mv-express-perl-envirnment-effect

පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා පසුගියදා ශ්‍රී ලංකා මුහුද මැද ගින්නට ලක්වූ එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පරිසර හානිය ගැන කළ අදහස් දැක්වීමක් මේ සමග පළවේ.

මේ දිනවල අපි ප්‍රවෘත්ති මාර්ගයෙන් දන්නවා අපේ  වෙරළ කලාපයට පැමිණිය නැවක් ගිනිබත් වෙනවා .මේ අවස්ථාවේ දී ඒ නැව තුළ තිබිච්ච නයිට්‍රික් අම්ල containers 25ක පමණ ප්‍රමාණයක් ගින්නට දැවී ගෙන ගිහිල්ලා. ඒ වාගේම මුහුදට ජලයට එක්කාසු වෙනවා.  තෙල් සහ ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය එහෙම නැත්නම් නිෂ්පාදිත ද්‍රව්‍ය අද අපේ වෙරළට එක්කාසු වෙමින් පවතිනවා. මෙතන තියෙන ගැටලුවක් තමා මේ නවුකාවේ මේ වැනි අපදා ද්‍රව්‍ය එහෙම නැත්නම් හොඳින් ඇසුරු නොකරපු ඇසිඩ් වර්ග තියෙන බව ජාත්‍යන්තර ප්‍රවෘත්ති මාර්ගයෙන් දැනුවත් කරලා තියෙනවා. නමුත් අවාසනාවකට වගේ ඉන්දියාව,කටාර් වැනි රටවල් මේ ප්‍රතික්ෂේප වුන නැව අපේ වෙරළ සීමාවට එහෙම නැත්නම් අපේ මුහුදු තීරයට, මුහුදු කලාපයට පැමිණිලා තියෙනවා .මේ අපේ මුහුදු කලාපයට යම්කිසි නැවකට එන්නනම් ඒ සඳහා  අපේ රටෙන් අවසර ලබා දෙන්න අවශ්‍යයි බලධාරීන් .ඒ නිසා ගැටලුවක් එනවා ඒ තමා කොහොමද මෙවැනි අපදා සහිත ද්‍රව්‍ය රැගෙන යන  නැවක් අපේ මුහුදු කලාපයට ආවේ කියන එක .


දැන් මේ ගින්නට හසු වෙලා   මේ  ගින්න පාලනය කරගන්න අපොහොසත් වුණා අපේ රටට.

මොකද ඒකට හේතුව අපිට ඒ අවශ්‍ය උපකරණ නැති නිසා මේ ආපදා තත්ත්වයක් වැළැක්වීමේ සියලු උපකරණ අපේ රටේ නැති නිසා අපිට වෙන රටවල් වලට කියන්නට සිදු වුණා අපිට ඇවිත් උදව් කරන්න කියලා. ඒ නිසා මේ ගින්න ඉතාමත් විශාල වශයෙන් පැතිර ගිහිල්ලා අද ඒ නැව විනාශ වෙලා තියෙනවා. මේතැන දී සිදුවන විශාල ම ගැටලුව තමයි පාරිසරික ප්‍රශ්න .ඒ පාරිසරික ප්‍රශ්නයක් විදියට ගත්තොත් අපි දන්නවා නයිට්‍රික් අම්ලය මුහුදේ ජලයට එක්කාසුනම ඒ ජල ජීවින් සියලු දෙනාම විනාශයට පත් වනවා .කුඩා පැළෑටි ඉදලා මත්සයින් දක්වා මේ ජල ජීවීන් විනාශයට පත්වෙනවා. මැරිලා යනවා. ඒ වගේම කොරල් පර දියවෙලා යනවා. මේ පරිසර පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා .මේ කලාපය තුළ කිසිසේත්ම කිසිම සත්වයෙක්ට ජීවත් වෙන්න බැරි වනවා.


 ඉතින් ඒ නිසා අපේ පරිසරය අපේ මුහුදු පරිසරය මේ නැවේ ගින්න තුළින් අතිශයින්ම විනාශ වෙලා යනවා .මේ වකවානු වෙනකොට තෙල් ගලාගෙන එනවා අපේ වෙරළට .ඒ වගේම නයිට්‍රික් අම්ලය පැතිරිලා යනවා අපේ මුහුදු කලාපයේම. ඒ කියන්නේ අපේ රටේ මුහුදු කලාපයේ ජිවත් වෙච්ච මත්ස්යයින්ගේ ඒ ප්‍රමාණය දැවැන්ත වශයෙන් අඩු වීමකට භාජනය වෙනවා .

අපේ රටේ බලධාරීන් අපිට මෙවැනි අපදා තත්ත්වයේ ඉන්න නැවක සිදු වෙන්න පුළුවන් සිද්ධිය කළමනාකරණය කරගන්න අපිට අවශ්‍ය කරන නැත්නම් ඒ හැකියාව නැත්නම් ඇයි මෙවැනි නැවක් මේ ප්‍රදේශයට ඒමට ඉඩ දුන්නේ කියන එක පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි එක අපිට කොයිතරම් වන්දි මුදලක් ලැබුණත් අපේ පරිසරයට සිදුවන හානිය නැවත වතාවක් යථා තත්ත්වයට ඒ පරිසරය ගෙන ඒමට ඒ ලැබෙන  වන්දි මුදල ‍ප්‍රමාණවත් නොවන බව වටහා ගත යුතුයි .ඒ නිසා විශේෂයෙන්ම පරිසර අමාත්‍යාංශය මීට වඩා ඉතාමත්ම වගකීම් සහිතව කටයුතු කළ යුතුයි .ඒ වගේම හැකි ඉක්මනින් අපේ රටට මෙවැනි ආපදා තත්ත්ව වළක්වා ගන්නට අවශ්‍ය උපකරණ ඒ සියලු ක්‍රමවේද පුහුණු වීම් ඇති කරලා දෙන්න ඕනේ නාවික හමුදාවටත්, ඒ වගේම සමුද්‍ර අධිකාරියටත්.