sudath-samaraweera-speaks

මේ වන විට කෝවිඩ් 19 රෝගීන් වැඩි වශයෙන් හමුවීමත් සමග දිවයිනේ ප්‍රදේශ රැසක් හුදෙකලා කර ඇති අතරම, තවත් රෝගීන් යම් ප්‍රමාණයක් නිවෙස් තුළ රැදී සිටින බවටද වාර්තා වෙයි. කෝවිඩ් 19 රෝගයේ වර්තමාන තත්වය පිළිබදව  සොඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශමය මාධ්‍ය හමුවකදී වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥවෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසූ කරුණු ඇසුරින් මෙම ලිපිය සකසා ඇත. 



රෝගය ආසාදනය වී දින ගණන් නිවසේ රැදී සිටින රෝගීන් දවසකට 1500කට වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඔවුන්ව රෝහලකට ගෙන යාමට යම්කිසි කාලයක් ගතවෙනවා. මොකද ඒක ක්ෂණිකව කියාක්කම කළ හැකි වාතාවරණයක් නොවෙයි. එතැනදි රෝගියාගේ රෝග තත්වය හඳුනාගන්න ඕනෙ. 

රෝගියා රෝග ලක්ෂණ සහිත කෙනක්ද,රෝග ලක්ෂණ රහිත කෙනෙක්ද, වෙනත් බෝ නොවන රෝග සංකුලතා තිබෙනවාද යන කාරණා හඳුනාගන්න ඕනේ. ඊට පස්සෙ තමයි කොයි රෝහලකටද ඔහුව ඇතුළත් කරන්නේ කියල තීරණය ගන්න එක ඒවගේම ගැහැනු සහ පිරිමි වශයෙන් නැවතත් මොවුන්ව කාණ්ඩ කරනවා. මේක විශාල ක්‍රියාන්විතයක්. එකවර වැඩි රෝගීන් ප්‍රමාණයක් ඇතුළත් කිරිමේදී මේ ක්‍රියාන්විතයේ යම්කිසි ආකාරයේ ප්‍රමාදයක් ඇතිවිය හැකියි. ඒ වගේ අවස්ථාවලදී කලබල නොවී පවුලේ අනෙක් අයගෙ හැකිතාක් වෙන් වී තනිවම සිටින්න. තනි වැසිකිළියක් භාවිත කරන්න, ජලය වැඩි වශයෙත් පානය කරන්න, පෝෂණය පිළිබදව සිතන්න. වෙනත් රෝගයන් සදහා ප්‍රතිකාර ලබනවා නම් ඒවා නිසියාකාරව ලබාගන්න. පුළුවන් සහ ඉක්මන් අවස්ථාවේදීම ඔවුන්ව අපි රෝහල් කරා ඇතුළත් කිරීම් කරනවා එතකල්. ආරක්ෂිතව රැදී සිටින්න කියන ඉල්ලීම සිදුකරනවා. මේ අවස්ථාවේදී රෝගියෙකුගේ ආශ්‍රිතයවත් අනිවාර්යයෙන් නිරෝධායනය කරනවා. 

තමන්ට රෝග ලක්ෂණ තිබෙනවා නම්, පී.සී.ආර් පරික්ෂණයක් සිදුකළා නම් එහි ප්‍රතිඵලය පැමිණෙන තෙක් ඔවුන් අනිවාර්යෙන්ම නිවසට වී නිරෝධායනය විය යුතුයි. ඒ වගේම ඔවුන් සමග සිටින පවුලේ අයත් ස්වයං නිරෝධායනය විය යුතුයි. තමුන්ගේ ආර්ථිකය, රැකියාව පිළිබදව ගැටලු පැමිණිය හැකියි. නමුත් මේ අවස්ථාවේදී රැකියාවට යාමට වඩා වැදගත්වන්නේ රෝගය පැතිරවීම වළක්වා ගැනීමයි. අපේ ග්‍රාම නිලධාරී කොට්ඨාස විසින් ස්වයං නිරෝධායනය වන පුද්ගලයන්ගේ නිවෙස්වලට අවශ්‍ය භාණ්ඩ ලබාදීමේ යාන්ත්‍රණයක් තිබෙනවා. ඒ ක්‍රමවේදය තුලදී ඔවුන්ට අවශ්‍ය කරන ආධාර සහ සහයෝගය ලබාදෙනවා ඇති.

