shawendra-silva-speaks

කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා දෙරණ 360 වැඩසටහනට පැමිණ පැවසූ අදහස් පහත පරිදිය.
 
●කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික මාන්ඩලික ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුදහමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා සමගයි අද අපේ කතාබහ සිදුවන්නේ....ආයුබෝවන් ඔබට...අද මඟුල් ගෙදර ජයට තිබ්බද....විවාහ මංගල උත්සව තහනම් කරන දවසේ ඔබගේ නැගණියගේ දුවගේ විවාහය එදින උදෑසන සිදුවෙනවා...මේ විවාහ මංගල උත්සව තහනම් කරම රාත්‍රියට දා ගන්නේ ඒ විවාහය පැවැත්වීමට උවමනා නිසාද...?

          ''ප්‍රථමයෙන් කියන්න ඕන බල්ලෙක් මගේ කකුල කෑවට මම බල්ලෙක්ගේ කකුලක් කන්න බලාපොරොත්තුවක් නෑ...බල්ලෝ තවලමක් යනකොට බුරනවා නමුත් තවලම ඒ ආකාරයෙන්ම ඉදිරියට ඇදී යනවා...ඒ වගේ අසත්‍ය ප්‍රකාශයකි සමාජ මාධ්‍යතුල සංසරණය උනා...මම කිසිම විටක සිවිල් පුද්ගලයිනගේ විවාහ මංගල උත්සවයකට UNIFORM එකෙන් යන්නේ නෑ...මගේ සහෝදරියට ඉන්නේ දරුවන් දෙදෙනෙක් වයස අවුරුදු 15 හා 19 ක දරුවන් දෙදෙනෙක්...මේක සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක්...නමුත් පස්සේ ඒක ප්‍රචාරය කරපු පුද්ගලයා නිවැරදි කිරීමක් කියලා මේ විවාහය මගේ නැගණියගේ දුවගේ විවාහට නෙවෙයි හමුදා නිළධාරියෙකුගේ විවාහයක් කියලා දාලා තිබුණා...''

●මේ වනවිට රටේ පවතින්නා වූ කොවිඩ් 19  ව්‍යාප්තියේදී අපි රටක් විදිහට කොහෙද ඉන්නේ...?
         ''ලෝකයේ මිලියන 152ක් පමණ කොවිඩ් ආසාදිතයන් හමුවෙච්ච,මිලියන 3.2ක් පමණ මේ කොවිඩ් නිසා මියගිය,ලෝකයේ කොවිඩ් සඳහා කේන්ද්‍රස්ථානය වෙන අපේ අසල්වැසි රට ඉන්දියාව එහි ආසාදිතයන් ලක්ෂ 3,4 හමුවෙන අවදියක තමයි අපිමේ ඉන්නේ...අපේ තත්වය ගත්තට පස්සේ අපේ ජනාධිපති පළවෙන් කොවිඩ් ආසාදිතයා රටේ හමුවෙන්නත් ඉස්සෙල්ලා 2020 ජනවාරි මාසේ 26 වෙනිදා කාර්ය සාදක බලකායක් පිහිටුවලා තමයි මේ කොවිඩ් කියන දේට අතගහලා වැඩේ පටන්ගත්තේ...මාර්තු අප්‍රේල් කාලේ එක සීමාවක් අප්‍රේල් සිට ඔක්තෝම්බර් දක්වා එක සීමාවක් ඔක්තෝම්බර් සිට නැවත ඇවිල්ලා  ජනවාරි වෙනකොට ආසාදිතයන් 700 පමණ හමුවෙලා...මාර්තු අග සතිය විතර වෙනකොට 150 ට විතර බස්සගෙන තියෙද්දි තමයි අපේ රටේ ජනතාව අලුත අවුරුද්දට හැසිරුනු ක්‍රමයට 15 වෙනිදායින පස්සේ කාලයේ 250/300වෙලා...21 වෙනිදා ඉදන්  26 වෙනිදා කාල පරාසය තුල 500-900 දක්වා ගිහින් දැන් 26 වෙනිදයින් පස්සේ 1100 පටන්ගෙන 1900 පැනලා අපිට කොවිඩ් ආසාදිතයන් හමුවෙනවා...1913 කොවිඩ් අසාදිතයන් රටේ හමුවෙනවා 696 දෙනෙක් කොවිඩ් හා අනෙකුත් රෝග යටතේ මියගිහින්තියෙනවා...''



●මේ කොවිඩ් නිසා මියයන ප්‍රමාණය අඩුකරලා කියන්න හදනවද...?
          ''නැහැ...ඇත්තටම  එහෙම කරන්න කිසිම උවමනාවක් නෑ මට...කොවිඩ් කියලම මැරෙන සංඛ්‍යාවක් ඉන්නවා...වෙනත් වෙනත් රෝග තිබුන අයට මේ රෝගය හැදීම හේතුවෙන් ඒ රෝගය උත්සන්න වෙලා මියයාමත් වාර්තා වෙනවා...ආසන්නතම හේතුව කොවිඩ් කියලා පිළිගන්න වෙනවා...මේ වෙනකොට රෝහල්වල ලංකා ඉතිහාසයේ වැඩිම රෝගීන් සංඛාවක් ප්‍රතිකාර ලබන අවදියක තමයි මේ අපි ඉන්නේ...ඒ නිසා මේක සුළුවෙන් හිතන්න අපිට හැකියාවක් නෑ...දැනට මේ කොවිඩ් අසාදිතයන් සංඛ්‍යාවෙන් 50% ක් වගේ හමුවන්නේ ආශ්‍රිතයන්ගෙන්....ඒක තමයි යම්කිසි ආකාරයකට තියෙන හොද පැත්ත වෙන්නේ...අද දවසේ හමුවෙන කොවිඩ් අසාදිතයන් අලුත්ම අසාදිතයන් නෙවෙයි  යම්කිසි ප්‍රතිශතයක් ඇවිල්ලා ආශ්‍රිතයන්....මෙවැනි තත්වයක් රටේ තියෙන්නෙ අපා උත්සහ කරනවා කෙසේ හෝ ඉදිරි දින කීපයේදී පාලනය කරගන්න...මේ සඳහා රටේ ජනතාවගේ සහය ඉතාම අවශ්‍ය වෙනවා...''

●මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරනවා අහඹු පී.සී ආර් කරන එක නවත්වන්න කියලා නියෝගයක් ඇවිල්ලා තියෙනවා කියලා එහෙම එකක් තියෙනවද ?
        ''නැහැ එහෙම කිසිදු දෙයක් නැහැ....පසුගිය දිනවල 27000කට වැඩි ප්‍රමාණයක් පී.සී ආර් කලා...පී.සී ආර් පරීක්ෂන කරන ක්‍රමවේදයන් තුනක් තියෙනවා...පළමුව යම්කිසි රෝහලකට ඇතුලත්වෙන රෝගීන්ගෙන් 5% කට පමණ පී.සී ආර් පරීක්ෂන සිදු කිරීම එදත් අදත් පවතිනවා...දෙවනුව ජනතාව එක්රැස්වෙන තැන ඉලක්ක කරගෙන පී.සී ආර් පරීක්ෂන සිදුකරනවා...තුන්වනුව යම්කිසි ස්ථානයක් ඉලක්ක කරගෙන පී.සී ආර් පරීක්ෂන සිදු කරනවා...සමහරක් මීට පෙර පී.සී ආර් පරීක්ෂන අඩු නිසයි මෙරට ආසාදිතයන් වැඩි කියලා කිව්වා...ඒ කිව්ව අයට උත්තර දෙන්න  පුළුවන් මීට පෙර දින කිහිපයකට උඩදි අපි 15000ක් කරද්ද අසාදිතයන් හමුවෙනවා 1700-2000 විතර...අහඹු පී.සී ආර් නවත්වලා අපිට මොකක්ද කරන්න ඕන....අපිට ඕන කොවිඩ් අසාදිතයන් හොයාගෙන ඒ අය මේ සමාජෙන් ඉවත් කරගෙන ප්‍රතිකාර කරලා මේ සමාජය කොවිඩ් වලින් තොර රටක් කරන්න ඕන...මම හිතන්නෙ නෑ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් එවැනි නියෝගයක් දෙයි කියලා...''

