
ඉන්දියාවේ වාර්තා වන. COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරිම සදහා අවශ්‍ය තවත් අමතර ඔක්සිජන්, වෙන්ටිලේටර් උපාංග 1,000ක් ලබාදෙන බව බ්‍රිතාන්‍ය නිවේදනය කර තිබේ. එරට විදේශ අමාත්‍ය ඩොමිනික් රාබ් විසින් රූපවාහිනී වැඩසටහනකදී මේ බව ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ඉතාමත් ඉක්මනින්ම මෙම උපාංග ඉන්දියාවට යවන බව ඔහු පවසයි. බ්‍රිතාන්‍ය දැනටමත් ඉන්දියාව වෙත ඔක්සිජන් ටකි 495ක් සහ වෙන්ටිලේටර් උපාංග 200ක් ඉන්දියාව වෙත එවා තිබේ. එසේම ඔක්සිජන් කර්මාත්තශාලා ලෙසින් හැදින්වෙන දැවැන්ත ප්‍රමාණයේ නිෂ්පාදන ඒකක තුනක්ද මෙම භාණ්ඩ අතර පවතින බව පැවසෙයි.මෙහිදී අදහස් දක්වා ඇති බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයා, මෙම අසීරු අවස්ථාවේදී තමන් හැකි පමණින් ඉන්දියාව වෙත උදව් කිරීමට කැපවී සිටින බවත් පවසා තිබේ. මේ අතර G7 විදේශ අමාත්‍යවරුන්ගේ හමුවේදී බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්ද පැවැත්වෙන බව සඳහන් වෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval