කොරෝනා ආසාදනය වැළැක්වීම සඳහා රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 13ක් මිලදී ගැනිමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබූ අතර ඉන් සාම්පල කොටසක් ඊයේ රාත්‍රී කොළඹ කටුනායක ගුවන් තොටුපලේදී ගොඩබාන ලදි.


සාම්පලයේ 15,000 ක එන්නත් තොගයක් පවතී.
මෙම සාම්පල එවා ඇත්තේ වෙනත් එන්නත් වලට වඩා මෙම එන්නත පරිහරනයේ නීතිරීති රැසක් පැවතීමෙන් ඒ සඳහා සෞඛ්‍ය අංශ ක්‍රමවේද සකස්කිරීමට අවශය නිසාය.


ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් එන්නත් පරිහරණය කරන ආකාරය, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, මාත්‍රා ලබාදීම යනාදී කටයුතු සිදුකිරීම අධීක්ෂණය කිරීම සඳහා මෙම සාම්පල් තොගය යොමුකර තිබේ.
මෙම එන්නත් සෙල්සියස් අංශක ඍණ -20 (-20C°) උෂ්ණත්වයක් යටතේ සැමවිටම ගබඩා කර තැබිය යුතු බවද කියැවෙන අතර එන්නත් කුප්පි විවෘත කර පැය 02 ක් තුළ අදාළ පුද්ගලයන් වෙත ලබා දිය යුතු බවද පැවසිණි.
එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපොළේ දී භාර ගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැමිණ තිබුණි.
එන්නත් තොගය භාර ගැනීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී ඇත. ඉදිරියේදී කොළඹින් පිට ප්‍රෙද්ශවල මේවා භාවිතය අරඹනු ඇති බවට වාර්තා පළව තිබුනි.
ලංකාවේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මිලියනයකට ආසන්න තොගයක් මින් පෙර වරින්වර ලැබුණ අතර චීන සිනොෆාම් එන්නත ලක්ෂ 6 ක් ලැබුණි.
ශ්‍රී ලංකාව මගින් ස්පුටිනික් එන්නත් මාත්‍රා මිලියන 13ක් ඉදිරියේදී මිලදී ගැනිමට නියමිතය.
ස්පුටිනික් එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අනුමත කර ඇත.