●පී.සී ආර් පරීක්ෂන කට්ටල තියෙන්නේ තව සති 6 කට සීමිත ප්‍රමාණයයි කිනවා ඇත්තද මේ කතාව ?
        ''අපිට ඕනම දේක යම්කිසි ප්‍රමාණයක් තියෙන්න පුළුවන්...හැමදෙයක්ම මේ අවුරුද්දේ දෙසැම්බර් වෙනකන් බඩු නැහැ කොහොමත්...සති 6 කට තිබ්බොත් තව ඒඒ අවශ්‍යතාවය අනුව තව ගෙන්වාගැනීමේ හැකියාව තියෙනවා...ප්‍රමාණය අඩු නිසයි පරීක්ෂන අඩු කරන්නේ කියල කවුරුහරි කිව්වොත් ඒක පිළිගන්න බැහැ...''

●ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා 8 වෙනිදා මේ B 1 1 1 7 කියන මේ නව වයිරසය හදුනාගන්නවා...සඅදාල වගකිව යුත්තන් දැනුවත් කරනවා කියලත් කියනවා....8 වෙනිදා ඔබලා ඒ දේ දැනගත්තානම් අවුරුදු දවස් වල ජනතාවගේ හැසිරීම පිළිබදව ඔවුන්ට ඇගිල්ල දික්කරන්න බෑ නේද ?
         ''සමහර පිරිසක් අහනවා ඇයි මේ වගේ තත්වයක් දුන්නේ කියලා...අපිට පුළුවන් උනා කොරෝනා අසාදිතයන් 150 දක්වා ගේන්න....අපි පැහැදිලිවම ජනතාවට කිව්වා අලුත් අවුරුද්ද නිවසේ අය එක්ක සමරන්න කියලා..අවුරුදු උත්සව සීමාකරන්න කියලා අපි කිව්වා...මේ ජනතාව අවුරුද්දට කඩසාප්පු වලට යද්දිත් අපි කිව්වා මුඛ ආවරණ පළදින්න ඒ ඒ උපදෙස් පිළිපදින්න කියලා අපි නිතරම කිව්වා....අසාදිතයන් 900 හමුඋන අවදියක අසාදිතයන් 150ට වගේ බැස්සුවහම ජනතාව හිතුවා දැන් රටේ මේ කියන කොරෝනා තත්වේ අවුලක් නෑ කියලා...ඊට පස්සේ මිනිස්සු කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැතිව  උපදෙස් පිළිපදින්නේ නැතිව සිටිය පිරිස් හිටියා....මේක ඉජනතාව සැහැල්ලුවෙන් ගත්ත කියල පේනවා අපිට...ජනතිව තේරුම්ගත යුතුයි කාටවත් කියන්න බෑ මේක කිව්වේ නෑ කියලා...අපි කිව්වා  මේ වෙනකොට ඉන්දියාවේ තත්වේ මෙහෙමයි කියලා කිව්වා..''

●ඔබතුමා කියනවා කාර්යසාදක බලකායට මේ නව ප්‍රබේදය ගැන දැනුවත් උනේ නෑ කියලා....ඇත්තටම දැනුම්දුන්නේ  නැද්ද නැතිනම් කොවිඩ් 19  තත්වය සමතකයට පත්වෙච්ච අවදියක  කාර්යසාධක බලකාය පහසුවෙන් සිටියද ?
          ''කවරුහරි කියනවනම් සීරුවෙන් ඉන්න ඕන වෙලාවක පහසුවෙන් සිටිය කියනවනම් අපි කොයිම වෙලාවකවත් පහසුවෙන් සිටියේ නෑ...අපි නාලිකාවන් වලට කිව්වා අපි මේ දේවල්...අන්න නිලිකාවලින්නම් මේ දේ පහසුවට ගත්තා...මමම කතා කරලා කියලා තියෙනාවා නාලිකා වල කෝ මේ කොවිඩ් ගැන කිසිම news එකක් නෑනේ කියලා... කාර්යසාදක බලකායවත් රටේ යාන්ත්‍රනයත්  පහසුවට ගියේ නෑ මාධ්‍ය නාලිකාවල්නම්  පහසුවට ගියා කියලා පේනවා අපිට...''



