matara-investigation

මාතර රන්මලේ එපිටකඩුව ප්‍රදේශයේ ලඳු කැලෑවක තිබූ මෘතදේහයක කොටස් පෙරේදා (05දා) දහවල් සොයා ගත් බව දික්වැල්ල පොලීසිය පවසයි.  

හිස් කබලක්, ඇට සැකිල්ලක් ඇතුළු පුද්ගල මළසිරුරක කොටස් මෙසේ සොයා ගනු ලැබ ඇත.  එම ප්‍රදේශයේ නිවසක හුදෙකලාව ජීවත් වූ 73 හැවිරිදි තිදරු මවක පසුගිය 17වැනිදා සිට අතුරුදන්ව සිටින බවට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා කළ දැනුම් දීමක් මත පොලිස් නිලධාරීන් පෙරේදා (05දා )එම ප්‍රදේශය පුරා  මෙහෙයුමක් දියත් කොට තිබිණි. එහිදී අදාළ කාන්තාව පදිංචිව සිටි නිවසට මීටර් 200ක් පමණ ඈතින් පිහිටි ලඳු කැලෑවක තිබූ එම කාන්තාවගේ බවට සැකකරන මෘතදේහයේ කොටස් හමුවී ඇත.


මෙම සිරුර හමුවීමට පෙර සුනඛයකු විසින් රැගෙන පැමිණි මිනිස් ඇටකටු කැබැල්ලක් දුටු ගම්වාසීන් ඒ පිළිබද ග්‍රාම නිලධාරිවරයා දැනුවත් කර ඇත. මීට අමතරව රෙදි, ඇට කැබලි හා විදුලි පන්දමක් ද සිරුර තිබූ ස්ථානය ආශ්‍රිතව තිබී පොලීසිය විසින් සොයා ගනු ලැබ තිබේ. එහි ගවුමක කොටසකින් මෙම සිරුර තම මවගේ බවට ඇයගේ දරුවන් විසින් හඳුනාගත් බවද පොලීසිය පවසයි.  අදාළ කාන්තාවන්ගේ එම දරුවන් තිදෙනා විවාහ වී පිට පළාත්වල ජීවත්වන බවත් අගතැම් අවස්ථාවල මෙම කාන්තාව සති දෙක තුත ගමෙන් පිටව ගොස් පැමිණත බැවිත් අතුරුදන්වී සිටි අය පිළිබඳ ගම්වාසීන් එතරම් සැලකිලිමත් වී නොමැත.


කන්දක පිහිටි වන්තක කාන්තාව තනිවම පදිංචිව සිටි නිවසේ ඉදිරි දොර විවෘතව තිබූ බවද පොලීසිය පවසයි.මාතර අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරින් විසින් මේ සම්බන්ධව පරික්ෂණ කටයුතු සිදු කළ අතර, මාතර මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා පැමිණ එම ස්ථානයන්හි මූලික නිරීක්ෂණ සිදු කරන සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මාතර රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළේය.


 -නිමල් ලන්දගේ-