thisuri-yuwanika-speaks

තම මවගේ අඩි පාරේ යමින් කුඩා කලම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වූ තිසුරි යුවනිකා යනු මේ වනවිට ජනප්‍රිය රංගන ශිල්පිනියක බවට පත්ව සිටින්නියකි.  කතාබහට මෙලෙස එක්විය.




 කෝවිඩ් නිසා ඉදිරියේදී ලංකාවේ කලාකරුවන්ට මොනවා වේවිද?

ඇත්තටම අපිට හානියක් වෙනවා, ගැටලු ගොඩාක් තියෙනවා. මේකට ඉක්මනින් පාලනය කරන්න නම් ජනතාව ආරක්ෂිත, සොඛ්‍ය උපදෙස් අනුගමනය කරන්න ඕනේ. හැබැයි ඉතින් ප්‍රවෘත්තිවල යන එක නෙවෙයි අපි පාරට  බැස්සාම දකින්නේ. මෙහෙම ලෙඩක්  තියනවා කියලත් චුටි සැකයක්  ඇතිවෙන තැන් තිබෙනවා. මොකද ගොඩක් අය කිසිම ආරක්ෂිත ක්‍රමයක් අනුගමනය කරන්නේ නැතුව අදටත්  පාරේ බැහැලා යනවා අපි දකිනවා. ඉතින් මෙහෙම වෙන්න වෙන්න හැමෝටම තවත් අපහසුතා ඇතිවෙනවා හැරෙන්න  පාලනයක් වෙන්නේ නැහැ. අපේ අය විනයක් ඇතුව වැඩ කරගෙන යන්න ඕන. චීනයෙන් මේ රෝගය ආවාට චීනය ඒක පාලනය කරා වගේම අපිටත් පාලනයක් තියෙන්න ඕනේ.




එතකොට ඔබ හිතන්නේ මිනිසුන්ගේ වගකීමක් නැතිකම නිසා තුන්වැනි රැල්ලක් ආවා කියලාද?

එහෙමයි කියලම කියන්න බැහැ. මේක හැම පැත්තකම ඒකතුවක්. රට වහන්න බැරී එක ඇත්ත වෙන්න ඇති. එහෙනම් තද නීති ගේන්න ඕනේ. එකදිගට මිනිස්සු කිහිප දෙනෙක් මැරද්දී, ආසාදිතයෝ වැඩි වෙද්දී, අපේ අය බය වෙනවා. එතකොට තමයි අර සෞඛ්‍ය නීති මතක් වෙන්නේ. ආයෙත් ටික දවසක් යනකොට ඒ්වා අමතක වනවා. අවුරුදු කලයදී වුනත්  කඩ ඇතුළේ ඔළු ටික විතරයි  ෙපනු ෙන්. ෙලඩක් තියනවා කියලවත්  අමතකයි. හරි විදිහට හැමෝටම එක විදිහට නීති හදන්න ඕනේ. ඉන්දියාවට වුණු දේ අපිට නොවෙන්න අපේ ජනතාව  මොළේ පාවිච්චි කරලා, එයත් එක්ක රජයත් සමඟ කටයුතු කල යුතුයි. මේක සුළුවෙන් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයිනේ. තමන්ගේ කාටහරි වෙනකල් මේක් බැරැරුම්කම කාටවත් දැනෙන්නේ නැහැ. මං කියන්නේ අපි හීක්මීමක් ඒක්ක කටයුතු කල යුතුයි. නැත්තම් ඉදිරියදී දරුවන්ට කියන්න වෙන්නේ අපි මාස්ක් නැතුව ජීවත් වුණු කාලයකුත් තිබ්බා කියලා තමයි.



 ඩිලාන් ක්‍රිෂාන්ත