●විශේෂඥ වෛද්‍යවරුන් දිගින් දිගටම යෝජනා කලත් රට දින කීපයකට ලොක්ඩවුන් කරන්න කියලා නමුත් එහෙම දෙයක් වෙන්නෙ නෑ...රජය ඉදිරියෙත් කොයි විදිහට වියසනයක් උනත් මේ වදිහට රට පවත්වාගෙන යාමටද කටයුතු කරන්නේ.....?
        ''ඒක ඇත්තටම බොරුවක්....එහෙම තත්වයක් කවුරුත් එක හෙලා කිව්වේ නෑ...මේ තත්වය එද්දි අපි කාරණා දෙකක පිළිබදව
සොයාබැලුවා...එකක් තමයි සම්පූර්ණ රට වහලා මේ සදහා පියවර ගන්න එක අනිත් දේ තමයි රට ඉදිරියට යන ගමන් කොවිඩ් පාලනය කරන ක්‍රමවේදය...රට  ලොක්ඩවුන් කරන ක්‍රමවේදය අපි ප්‍රථම වතාවෙදි කලා...නමුත් කොවිඩ් ආසාදිතයන් හමුඋනේ නැතුව නෙවෙයිනේ...ලෝක සෞඛ්‍ය සංවිධානය උනත් කියන්නේ මේ ලොක්ඩවුන් කරන ක්‍රමවේදය හරියන්නේ නෑ කියලා...ජනවාරි මාසේ 900 ඉක්මවා ගිය කොවිඩ් ආසාදිතයන් පෙබරවාරි වෙද්දී 150 කට අඩුකරගත්තේ  රට ලොක්ඩවුන් කරලා නෙවෙයි...අපි දැන් කරන්නේ රට ඉදිරියට යන ගමන් කොවිඩ් පාලනය කරනඑක ඒ ක්‍රමවේදය තුලත් කොටස් කීපයක් තියෙනවා...එකක් තමයි පී.සී ආර් පරීක්ෂන සිදුකරමින් කොවිඩ් ආසාදිතයන් ඉන්නවද කියන බලන ක්‍රමවේදය...දෙවන ක්‍රමවේදය තමයි කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් අරන් නිරොධායනය කරන  ක්‍රමවේදය...මේ දෙක කරනගෙන ඉදිරියට යද්දි අපිට තේරෙනවා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වැඩිවීමක් ආසාදිතයන් වැඩිවීමක් තුලින් සමහර අවස්ථා වලදී මේ තත්වෙන් බැහැර ගිහිල්ලා කොවිඩ් පැතිරීම වැලැක්වීමට ග්‍රාමසේවක වසමක්,පොලිස් වසමක් ඒ ආදීවශයෙන් හුදකලා කරන්න වෙනවා...මේ ක්‍රමය තමයි අපි දකින සාර්ථකම ක්‍රමය...පිළියන්දල පොලිස් වසම හුදකලාවට ලක්කරපු වෙලාවේ විවිධ වෘත්තින් වල පුද්ගලයින් කතා කරලා අහනවා ඇයි මෙහෙම කලේ අපි එදා වේල හොයාගන්නේ කොහොමද කන්නේ කොහොමද කියලා අහලා...එක් පුද්ගලයෙක් කිව්වා කියලා අපි හුදකලා කරන්නේත් නෑ පුද්ගලයෙක් කිව්වා කියලා අපි ඉවත් කරන්නේත් නෑ....මේක තීරණගන්න විශාල කණ්ඩායමක් ඉන්නවා....''

