව සීමා කිරීමටත්,
Ø ආසාධිතයන් බහුලව හමුවන ප්‍රදේශ හුදකලා කිරීමට
ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇත
කෙසේ වෙතත් එම සීමාවන් පැනවිමේදී ජන ජීවිතය අඩාල නොවන අයුරින් සහ රටේ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට නිසි ක්‍රමවේද අනුගමනය කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval