
රජය මගින් විවාහ මංගල උත්සව පැවැත්වීම අත්හිටුවීම අද දිනය දක්වා කල් දමන ලද්දේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහෝදරියකගේ දියණියකගේ විවාහ මංගල උත්සවය ඊයේ දිනට යොදාගෙන තිබුණ නිසා බව පවසමින් ඡායාරූප සහිතව එම මංගල උත්සවයේ යයි කියන විස්තරයක් ඊයේ සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.
මෙම කතාව අසත්‍යයක් බව යුදහමුදාපතිවරයා ඊයේ රාත්‍රී දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කළ අතර
එම අසත්‍ය පුවත නිර්මාණය කළ පුද්ගලයාම එය සංශෝධනය කර රාත්‍රිය වනවිට වරද නිවැරදි කර නැවත පළ කර ඇති බවද ඔහු කීය.
තම සහෝදරියගේ දියණියන් දෙදෙනාම 15 ට අඩු වියේ පසුවන පාසල් දැරියන් බවද ඔවුන් විවාහයක් ගැන තවම සිතාවත් නැති බවද එසේම ඡායාරූපයේ දැක්වෙන ආකාරයට තමා නැගණියගේ දියණිය විවාහ වන අවස්ථාවක් තිබුනේ වීනම් හෝ හමුදා නිල ඇදුමක් ඇඳ එවැන්නක් එක් වන්නේ නැති බවද කියා සිටියේය.
සර්ච් කර ලැබුණ කිසියම් ඡායාරූපයක් වැරදීමක් නිසා එසේ පළකරන්නට ඇතැයිද ඔහු කීය.
කෙසේ වෙතත් අදාළ සිදුවීම ගැන යුදහමුදාපතිවරයා වරදකාරී පාර්ශ්වය වෙත දොස් නොකී අතර දඩුවම් දෙන්නට අවශ්‍ය බවක්ද නොකීවේය. ඔහු මුලදී කියා සිටියේ බල්ලෙක් තමාව හැපුවාට තමා බල්ලන් හපන්නට යන්නේ නැති බවයි.

Comments
Post a Comment
Your comment will be visible after approval