●ගෙවුනු දින කීපයේදී ආසාදිතයන් වාර්තාවීම 70%ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා...මේ එන ප්‍රශණ වලට කොහොමද මූණ දෙන්නේ....?
             '' අපි හැමවෙලේම කියන දෙයක් තමයි බැහැයි කියලා දෙයක් නෑ කියන එක....අපේ රටේ තියෙන සියලුම රෝහලවල් වල ඇඳන් ප්‍රමාණය ගත්තම 86453ක් වගේ සංඛ්‍යාවක් තමයි තියෙන්නේ ඒකෙන් කොවිඩ් වෙනුවෙන් වෙන්වෙච්ච ඇඳන් 5728 වගේ තමයි තියෙන්නේ....හමුදාවේ මේ අපේ තියෙන මේ ආසාදනය වෙන අපේ මේ ජනතාව රැකබලා ගැනීමට ධාරිතාව තව ඉදිරියේදී වැඩි කරන්න බලාපොරොත්තුවෙනවා...බොහෝ දුරට මේ සතිඅන්ත වෙනකොට අපි 20000 ක පමණ වැඩි කරගැනීමට බලාපොරොත්තුවෙනවා.... ''

●ඔබතුමා කිව්වේ ඇඳන් පිළිබඳව නමුත් මේ I.C.U.beds ගැන කතා කරද්දී...ඒ ඇඳ එක්ක නිර්මාණය වෙච්ච වට පිටාවක් තියෙනවා ඒ සඳහා විශේෂ හෙද නිලධාරිනියක් ඕන..දැනටමත් ලංකාවේ ඇඳන් 12කට එක හෙදියක් වගේ තමයි ඉන්නේ..මේ ප්‍රශ්ණෙට විසදුම මොකක්ද?
           ''දැනට ලංකාවේ තියෙන I.C.U.beds ගත්තම දැනට තියෙන 686ක් වගේ සංඛ්‍යාවකින් 110ක් වෙන්කරලා තියෙනවා
කොවිඩ් ආසාදිතයන් වෙනුවෙන්...ඒ 110න් 57 දෙනයි  I.C.U.beds වල ඉන්නේ..කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහලේ මේ
වෙනකොට 38 ක් ලබා දීමට කටයුතු කරලා තියෙනවා...එයින් ඇඳන් 10ක් වගේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ..අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අය ඉතාම කැපවෙලා ඉන්නවා මීට මාස කීපයක ඉදන්ම..ඔවුන් වෙනත් ස්ථාන වලට මාරුකරලා..රෝහල්වලට එන සියලුම දෙනා I.C.U.එකට යන්නේ නෑ..ඒ අයගෙන බොහෙමයක් මේ ඔක්සිජන් ප්‍රශ්ණය මත තමයි එන්නේ...ඉතිං ඒ එන අයට අවශ්‍ය ප්‍රතිකාර දෙන්න පුළුවන් අපිට...''



●ඔබතුමාට ආරංචිවෙනවද රෝහල් වල ඉඩ ප්‍රශ්නේ නිසා හෝ ආසාදිතයින් නිවෙස් වල ඉන්නවා කියලා...?
           ''රජයෙන් එහෙම කිසිම තීරණයක් අරන් නෑ...නමුත් අපි පිළිගන්නවා මේ පසුගිය දවස් වල දවස් දෙක තුන පහුවෙලා රෝහලට ගෙන්ච්ච අවස්ථා තියෙනවා ඔබ කියන දේ ඇත්ත...මේ තත්වය නිසා අපි හමුදාවෙනුත් මේ ආසාදිතයින් රැගෙන ඒමට යොදවලා තියෙනවා...යම්කිසි ප්‍රමාද දෝශ ඇතිවෙලා තියෙනවා..p.h.iමහතාට හරි m o h එකට හරි තමත් ගෙදර ඉන්වනම් 1906 මේ නම්බර් එකට කතා කරලා කියන්න...මේ වගේ තම  නම්බර් දීලා තියෙනවා...මේ රෝගීන් හැකි ඉක්මනින් රෝහල් කරා ගෙන යාමට අප කටයුතු කරනවා...''