*ගැබිනි මවුවරුන් ප්‍රවේසම් විය යුතුයි

පසුගිය දිනවල කෝවිඩ් ආසාදනය වූ ගැබිනි මවුවරුන් දෙදෙනෙක් මිය ගියා. ගැබිනි මවුවරුන්ට මෙය ආසාදනය වීමේ තත්වයක් මේ වන විට ඇති වී තිබෙනවා. මුල් අවස්ථාවලදී එවැනි තත්වයක් අප දුටුවේ නැහැ. ඔවුන් ඉතා ආරක්ෂිතව සිටියා. නමුත් සමාජයේ මේ රෝගය වැඩි වැඩියෙන් ව්‍යාප්ත වීමේදී ගැබිනි මවුවරුන්, කුඩා දරුවන් වෛරසයට නිරාවරණය වනවා. ගැබිනි මවුවරුන්ට රෝගය වැලදීම, සංකුලතා ඇතිවීම සහ එය මරණයෙන් කෙලවරවීමට ඇති ඉඩකඩ ඉතා වැඩියි. ඒ නිසා ඔවුන්ට විශේෂිත ප්‍රතිකාර සහ ඔවුන් ආසාදනය වූ වහාම අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඔවුන් සියලු දෙනාම විශේෂිත වූ රෝහල්වලට ඇතුළත් කරලා අවශ්‍ය ප්‍රතිකාර සහ අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරනවා. දරු ප්‍රසූතියට සූදානමින් ඉන්න මවුවරුන්ට සූතිකාගාරයක් අවශ්‍ය වෙනවා ඒ සියලු දෙයින් සම්පූර්ණ වුණු රෝහල් සූදානම් කිරීම මේ වනවිට සිදුකරනවා. දැනටමත් එවැනි පහසුකම් සපිරුණු රෝහල් කිහිපයක් අපට තිබෙනවා. අපිත් කැමතියි මේ සියලු ගැබිනි මවුවරුන් සංකූලතා ඇතිව රෝගය ඉක්මනින් සුව වෙනවා නම්. නමුත් යථාර්ථය තමයි මේ ගැබිනි මවුවරුන් කිහිපදෙනෙකුටම සංකුලතා ඇතිවීම සහ මරණයන් සිදුවිය හැකියි. නමුත් අප සියලුදෙනාවම ඉතා සැලකිල්ලෙන් බලාගන්න කටයුතු කරනවා. ගැබිනි සමය තුළ අවදානම් රෝග ලක්ෂණ මතුවුවහොත් නොපමාව වෛද උපදෙස් පැතිය යුතුයි. ඔබට යම්කිසි වෛද්‍යමය ගැටලුවක් මතු වුවත් 1999 දුරකථන අංකයෙන් සුවසැර වෛද්‍ය අසමතුම් සේවාව අමතා සෘජුවම වෛද්‍යවරයෙක් හමුවිය හැකියි. එසේ නොමැති නම් ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය අමතා අවශ්‍ය උපදෙස් ලබාගැනීමට හැකියි. ඒ වගේම ඔබේ නිවසේ පුද්ගලයෙකු නිරෝධායනයවනවා නම් ඔහුගෙන් ඈත්ව තනිව සිටීම සිදුකළ යුතුයි. ඒ පිළිබදව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය දැනුවත් කළ යුතුයි. මේ කටයුතු කිරීම තුළින් ඔබගේත්, දරුවාත් ආරක්ෂාව තහවුරු කරගන්න පුළුවන්.

*රෝගීන් මිය යාමේ වර්ධනයක්?

මේ අවස්ථාවේදී අපට වාර්තාවන කෝවිඩ් 19 මරණ ක්‍රම ක්‍රමයෙන් වැඩිවීමක් පෙන්නුම් කරනවා. දවසක දෙකක මරණ දෙස බලා එය අඩු වනවාද වැඩි වෙනවාද කියලා පැවසීමේ හැකියාවක් නැහැ. නමුත්පසුගිය දෙසතිය කාලයේදී මරණ වාර්තාවීම් ක්‍රමයෙන් වර්ධනය වීමක් තමයි දක්නට ලැබෙන්නේ. ඉදිරියේදී තවත් මරණ සංඛ්‍යාව වර්ධනය වීමක් සිදුවිය හැකියි.

*දැඩි සත්කාර ඒකකයේ ඇඳන් ප්‍රමාණය ප්‍රමාණවත්ද?


මේ වනවිට කෝවිඩ් රෝගීන් සඳහා දැඩි සත්කාර ඒකකයේ ඇදන් 143ක් තිබෙනවා. එය ඉදිරියේදී අවශ්‍යතාව අනුව පියවරෙන් පියවර වැඩි කිරීමට කටයුතු කරනවා. යම්කිසි රෝගියෙකුට දැඩි සත්කාර ඒකකයේ අනෙක් අවශ්‍ය නම් එය කෙසේ හෝ ලබාදීමට අපි කටයුතු කරනවා. අලුත් ඇදවැඩි කිරීමටත් අවශ්‍ය කටයුතු සූදානම් කරගෙන යනවා. ඒවගේම දැඩි සත්කාර ඒකක නොවන අධි සත්කාරක ඇදන් වැඩි කිරීමේ අවශ්‍යතාවකුත් අප දැක තිබෙනවා. ඒවා බොහෝම කෙටිකාලයක් ඇතුළත වැඩි කරනවා. ඒ වගේම යම් රෝහලකින් කෝවිඩ් ආසාදිත රෝගියෙකු හමුවුවහොත් එම රෝහලේ වාට්ටු කිහිපයක් කෝවිඩ් රෝගීන් සදහා වෙන් කර සූදානම් කර තබන ලෙසටත් මේ වනවිට දන්වා තිබෙනවා. මීට පෙර අපි එවැන්නක් සිදුකරන, යම් රෝහලකින් රෝගියෙකු වාර්තා වුණත් අපි කෝවිඩ් සදහා වෙන්කළ රෝහලකට එම රෝගියාව මාරු කිරීමක් තමයි සිදුකළේ. නමුත් එන්න එන්නම රෝගීමු වීම වැඩි වූ නිසා සෑම රෝහලකම වාට්ටු කිහිපයක් කෝවිඩ් රෝගීන් සඳහා වෙන්කර තැබීමට උපදෙස් දී තිබෙනවා.

*එන්නත්කරණයේ අලුත්තත්වය

මේ සියලු කටයුතු සමගම අපි එන්නත්කරණ වැඩසටහනක් සිදුකරන්න ඕනේ. කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව මේ වනවිට 925,000කට අධික ප්‍රමාණයකට ලබාදී තිබෙනවා. එන්නත්හි දෙවන මාත්‍රාව ලබාදීම මේ අවස්ථාවේදී සිදුවනවා. ඒ වගේම මේ වෙද්දි ස්පුට්නික් එන්නත ලබාදීමත් ආරම්භ කොට තිබෙනවා. ස්පුට්නික් එන්නත ලබාදීම ගොතටුව සොඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ආරම්භ කළා. ස්පුට්නික් එන්නත අපිට එන්නේ අධි ශීතකරණයේ. එය අපි පැය දෙකක් ඇතුළත ලබාදිය යුතුයි. එයත් ඉතා සාර්ථකව අපි ලබාදෙනවා. ඒ වගේම අපට ඉදිරියේදී පැමිණන එන්නන් ජනතාවට සාර්ථකවම ලබාදෙනවා. එන්නත ලබාගත්තාට පසුවත් කෙනෙකුට රෝගය ආසාදනය වීමේ අවදානමක් තිබෙනවා. එවැනි පුද්ගලයෙකුගෙන් තවත් කෙනෙකුට වැලදීමේ අවදානමකුත් තිබෙනවා. ඒ නිසා එක් එන්නත් මාත්‍රාවක් ලබාගත් අය සහ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අයත් තමුන් අනුගමනය කරන සොඛ්‍ය උපදෙස් වලින් බැහැරවීමෙන් වැළකෙන්න ඕනේ. ඒක තමුන්ට වගේම අවට සිටින අයගේත් ආරක්ෂාවට හොදයි.

*නව ප්‍රභේද සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ පහසුකම් ප්‍රමාණවත්ද?

ප්‍රභේදයක් වෙනස් වූවාට ප්‍රතිකාර ක්‍රමයේ වෙනසක් නැහැ. අලුත් ප්‍රභේදයක් පැමිණිවිට  එය හඳුනාගැනීම සිදුකළ යුතුයි. ඒ සදභා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවශ්‍ය කරන රසායනාගාර පහසුකම් තිබෙනවා. අපි විශ්වාස කරනවා ඒ පහසුකම් මේ අවස්ථාවේදී ප්‍රභේද හඳුනා ගැනීමට ප්‍රමාණවත් කියලා. අපට තිබෙන සෑම රසායනාගාරයකින්ම ලබාගන්නා සාම්පල කොටසක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනාගාරයට යැවීමට කටයුතු කරනවා. දකුණු අප්‍රිකානු ප්‍රභේදයට එන්නත්කරණයෙන් සහයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රභේදයක් අපේ රටට අතුඵ වු එක්නත්කරණයට අමතරව තවත් සෞඛ්‍ය කටයුතු සිදුකරන්න හැකියාව තිඛෙනවා. ප්‍රභේදය කුමක්වුවත් ප්‍රතිකාර ක්‍රමයේ වෙනසක් සිදුවන්නේ නැහැ. අපේ සෞඛ්‍ය කාර්යමණ්ඩල ඒ සෑමදයක් සදහාම දැනුම්වත් කර තිබෙනවා. ඒ නිසා අපට ගැටලුවක් වන්නේ නැහැ. මේ අවස්ථාවේදී ජනතාවගේ වගකීම ඉතා වැදගත් මේ අවස්ථාවේදී අනවශ්‍ය ගමන් බිමන් යන්න එපා.
සාප්පු සවාරියන්න සෙනග රොක්වන තැන්වලට යන්න එපා. අතවශ්‍ය ගමන් පමණක් යන්න. පසුගිය දිනවල අපි එපා කියල තිබුණත් පිට්ටනිවල, ජනතාව ඒකරාශී වන ස්ථානවල ජනතාව රැස්වුණා. මේ තත්වය සුදුසු නැහැ. අත්‍යවශ්‍ය කාරණාවලට එළියට යද්දි දුරස්ථභාවය තබාගෙන සොඛ්‍ය මාර්ගගෝපදේශනයන් පිළිපදින්න. යම් අයෙකුට කෝවිඩ් 19 රෝග ලක්ෂණ හා සමාන රෝග ලක්ෂණ තිබෙනවා නම් ඔවුන් අනිවාර්යෙන්ම සමාජයට පැමිණීමෙන්. වැළකී සිටින්න. ඔවුන් ඉක්මනින් වෛද්‍ය උපදෙස් අනුගමනය කරන්න. ළගම තිබෙන රෝහලට ගොස් තමන්ගේ රෝග ලක්ෂණ පිළිබදව වෛද්‍ය උපදෙස් ලබාගන්න.අපිට නොයෙකුත් චෝදනා එල්ල වෙනවා මේ තත්වයට වගකිව යුත්තේ ජනතාව විතරමද කියලා. ජනතාව විතරක් නෙවෙයි. අපේ සෞඛ්‍ය පද්ධතිය කෙතරම් දුරකට  ක්‍රියාත්මක වනවාද යන්න මතක තීරණයවනවා. අපිට පළමු රැල්ල ආවාම එය ඉතා සාර්ථකවම පාලනය කළා. මාස කිහිපයක්ම සමාජය තුළින් රෝගීන් නැති තත්වයකටම අපි පළමු රැල්ල පාලනයකලා. ඒවා ඔක්තෝබර් මාසයේදී මිනුවන්ගොඩින් සහ පෑලියගොඩින් රෝගීන් හමුවෙද්දි, මාසයක් වැනි කාලයක් ඇතුළත දවසකට රෝගීන් වාර්තා වී 150ට අඩු ප්‍රමාණයක් දක්වා පහත බැස්සවීමට අපිට හැකියාව ලැබුණා. එය කරන්නට හැකි වුයේ  ජනතාවගේ සහයෙන් සහ ඒ වන වීට අපිට තිබුණු සෞඛ්‍ය පද්ධතිය නිසයි. මේක ඇත්තටම සාමාජීය වගකීමක් නිසා මුළු සමාජයමට දායකත්වය දෙන්න ඕන.

 (කැළුම් දේවින්ද)