drone-camera-traffic

රථවාහන තදබදය අවම කිරීම සදහා ඩ්‍රෝන කැමරා යොදාගෙන විශේෂ වැඩපිළිව‍ෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි. මාර්ගවල ධාරිතාවට දරාගත නොහැකි  ලෙස වාහන මාර්ගවලට ඇතුළු කිරීමට නිසා හා මාර්ග නීති උල්ලංඝනය කරමින් 



රථවාහන ධාවනය කිරීම නිසා මාර්ග තදබදයන් ඇති වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.  මේ නිසා රථවාහන තදබදය අවම කිරීම සඳහා තාක්‍ෂණය යොදාගෙන නියමු ව්‍යාපෘතියක් ආරම්භ කළ බවත්, මේ යටතේ පොලිස් විශේෂ කාර්ය බළකාය හා ශ්‍රී ලංකා ගුවන්හමුදාවේ සහයෝගය මත පොලීසිය විසින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පවසා සිටියේය.

මේ අනුව ජංගම රථ මෙහෙයුම් මැදිරි ලෙස භාවීතකර ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත්, මේ අනුවරවාහන තදබදය පිළිබද දර්ශන ලබාගෙන වාහන ගමනාගමනය විධිමත් කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය. යම් ස්ථානයක මාර්ග තදබදය ඇති වුවහොත් එම ස්ථානයේ සිට විකල්ප මාර්ග හඳුන්වාදීම සිදුකරන බවත්,  මෙම වැඩපිළිවෙළඊයේ (06දා) කොළඹ  හයිලෙවල් මාර්ගයෙන් ආරම්භ කළ බවත් පවසා සිටි හෙතම, ඉදිරියේදී ලෝලේවල්  මාර්ගය, නුවරපාර, ගාලුපාර. මීගමුව පාර, පාර්ලිමේන්තු මාර්ගය තුළත් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද හෙතෙම පවසා සිටියේය.