●අපිට මේ අවුරුදු රැල්ල කියලා වඩාත් පොදු විශාල පොකුරක් පිළිබඳව නමක් අපිට යෝජනා කරලා ඒ ඔස්සේ කරුණු දක්වමින් යනවා...ඔබතුමාලා දත්ත ලබා ගැනීමේදී දත්ත විශ්ලේෂණය කිරීමේදී යම් අර්බුදයකද ඉන්නේ...?ඇයි හරියටම කියන්නේ නැත්තේ මේ කොයි කොයි පොකුරක් ද කියලා...?
         ''එහෙම අර්බුදයක්නම් නැහැ...අපි සැලසුම් සහගතව තමයි කටයුතු කරන්නේ..ඔබ කියන දේ හරි...පොඩි පොඩි තැන් වලින් තමයි පොකුරු හමුඋනේ...මේ තත්වයේදී සෑම දිස්ත්‍රික්කයකම ආසාදිතයින් වාර්තා වෙනවා පෙර පැවති පොඩි පොකුරු නෙවෙයි හමුවන්නේ...ඒ නිසා අපි පොකුරු 15ක් නම් කරන්න ගියේ නෑ...හැමදාම අපි ආසාදිතයන් වාර්තා කරද්දි ඒ ඒ ප්‍රදේශ වල ආසාදිතයන් වෙන වෙනම වාර්තා කලා...අපි අර්බුදයකට මුහුණපාලා නෑ කිසිසේත්ම...''

●තූත්තුකුඩියේ ඉදන් බෝට්ටුවෙන් ලංකාවට ආව කියලා..කොවිඩ් බෝ කරයි කියන සැකයට කාන්තාවක් අත්අඩංගුවට ගත්තා...නමුත් plane වලිනුත් ලංකාවට එනවා නේද ඒ අයගෙන් කොවිඩ් ආසාදනය වෙන්නේ නැද්ද ?
            ''ඒක බෝ වෙන්නේ නෑ කියන්න බෑනේ කොහෙමත්...ඉන්දියාවේ ඉදලා ලංකාවට ආව පිරිස් අතර විවිධ පිරිස් හිටියා...ඒ අතර සංචාරයට පැමිණි පිරිසත් ආවා... මේ රටේ resistance visa කියලා තියෙනවා ඒ මාර්ගයෙන් හෝ මේ රටේ ආයතන වල රැකීරක්ෂා කරන පිරිස් ඉන්නවා...ඊට අමතරව ඉන්න කණ්ඩායම තමයි නිරෝධායනයට පැමිණි පිරිස්...නමුත් මේ වනවිට ඒ දේවල් නවතලා තියෙනවා... මේ වනවිය නාවික හමුදාවෙන් බොට්ටු විශාල ප්‍රමාණයක් කන්කසන්තුරේ,පේදුරුතුඩුවේ සිට මන්නාරම සිට කොළඹ දක්වා මුහුදු තීරය පුරාවට   නාවික හමුදාව යොදවලා තියෙනවා...ඉන්දියාවේ සිට ලංකාවට පැමිණිමට ඇති ස්ථාන සියල්ල මේ වනවිට ඉඩකඩ අහුරලා තියෙනවා....''

