
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග බංගලිදේශ කණ්ඩායම පැවැත්වූ තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව අද ජයග්‍රහණය කළේය.
කාසියේ වාසිය දිනාගනිමින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවාසනයේ කඩුලු 6 දැවී ලකුණු 286ක් ලබාගනිමින් බංගලාදේශ කණ්ඩායමට 287ක් ඉලක්කයක් ලබා දී තිබුණි.
බංගලාදේශ කණ්ඩායමට පන්දුවාර 42යි පන්දු 2ක් අවසානයේ සියල්ලෝම දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 189 කි. ඒ අනුව තෙවන එක් දින තරගයේ ජය ලංකාවට හිමි විය. කුසල් පෙරේරා ලකුණු 120 ක් ලබාගැනීම හා දුස්මන්ත චමීර ලකුණු 16 ට කඩුළු 5 ක් ලබාගැනීම මෙම ජයග්‍රහණයට පසුබිම් විය.
තරගාවලියේ මින් පෙර පැවති 2 ම බංගලිදේශ පිල ජයගත් නිසා තරගාවලී ජය බංගලාදේශ කණ්ඩායමට හිමි විය.

Comments
Post a Comment
Your comment will be visible after approval