●එන්නත්කරණය සම්බන්ධයෙන් ඉන්දියාවේ SERUM ආයතනයෙ ප්‍රධානියා රට අතහැර පලායනවා කියලා කියනවා...එහෙම අවදියක දෙවන මාත්‍රාව ලබාගැනීම පිළිබදව ගැටළුවක් මතුවෙනවා නේද?
           ''ඒ කෙනා රට හැරගියා කියලා එන්නත් නිෂ්පාදනය නැවතුනේ නෑ..ඒ රටේ පවතින තත්වය යටතේ අපිට එන්නත් මෙරටට ගෙන ඒම නවත්වලා නෑ..නමුත් ටිකක් කල් යනවා මේ එන්නත් එන්න...මේ SERUM ආයතනයෙ පමණක් නෙවෙයිමේ එන්නත් නිෂ්පාදනය කරන්නේ වෙනත් රට වලත් මේ එන්නත නිෂ්පාදනය කරනවා...ඒ රටවල් සමඟ සම්බන්ධවෙලා මේ තත්වය මඟහැරවා ගන්න කටැයුතු කරලා තියෙනවා...SPUTNIK එන්නත් 150000ක් ලංකාවට එන්න තිබෙනවා...අපි මේ එන්නත් තොගය නිසි ආකාරව පරිහරණය කලොත් දවස් 7කින් පස්සේ නැවත මේ SPUTNIK එන්නත්  ලක්ෂ 2ක මාත්‍රා ලැබීමට තියෙනවා...ඊට පසුව දින 10 කට පසු නැවත ලක්ෂ 4ක් මාත්‍රා ලැබීමට තියෙනවා...ජූනි මාසයේ අග වෙනකොට තවත් මාත්‍රා ලක්ශ 8 ලැබීමට තියෙනවා...රජය මේ වනවිටත් මිලියන 13 එන්නත් ලබා ගැනීමට අපි ඉල්ලා තියෙනවා....FIZER එන්නත ඇනවුමටත් අපි කටයුතු කරලා තියෙනවා....ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය රටේ ජනගහනයෙන් 20%කට කුමක් හෝ එන්නතක් පරිත්‍යාග කිරීමට තියෙනවා...මේ අනුව අවම වශයෙන් මිලියන 13ක් මේ රටේ ජනතාවට ලබාදීමට කටයුතු කරලා තියෙනවා...මේ ආව එන්නත් 150000 ගොතටුව,කලපළුවාව, කොලෙන්නාව වැනි ප්‍රදේශ වල යම් පැතිරීමක් පේනවා...ඒවගේ කොවිඩ් පැතිරීමේ අවදානම තියෙන තැන් බලලා තමයි මේ එන්නත ලබා දෙන්නේ....කෙසේ හෝ මේ වසර අවසානය වෙද්දී මේ රටේ ජනතාවට යම්කිසි එන්නතක් ලබාදීමට අප කටයුතු කරනවා...ඇස්ට්‍රෙසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාගැනීම අප අතඅරින්නේ නෑ...''

●මේ තත්ව හමුවේ ජනතාව භේදවෙච්ච ස්වභාවයක් දකින්නට නැද්ද...?එහෙම සිදුවෙලානම් මොකක්ද ජනතාවට දෙන්න තියෙන අවවාදය ඔබතුමාට....?
         ''කාලයක් යද්දි ඒ වගේ දේවල් සිද්ද වෙනවා....පසුගිය කාලේ අපි දැක්ක ජනතාව මේ කොවිඩ් උපදෙස් පිළිපැද්දේ නෑ...මුඛ ආවරණ නොදා පාරේ ගමන් කලා....ඊට පස්සේ මේ ඉන්දියාවේ තත්වය නාලිකා වලින් පෙන්නද්දී ඔන්න දැන් නැවතත් ජනතාව ටිකක් වෙනත් ආකාරයට හැරෙමින් පවතිනවා...පෙර තිබුන කොවිඩ් තත්වය නෙවෙයි දැන් තියෙන්නේ...මේ තත්වෙට අපේ රටේ ජනතාව එකාමෙන් නැඟීසිටින්න ඕන කාලයක් මේක...මම ජනතාවගේන් ඉල්ලා සිටින්නේ ඔබ ඔබගේ මුව ආවරණය පළදගන්න,ශාරීරික දුරස්ථභාවය තබාගන්න,කාර්යාල වලට අත්‍යවශ්‍ය පිරිසක් කැදවන්න,හුදකලා කල  ප්‍රදේශවල අය නිවෙස්වලම රැදීසිටින්න...මේ දේවල් අනුගමනය කරන්න කියලා මම කියනවා...''